20130106

Shehzad Noorani - ගරු කිරීමත් අනුකම්පා කිරීමත් අතර පරතරය



 http://farm4.staticflickr.com/3073/2537057383_ac4ed7caea_z.jpg?zz=1
මේ Shehzad Nooraniගේ ඡායාරූපයක් 
තමා ගන්නා ඡායාරූප පිළිබඳව
Shehzad Noorani මෙසේ කියනවා
--------------------------------------------
මා ගත් ඡායාරූප මා ගත්තේ
කිසියම් විශේෂ කැමරා හෝ
කාච වර්ගයක් නිසාවත්
මා ලද කිසියම්
විශේෂ ඡායාරූප ශිල්පීය පුහුණුවක් නිසාවත්
නොවන බව මා කිව යුතුමය.

මා යෙදෙන ආකාරයේ
ඡායාරූප ගැනීම සඳහා අවශ්‍ය වන
වඩාත්ම වටිනා ශක්‍යතාවය වන්නේ
මිනිසුන්ට ගරු කිරීමට, ඔවුන් තේරුම් ගැනීමට හා
ඔවුන් සමග එක් වීමට ඇති හැකියාවයි.

මා ඒ අයුරින් ආශීර්වාද ලද්දෙක්මි.

ඡායාරූප වලට පෙනීසිටින මිනිසුන් සමග
මම පහසුවෙන් හැසිරෙමි.

ඔවුන් බොහෝ දෙනෙක් දුප්පත්ය.
එහෙත් මට එයින් අපහසුවක් නොදැනෙයි.

මම "කවමදාවත්" ඔවුන්ගේ දුප්පත්කම නිසා
ඔවුන් දෙස අනුකම්පාවෙන් නොබලමි.

හැමවිටම ඔවුහු
ඔවුන් කවුරුන්ද යන්න පිළිබඳ
අභිමානයෙන් පසුවෙති.


දුප්පත් දැරියකගෙ අභිමානය
http://www.documentingreality.com/forum/attachments/f240/22126d1221761073-afghan-girl-photograph-1992-afgangirl.jpg
Photo by Steve McCurry
 



මට එය තේරුම් ගැනීම හා
ඔවුන් සතු
අසීරුවෙන් දිවි රැක ගැනීමේ ශක්තිය පිළිබඳවත්
ඒ උදෙසා ඔවුන් කළ යුතු බරවැඩ පිළිබඳවත්
ඔවුන්ට ගරු කිරීම
මට ගැටලුවක් නොවේ.

කෙනෙකුට ගරු කිරීමත්
ඔහුට අනුකම්පා කිරීමත් අතර
අතිවිශාල පරතරයක් ඇත.

කිසිවෙකුත්,
ඔවුන් දුප්පත් වුවද
ඔවුන්ට අනුකම්පා කරනවාට
කැමති නැත. - Shehzad Noorani









https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-prn2/q84/s720x720/1238863_10200617414864518_1937655047_n.jpg










-----------------------------------------------------------------
Shehzad Noorani Photo galleries


No comments:

Post a Comment