20121101

සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ




ප්‍රති විරුද්ධ වර්ණ
වර්ණ චක්‍රයේ කෙළින්ම එකිනෙකට මුහුණ ලා ඇති වර්ණ

සංගත වර්ණ
වර්ණ චක්‍රයේ එක් පසෙක ඇති වර්ණ

http://www.gonzaloruiznavarro.com/resources/contrast%20vs%20harmony%20colors.jpg
මේ රූප සටහනෙහි
සංගත වර්ණ සහ ප්‍රති විරුද්ධ වර්ණ
වර්ණ චක්‍රය ඇසුරෙන් හඳුනාගන්න

කිරිබත් සහ ලුණු මිරිස් වල
කිරි සහ මිරිස් රස
ප්‍රති විරෝධතා මත රසය දනවයි.
කැවුම් සහ කෙසෙල් ගෙඩි වල
පැණි රසය සංගත වීම නිසා
එක් දෙයක් තනිව අනුභව කරනවාට වඩා
එකම රසයෙහි විවිධ රූප නිසා
ප්‍රියජනක බව තීව්‍ර කරයි.
පළතුරු සලාද සහ හිමකිරම
සංගතරූපී බව උච්ච මිශ්‍රණයකි.

ඇස මුල් කරගෙන
දෘශ්‍ය රූප රස විඳිනවිට
වර්ණ වලටද මෙවන් තැනක් හිමිවෙයි.


1, සංගත වර්ණ වලට මූලිකත්වය දීමෙන්ද
2, ප්‍රතිවිරෝධී වර්ණ වලට මූලිකත්වය දීමෙන්ද
3, එක් වර්ණ පරාසයකට වර්ණ වලට මූලිකත්වය දී
අනෙක් පරාසයෙන් කුඩා ප්‍රතිශතයක් යෙදීමෙන්ද
ප්‍රියජනක සම්පිණ්ඩණ සකසාගත හැක.
වර්ණ වල ප්‍රමාණාත්මක රිද්මයද
ගුණාත්මක රිද්මයද
වර්ණ පදාස හා වර්ණ හැඩතල අතර රිද්මයද
දෘෂ්‍ය රූපයකට බලපායි.

-----------------------------------------------------------
වර්ණ චක්‍රය සහ වර්ණ පිළිබඳව 
වැඩි විස්තර සඳහා වර්ණ සිද්ධාන්ත  ලිපිය බලන්න
-----------------------------------------------------------

ලෝ පතළ Steve McCurry නම්
විශිෂ්ඨ ඡායාරූප ශිල්පියාගේ බොහෝ ඡායාරූපවලින්
වර්ණ වල මෙම ගුණාංගයන් ඔහු රස විඳ ඇති අයුරු පැහැදිලිය.


  


















-------------------------------------------------------------------------------------
වර්ණ පිළිබඳව වැඩි විස්තර සඳහා වර්ණ සිද්ධාන්ත  ලිපිය බලන්න.
-------------------------------------------------------------------------------------

Steve McCurryගේ
තවත් ඡායාරූප සඳහා
මෙම වෙබ් අඩවිය බලන්න. 

_____________________________________________________
  1. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  2. දෘෂ්‍ය කලා රීති
  3. රිද්ම සංකලන රීති සරලව....
  4. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  5. Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
  6. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  7. ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
  8. ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද? 
  9. ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
  10. ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
  11. ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
  12. රීතිවලට යටත්වන්න එපා
  13. රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
  14. ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
  15. සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
  16. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  17. ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
  18. ඡායාරූප ඇල කිරීම හරිද?
  19. ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
  20. නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
  21. රීති බිඳින, අපූර්ව ඡායාරූප..
  22. රීතියද, ඡායාරූපයද?
  23. ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
  24. වර්ණ රටා මනසට බලපානවා.
  25. වර්ණ රිද්ම සංකලන
  26. උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
  27. රතට රතේ රතු..
  28. ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
  29. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..
  30.  ආවරණය -වැදගත් රීතියක් - Clossure


5 comments:

  1. අතුල, ඔබගේ මේ සමාජ සත්කාරය අතිශය ඉහළින් අගය කරමි..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තේනුවර..
      ඔබත්
      Photo talk එකත්
      එහි සාමාජිකයනුත්
      විවිධාකාරයෙන් මීට දායක වුණා.

      Delete
  2. ස්ටීව් මැක්කරි මෙම ජයාරූප වල වර්ණ ස්වභාවික ලෙස ලබන්නේ එඩිට් කිරිමකින්ද? නැතුවද?

    ReplyDelete
    Replies
    1. එඩිට් කරනවා ඇති.. කියල මට හිතෙනවා..
      බොහෝ දුරට පළකරන ආයතනය විසින්
      එඩිට් කරනවා ඇති කියල මම හිතනවා.

      Delete
  3. මට කියන්න තියෙන්නේ මෙච්චරය්.. අපට මේ ලබා දෙන දැනුමට ඔබ තුමට බොහොම පිං

    ReplyDelete