20121116

ආවරණය -වැදගත් රීතියක් - Clossure






Sin City චිත්‍රපටය සහ 
චිත්‍ර කතාව නිර්මාණය කළ
චිත්‍ර ශිල්පී Frank Miller
ගේ  

උපදෙසක්.

වැදගත් වන දේ මත...
ඇසට රැඳෙන්නට දෙන්න,
රස විඳින්නට දෙන්න,
එහෙත් ඉතා වැදගත් ක්‍රියාවලියක් වන
ආවරණය - Closure
කවදාවත් අමතක නොකරන්න.


දෘශ්‍යරූපයක පෙන්වනදේ අතරෙ
නොවැදගත් දේ අයින් කරන එක
කවුරුත් කරන සාමාන්‍ය දෙයක්.

ඒත් ෆ්‍රෑන්ක් මිලර් කියන්නෙ
ඊටත් එහා ගිය දෙයක්.

ඔහු කියන්නෙ
අපි රසිකයාටත් සිතන්නට යමක්
නිර්මාණය තුළ ඉතිරි කළ යුතු බවයි.

එම රීතිය "Closure" නමින්
කලා අධ්‍යාපනයෙදි හඳුන්වන බවත්
ඔහු පවසනවා.
"Closure" කියන වචනයෙ සරල තේරුම
ආවරණය යන්නට සමාන වෙන්න පුලුවන්.

 
 
-----------------------------------------ෆ්‍රෑන්ක් මිලර් ගෙ සම්පූර්ණ උපදෙස


වැදගත් වන දේ මත...
ඇසට රැඳෙන්නට දෙන්න,
රස විඳින්නට දෙන්න,
එහෙත් ඉතා වැදගත් ක්‍රියාවලියක් වන
ආවරණය - Closure
කවදාවත් අමතක නොකරන්න.


ආවරණය "Closure" ඔබ කලා අධ්යාපනයෙහිදී
හදාරන දෙයක්.
එනම් ඔබ එහෙම්පිටින්ම ඉදිරිපත් නොකරන
නිර්මාණයෙහි ඉතිරි ටික සම්පූර්ණ කර ගන්නට
රසිකයා පෙළඹවීමයි, ඇවිස්සීමයි.

ඔබ,
කතාව කියන්නා...
ඔබේ නිමැවුම හිතා මතාම
අසම්පූර්ණව තබන්නේ
රසිකයා
ක්‍රියා ශීලී, නිර්මාණශීලී
ක්‍රියාකරුවෙකු බවට පත්වෙමින්
කාර්යය නිම කරන අතර
එය වඩාත් රස විඳින්නට
අවකාශ සලසමිනි..

Read article in English here...
http://frankmillerink.com/2010/4/black-it-out

===========================================

Sin City චිත්‍රපටයේ සහ චිත්‍ර කතාවේ දර්ශන පෙළක්






















Images Copyright - Frank Miller and their respective Copyright holders.
  • ===============================================
    Steve MacCurry says..
    "විශිෂ්ඨ ඡායාරූප කියල මම හිතන්නෙ
    ඔබට අමතක කළ නොහැකි ඡායාරූප .

    ඔබ සමග රැඳෙන ඡායාරූප.
    ඔබට ඉගෙන ගත හැකි ඡායාරූප..
    ඔබ වෙනස් කරන ඡායාරූප.
    හැඟීම්බර කතාවක් කියන ඡායාරූප.

    හොඳ සම්පිණ්ඩණයක්, හොඳ රටාවක්...
    මනාව යෙදුණු වර්ණ, වැදගත්..

    ඒත් මම හිතනවා
    ප්‍රධාන වශයෙන්
    එහි වැදගත් කතාවක්..
    සිත්ගන්නාසුළු කතාවක්
    තිබිය යුතුයි.

    මගේ දර්ශනපථය වෙනස් කරවන
    මා යමක් ඉගෙන ගන්නා දෙයක්..."


    Renowned photographer Steve McCurry describes what makes a great photograph.
===============================================================
හොඳ ටෙලි නිර්මාණයක්

මෙහි දෙබස් ඇසුණා නම් ඔබ විඳින රසය
බෙහෙවින් අඩු වනු ඇති.

දැන් ඔබට හිතා හිතාගන්නට බැරි කුතුහලයක් සිතෙහි ඉතිරිවෙනවා.


===============================================================

"සමහර දේවල්
එක එල්ලේම කියන්නෙ නැතුව
නිවැරදිව මෙහෙයවනකොට
සමහර කරුණු
රසිකයාගෙ සිත තුළදි
එකතු වෙනවා.
එහෙම එකතු කරන්න ඉඩතියලා
ඡායාරූප ශිල්පියා
ඔහුගෙ නිර්මාණය කළ යුතුයි.
එතකොට ඔහුගෙ අධ්‍යාත්මය
අවදි වෙනවා."
-ලාල් හෑගොඩ


No comments:

Post a Comment