20121101

වර්ණ සිද්ධාන්ත





කිරිබත් සහ ලුණු මිරිස් වල
කිරි සහ මිරිස් රස
ප්‍රති විරෝධතා මත රසය දනවයි.
කැවුම් සහ කෙසෙල් ගෙඩි වල
පැණි රසය සංගත වීම නිසා
එක් දෙයක් තනිව අනුභව කරනවාට වඩා
එකම රසයෙහි විවිධ රූප නිසා
ප්‍රියජනක බව තීව්‍ර කරයි.
පළතුරු සලාද සහ හිමකිරම
සංගතරූපී බව උච්ච මිශ්‍රණයකි.
 දීකිරි බඳුනකට කිතුල් පැණි හෝ
දිවුල් කිරි බඳුනකට වැනිලා අයිස්ක්‍රීම්
එක් කිරීමෙන් ඉතා රසවත්
අතුරු පසක් සකස් කරගත හැක.

විවිධ රසයන්ගේ  සංගත භාවය මෙන්ම
විවිධ රසයන්ගේ  ප්‍රති විරෝධතාවයත්
මනාව, රිද්මානුකූලව සංකලනය වීමෙන්
රස තීව්‍ර වීම පසිඳුරන්ටම පොදු රීතියකි.

ඇස මුල් කරගෙන
දෘශ්‍ය රූප රස විඳිනවිට
වර්ණ වලටද මෙවන් තැනක් හිමිවෙයි.
=============================================

මේ ඡායාරූපයෙ අපේ ඇස ඇදෙන
වැදගත්ම සාධකය මිනිසායි.
 කහ පැහැති ඇඳුම ඊට ප්‍රධාන හේතුවක්.
ඔහු නිල් පැහැති ඇඳුමක් ඇඳ සිටියා නම්
මෙතරම් හොඳින් පෙනෙන්නේ නැහැ.

ඇඳුමේ කහ වර්ණය
ආකර්ෂණයට හේතුව ලෙස
තනිව දකිනවාට වඩා
නිල් වලට ප්‍රති විරුද්ධ වර්ණයක් ලෙස
අප දැකිය යුතුයි.

.
වර්ණාවලියේ කහ වර්ණයට
ප්‍රතිවිරුද්ධ වර්ණ වන නිල්, දම් ආදී පසුබිම් වල
කහ වර්ණය මතු වෙනවා.
වර්ණාවලියේ කහ වර්ණයට ආසන්න
වෙනත් වර්ණ සහිත පසුබිමක
කහ වර්ණයට ලොකු විශේෂයක් නෑ.

.

 =============================================

එකම වර්ණයක්
වෙනස් වර්ණවලින් යුතු පසුබිම්වල හැසිරෙන ආකාරය

 
 
එකම වර්ණයක්
වෙනස් වර්ණවලින් යුතු පසුබිම්වල හැසිරෙන ආකාරය
බැලූ බැල්මට විශ්මිතයි.
ඒත්
වර්ණ චක්‍රය සරලව හැදෑරීමෙන්
ඉතාම සරල සිද්ධාන්ත අනුව 
ඒ හැසිරීම නිශ්චය වෙන  අයුරු පැහැදිලි කරගත හැකියි.
  

සොබාදහමේ ඇති වර්ණ රටාව
අපට ඉතාම පැහැදිලිව දක්නට හැක්කේ
දේදුන්නෙහිය.

දේ දුන්නේ ඇති වර්ණ රටාවේ
වර්ණ අතර විවිධ සම්බන්ධතා ඇත.
මෙහි රතු, කහ සහ නිල් යනුවෙන්
මූලික වර්ණ තුනකි.
රතු සහ කහ අතර තැඹිලි පැහැයත්
රතු සහ නිල් අතර දම් පැහැයත්
නිල් සහ කහ අතර කොළ පැහැයත්
දෙවැනි වර්ණ රටා ලෙස දක්නට ලැබේ.
මෙම ගුණාංග මුල් කරගෙන සකස් කරගන්නා
වර්ණ චක්‍රය සරලව හැදෑරීමෙන්
වෙනත් සම්පිණ්ඩණ රීති වලට අමතරව
වර්ණ අතර සබඳතා මත
ඡායාරූපවලට අපූර්වත්වයක් සහ
සුන්දරත්වයක් එක් කරගත හැක.

වර්ණ චක්‍රයෙහි එක් පසෙක වර්ණ
සංගත වර්ණ වන අතර
චක්‍රයෙහි එකිනෙකට මුහුණ ලා ඇත්තේ
ප්‍රති විරුද්ධ වර්ණයන්ය.

1,
සංගත වර්ණ වලට මූලිකත්වය දීමෙන්

2,
ප්‍රතිවිරෝධී වර්ණ වලට මූලිකත්වය දීමෙන්

3,
එක් වර්ණ පරාසයකට වර්ණ වලට මූලිකත්වය දී
අනෙක් පරාසයෙන් කුඩා ප්‍රතිශතයක් යෙදීමෙන්

4,
කළු - අලු පැහැයට බර
උදාසීන වර්ණ වලට මූලිකත්වය දී
දීප්තිමත් පරාසයක වර්ණ යෙදීමෙන්

5,
කළු සුදු ඡායාරූපවල මෙන්
එකම පරාසයක විවිධ තාන අනුපාතවල
වර්ණ යොදා ගැනීමෙන්
ප්‍රියජනක සම්පිණ්ඩණ සකසාගත හැක.


1,
වර්ණ වල ප්‍රමාණාත්මක රිද්මයද
2,
වර්ණ වල ගුණාත්මක රිද්මයද
3,
වර්ණ පදාස හා වර්ණ හැඩතල අතර රිද්මයද
අනුපාතික වශයෙන් දෘෂ්‍ය රූපයකට බලපායි.




Photo by Steve McCurry

මේ ඡායාරූපයෙ තියන බිම ඉහුණ කහපාට
ඡායාරූපයෙ සුන්දරත්වයට බලපානවා.

චිත්‍ර අඳිනකොට
මේ විදියට අරමුණ පසු බිම සමග සංගත කරන්න
අරමුණේ වර්ණ පසුබිමට යොදනවා.

සැබෑ ලෝකයෙත් එවැනි
පරාවර්තිත වර්ණාලෝක
දකින්න පුලුවන්.

පහළ ඡායාරූපයෙ
ඒ වර්ණ පදාසය කළු කලාම
ඡායාරූපයෙ ලොකු වෙනසක් වෙනවා.

මෝටර් රියත් සමග ඒ කහ පදාසය විසින්
පිළිමයට ලබා දුන්න හතරැස් හැඩැති
කහපාට පසුබිම
මෝටර් රියට තනිව ලබා දෙන්න බැහැ.

බලෙන් තියපු ආගන්තුක දෙයක් වගේ
පිළිමය අනවශ්‍ය විදියට මතුවෙනවා.
-------------------------------------------------------------

පසුබිමේ කහපාට සපුරාම ඉවත් කළොත්...
නර්තනයකදි
ප්‍රධාන නර්තන ශිල්පියාත්
නර්තන කණ්ඩායමත් අතර
මනා සහසම්බන්ධය වගේ
ඡායාරූපයක අරමුණත්
පසුබිමත් අතර සම්බන්ධය
ඡායාරූපයකට බෙහෙවින් බලපාන බවට
හොඳ උදාහරණයක් මේ.

 වර්ණය කියන්නෙ
සාධක රැසකින් එක් සාධකයක් විතරයි.

අනිත් සාධකත්
මේ වගේ බලපානවා

===============================================================


විස්තර සහ සේයාරූ උදාහරණ සහිත තවත් ලිපි.
----------------------------------------------------------
සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ  
උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
 රතට රතේ රතු..
වර්ණ රිද්ම සංකලන
_____________________________________________________
  1. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  2. දෘෂ්‍ය කලා රීති
  3. රිද්ම සංකලන රීති සරලව....
  4. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  5. Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
  6. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  7. ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
  8. ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද? 
  9. ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
  10. ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
  11. ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
  12. රීතිවලට යටත්වන්න එපා
  13. රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
  14. ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
  15. සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
  16. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  17. ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
  18. ඡායාරූප ඇල කිරීම හරිද?
  19. ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
  20. නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
  21. රීති බිඳින, අපූර්ව ඡායාරූප..
  22. රීතියද, ඡායාරූපයද?
  23. ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
  24. වර්ණ රටා මනසට බලපානවා.
  25. ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
  26. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..
  27.  ආවරණය -වැදගත් රීතියක් - Clossure

2 comments:

  1. meka nam niyamai.mama godakma dewal igena gatte me wage lipi thaniyama kiyawala.Ithin me wage basics kiya denawa nam apitath honda anagathayak thiyenawa.

    ReplyDelete
  2. Bohoma sthuthi athula sir....

    ~Ishara perera~

    ReplyDelete