20121123

ඡායාරූප ශිල්පීන් වර්ග 3ක්


1, පොහොසත්තු..
ඔවුන්ට සල්ලි තියනවා.
ඔවුන් අලුත්ම සහ මිළ අධිකම උපකරණ මිළට ගන්නවා.

ඔවුන් ඔටෝ මෝඩ් එකෙන් ඡායාරූප ගන්නවා.
ඔවුන් ඊළඟට මැනුවල් මෝඩ් එකෙන් ඡායාරූප ගැනීමෙ මූලධර්ම ඉගෙනගන්නවා.
ඔවුන් හරි කැමතියි ඇපචර් එක ෂටර් එක ගැන කතා කරන්න..( OH සහ ISO ගැනත්.)
ඡායාරූප වලට ටැග්කරලා මිනිසුන්ට වද දෙනවා.
= ප.ලි.-ඔවුහු මිළ අධික කාච සහ ෆ්ලෑෂ් ලයිට් එකතු කරනවා.
ඒවා ගැන කයිවාරුත් ගහනවා.
හැබැයි පාවිච්චි කරන්නෙ නෑ.. :)

2, පීඩිතයෝ
ඔවුන් DSLR තියන අය දැකල එයින් උද්‍යෝගිමත්වෙලයි ඉන්නෙ.
ඔවුන්ට එයින් එකක් අරන් ඉතුරු ජීවිත කාලෙම
ඔටෝ මෝඩ් එකෙන් ඡායාරූප ගන්නයි ඕන.
ඔවුන් සල්ලි එකතු කරනවා..
අනික් ඡායාරූප ශිල්පීන්ගෙන් ගන්න ඕනෙ ලෙන්ස් ගැන අහනවා.
ෆේස්බුක් ෆෑන් පේජ් එකක් පවා හදාගන්නවා.
ඔවුන් තමන්ගෙ ඡායාරූපවලට මිතුරන් ටැග් කරනවා.
හැමදෙකම ඡායාරූප ගන්නවා.

3, නියම බඩු
උපකරණ ගණන් ගන්නෙ නැහැ.
ඔවුන් හිතනවා... ගොඩාක් හිතනවා..
ඔවුන් අරමුණ ගැන සැලකිලිමත්..
ඔවුන්ට ඡායාරූපවලින් වෙනසක් කරන්න අවශ්‍යයි.
එක තේරුමක් ඇති ඡායාරූපයක් ගන්න එළියෙ බොහෝ වේලාවක් ගත කරනවා.
ඔවුන්ගෙ උපකරණ කියල තියෙන්නෙ ඔවුන් කැමති වර්ගයෙ ඡායාරූප ගන්න ඕනවෙන කැමරාවකුයි කාචයකුයි විතරයි.

ඔවුන් ෆොටෝ වලට මිනිස්සු ටැග් කරන්නෙ නැහැ. :D

=========ඔබ මින් කවුද===========

1 comment: