20130119

ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?



ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා වල
ඇද හැදිය යුතුද?

අප ඡායාරූප ගන්නේ කැමරාවෙන් නොවේ.
අපේ මනසින් සහ හදවතිනි.

Arnold Newman

පළමුවෙන්ම විනිශ්චය කළ යුත්තේ
ඇද හැදීමෙන් ඡායාරූපයෙන් දැනෙන රසය,
ඉන් ඇති කරන හැඟීම තීව්ර වේද යන්නයි.
සමහර අවස්ථාවක
ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා වල
ඇද හැදීම වරදක් නොවේ.
By Arnold Newman
ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා වල
ඇද හැදීමෙන් ඡායාරූපයෙන් මතු කරන හැඟීම
තීව්‍ර විය හැකිය.

එවැනි අවස්ථාවලදී
අනිවාර්යයෙන්ම ඇද හැදිය යුතුයි.

ද්විමාන රූපයක් විදියට
පෙන්වනවා නම් ඇරෙන්න
ත්‍රිමාණ රූපයකට තිරස් සිරස් බව
නිවැරදිව තැබීම
රූපය යාන්ත්‍රික කිරීමක්.

කලාවෙදි කෙළින් ඉර යාන්ත්‍රිකයි.
By Arnold Newman
යාන්ත්‍රික බව අරමුණ නම්
සිරස් තිරස් රේඛා කෙළින් තිබිය යුතුයි.

තිරස් සිරස් බව අමතක කරන්න.
ඡායාරූපය ඇතුළෙ පෙනෙන
හැඩතලවල රිද්මය බලන්න.

 Arnold Newman යොදාගන්නා පසුබිම ඡායාරූපයෙහි සිටින්නාගේ
චරිතය හා බැඳුණු පසුබිමක් පමණක් නොව ඡායාරූපයේ සම්පිණ්ඩණයටද දායක වෙයි.
අපි ඇසින් බලන
කොයිම වෙලාවකවත්
තිරස් සිරස් බව හරියටම දකින්නෙ නැහැ.
කාච අනුව අඩු වැඩි වුවත් කැමරාවටත් එහෙමයි.
By Arnold Newman
මේ ඡායාරූප හැදුවොත් අපූර්වත්වය නැසෙනවා.
By Arnold Newman
 තිරස් සිරස් බව අමතක කරන්න.
හැඩතලවල රිද්මය බලන්න.
By Arnold Newman
කාචයෙහි අඩුව නිර්මාණාත්මක ලෙස භාවිතා කිරීමෙන්
මේ ඡායාරූපයට ප්‍රබල අපූර්වත්වයක් ලැබී ඇත.
--------------------------------------------------------------------------------------------
ද්විමාන විදියට පසුබිම පෙන්වනවා නම්
යාන්ත්‍රික බව අරමුණ නම්
සිරස් තිරස් රේඛා කෙළින් තිබිය යුතුයි.
By Arnold Newman

By Arnold Newman
මෙහි පුද්ගලයාගේ ඉරියව්වෙහි රිද්මයත්
පොත් රාක්කයෙහි රිද්මයත් සැසඳෙන හැටි බලන්න.

 සැබෑ ජීවිතේදිත් අපි හිස ඇල කරලා
බලන වෙලාවල් තියනවා.

බොහෝවිට රේඛා ඇල වෙන්නෙ
ඒ ඡායාරූපයෙ හැඟීම දැනවීමට අදාල
ආනතිය ලබාගන්නයි..


තාර්කික මනස දකින හැටි.

 
අධි තාත්වික මනස දකින හැටි.

By Henri Cartier-Bresson
සෑම රීතියකටම වඩා හැමවිටම වැදගත් වන්නේ
නිර්මාණයකින් මතු කරන මූලික හැඟීමයි.
By Arnold Newman
සියලුම රීති වල අරමුණ
දෘෂ්‍ය රූපයකින් මතුකරන හැඟීම තීව්‍ර කිරීමයි.
By Henri Cartier-Bresson
 හැඟීම පවත්වාගන්නට
කුමන රීතියක් වුවද බිඳිය යුතුයි.

---------------------------------

Photo : Steve McCurry
==================================================================
http://mediastore3.magnumphotos.com/CoreXDoc/MAG/Media/TR2/d/1/f/3/PAR256892.jpg
Photo : Raghu Rai.
රඝු රායිගේ ඇද නොහැදුව ඡායාරූපයක්
==================================================================

.


Photo : Raghu Rai.
රඝු රායිගේ ඇද නොහැදුව තවත් ඡායාරූපයක්
ඇද හැදුවොත් මේ මිනිසාත් පසුබිමත් අතර සබඳතාවය බිඳෙනවා.
==================================================================
තවත් මේ හා සබැඳෙන සටහනක්
ඡායාරූපයක වැරදි හැදීම - හරිද?

==================================================================

----------By Dilith Achalan
තිරස් සිරස් රේඛා ඇදවීම නිසා
හැඟීම තීව්‍රවීමට
හොඳ උදාහරණයක්.


මේ කුටියෙ අස්ථාවර බව
තිරස් සිරස් රේඛා ඇදවීම නිසා
ප්‍රබලව දැනෙනවා.


------------------------------------------------------------------------------------


https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/q72/s720x720/1236480_10201461518292759_631980049_n.jpg
Photo By Charith Gunarathna

මේ බෝට්ටුඉදිරියට ඇදෙන්නාක් මෙන් දැනෙන
අපූර්වත්වය දැනෙන්නෙ සිතිජයෙ ඇදය නිසයි..

https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash4/q71/s720x720/1237738_10200640790808902_711046437_n.jpg
සිතිජ රේඛාවත් තව එක ඉරක් විතරයි..අපි මුහුදු වෙරලෙ ඉන්න කොට සිතිජය කෙලින් තියාගන්න කියල
 ඇස් දෙක තිරස්ව තියාගෙන ඉන්නෙ නැහැ..
හිස ඇද කළොත්
සිතිජය ඇදටම තමයි පෙනෙන්නෙ.

මිනිස් මොළය ඒ ඇද හදල දෙනවා.

සමස්ත රටාවට ගැලපෙනවා නම්
සිතිජ රේඛාව කොහොම තිබුණත් කමක් නැහැ.

සමහර වෙලාවට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්..
සමස්ත ඡායාරූපයම බලලයි
තීරණය කළයුතු...


සමස්ත ඡායාරූපය බලන රසිකයන්ට
ඇද පෙනෙන්නෙ නැහැ.



තිරස් සිරස් බව අමතක කරන්න.
ඡායාරූපය ඇතුළෙ පෙනෙන
හැඩතලවල රිද්මය බලන්න.


වෙනත් දේවල් වලින් හැඟීමක් මතුවෙන ඡායාරූප වල
සිතිජයේ ඇදය හැදීම ඡායාරූපයට බලපාන්න පුලුවන්..

===================================================

Buddhika Jayawaredana @ Kirinda, Sri Lanka

    Sanjeewa Weerasinghe 

ඇදය පෙනනව නේද
  
    Athula Siriwardhane .
    මේ ගලෙන් විදින වතුර පාරෙ
    සැර අඩුවෙයි ඇදය හැදුවොත්..
 


    Athula Siriwardhane .
    සමස්ත ඡායාරූපය බලන රසිකයන්ට
    ඇද පෙනෙන්නෙ නැහැ....See More
   


    Athula Siriwardhane .
    වෙනත් දේවල් වලින්
    හැඟීමක් මතුවෙන ඡායාරූප වල...See More
  

    Sajith Fernando .
    මමත් මේ පින්තූරෙ තියෙන විදිහට කැමතියි.
    ඇදට තිබුනට මේ දිය පෘෂ්ඨයක් කියලා,
    එක පාරටම දැණෙන්නේ නැහැ.
    මේ රූපයේ ඇති හැඩතල එයට දායක වෙනවා.
    මෙතැනදි දිය පෘෂ්ඨය හැඩතලයක් පමණයි.

    Sanjeewa Weerasinghe
 
       Sanjeewa Weerasinghe 
ඔන්න මම වෙනස් කල ටිකක් විතර.. 
 බලන්න වෙනසක් තියෙනවද කියල
  
  

    Athula Siriwardhane .
  සංජීව සිතිජ දෙක අමතක කරලා
    ඡායාරූප දෙක සැසඳුවොත්
    වෙනස පෙනෙයි..
    පළමු ඡායාරූපයෙ
    ගල්පර වලට තිබුණ තැන
    දැන් ලැබෙන්නෙ
    ඈත සිතිජයට ඉහළින් තියන වළාකුලට..
    ගල්පරයට විශේෂත්වයක් නැහැ.
   
    Sajith Fernando 

මුල් පින්තූරෙ අනුව මගේ අරමුණ වුනේ ගල්පරය
   

    Athula Siriwardhane
 _____________________________________________________





 Photo by Rajitha perera
මේ වගේ ඡායාරූප වල
ඇද ජ්‍යාමිතිකව හදන්න බැහැ.
ජ්‍යාමිතිකව හැදුවට ඇද නැති වෙන්නෙ නැහැ.
ඇසට දැනෙන විදියටයි
ඇද හදන්න වෙන්නෙ..


_____________________________________________________
  1. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  2. දෘෂ්‍ය කලා රීති
  3. රිද්ම සංකලන රීති සරලව....
  4. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  5. Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
  6. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  7. ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
  8. ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද? 
  9. ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
  10. ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
  11. ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
  12. රීතිවලට යටත්වන්න එපා
  13. රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
  14. ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
  15. සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
  16. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  17. ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
  18. ඡායාරූප ඇල කිරීම හරිද?
  19. නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
  20. රීති බිඳින, අපූර්ව ඡායාරූප..
  21. රීතියද, ඡායාරූපයද?
  22. ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
  23. වර්ණ රටා මනසට බලපානවා.
  24. සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
  25. වර්ණ සිද්ධාන්ත
  26. වර්ණ රිද්ම සංකලන
  27. උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
  28. රතට රතේ රතු..
  29. ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
  30. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..
  31.  ආවරණය -වැදගත් රීතියක් - Clossure



No comments:

Post a Comment