20131112

පශ්චාත් නූතනවාද, ස්වර්ණමය රීති, පස්මහ බැලුම්




කාලය දීපය දේශය කුලය මව
පස්මහ බැලුම් බලන්නෙ නැතුව
ඡායාරූප විඳින්න.

ඕනෑම කෙනෙක්
අනික් අයගේ වාද වලට අනුව
රීති වලට අනුව
ඡායාරූප විඳින කොට
ඔහුගෙ ඇස් වැහෙනවා.

ඔහු බලන්නෙ
වෙන කෙනෙකුගෙ කෝණයකින්.
------------------------------------------------------------------------------

 මේ ඡායාරූප රස විඳින්න
ඒ ආශ්‍රිත වාද හෝ රීති දැනගත යුතුද?

http://modernartobsession.blogs.com/photos/uncategorized/georgeplattlynes_fashionimage.jpg
නූතන වාදය


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgd6qNU5gmycGKPF9_kFfCIC7BiwncpbjvL4QHUoDzqw-NKolWaOjgs9sesE1_x9Co3MhS6d41Ryr5MkMVhj97XEwWVaAxtM9tLU-LZ39yIn2pbFMSvBQmqm2E05iH5luQI25ImuLC54wQ/s1600/post+2.png
පශ්චාත් නූතන වාදය
 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiz-rJWsoGvoMRa8mMY-SKntHSEZIFEwcbifWzbrf02CZiUPHijmEZh5kMbQyqyR20Ecox504L22pe5ZMIVSE6CaSNv8K9-LgesSL7bIMMR866W3DlKznutwNnPE1InpvgzY9gKmLPcdns6/s1600/callahan_eleanor_small_im.jpg
 

 http://www.infofotografi.com/blog/wp-content/uploads/2012/07/putri-blouvia-model.jpg
 ස්වර්ණමය රීතිය
 ------------------------------------------------------------------------

නූතන වාදය,
පශ්චාත් නූතන වාදය ආදී
සියල්ල හදාරන්න..
ස්වර්ණමය රජතමය ශෛලමය රීති
සියල්ලමත් හදාරන්න.

ඒ වාදවලට අහුවෙන අයට
එහෙම වෙන්නෙ
ඔවුන් ඒ වාද හා රීතිවුණත්
හරියට නොදන්න නිසයි.
ඡායාරූප ශිල්පයෙ රීති වාද සිද්ධාන්ත ගැන
තව කෙනෙක් කියන ඕපාදූප අහලා
ඒ අනුව ඡායාරූප මනින්න හදන කෙනා
අන්ධයෙක්.

අන්ධයෙකුට ඡායාරූප ගන්න බැහැ.

ඉගෙන ගන්න වෙලාවට ගුරුවරයා අදහන්න.
ඔහු නිවැරදිද කියලා
ප්‍රායෝගිකව පරීක්ෂණ කරලා හොයන්න.
ඡායාරූප ගන්න වෙලාවට
ගුරුවරුත්, ඔවුන්ගෙ වචන, උපදෙස් අමතක කරන්න.
ඔබට ඔහු ඔලුව උඩ තියාගෙන
ඔබේ ගමන යන්න වෙලා තියනවා නම්
එයින් වැටහෙන්නෙ
ඔහු නිවැරදිද කියලා
ප්‍රායෝගිකව පරීක්ෂණ කරලා
අවබෝධ කරගෙන නැති බවයි.

ඡායාරූප රසවිඳින වෙලාවට
ඡායාරූප ගන්න වෙලාවට
ඒ වාද රීති ගුරුවරු පොත්පත්
ඔලුවෙන් අයින් කරලා
කුඩා දරුවෙක් වගේ බලන්න.

ඒ වාද රීති සියල්ලම
තමන්ගෙ දෙපයින් ඇවිදින
ස්වාධීන කෙනෙකුට
ආලෝකයක් විතරයි.

ඒ වාද රීති සියල්ල අනුව 
මෙතෙක් ඔහු නොදුටු ගුණාත්මක අගයන්
ඔහුට දකින්න පුලුවන්.
තමන්ගෙ නිර්මාණ වර්ධනයට
උපයෝගී කරගන්න පුලුවන්.

ඒ වාද හා රීති
ඇවිදින්න බැරි කෙනෙකුට
කිහිලිකරු වෙන්නෙ නැහැ.
ඇවිදින්න බැරි කෙනෙකුට
ඔහු ණයට ගත්ත දැනුම
අමතර බරක් විතරයි.

ඇවිදින්න පුරුදු වෙන දරුවෙක්
වැඩිහිටියෙකුගෙ අත අල්ලගෙන
ඇවිදින්න පුරුඩ්ෆ්හු වුණාට
ආදරේට අතින් අල්ලන් ගියොත් මිසක්
ඇවිදින්න පුලුවන් කෙනෙකුට
තවකෙනෙක් අතින් අල්ලන් යන එක
කරදරයක්... වදයක්.

ඡායාරූපයක් රස විඳින වෙලාවට
ඡායාරූපයක් ගන්න වෙලාවට
වෙන අයගෙ පිහිට අවශ්‍ය නැහැ.

ඇහැට පෙනෙන දෙයක් රස විඳින
ඕනම කෙනෙකුට
ඡායාරූපයක් ගන්න පුලුවන්.
ඒත් ඡායාරූපයට
කැමරාවක් තිබුණ පමණින් හෝ
කැමරාවෙ තාක්ෂණය දැනගත් පමණින් හෝ
තමන් දුටු දේ
ඒ අයුරිම සටහන් කරගන්න
පුලුවන් වෙන්නෙ නැහැ.

ඔහු දුටු දේ එතරම් හෝ
ඊටත් වඩා හොඳින්
තව කෙනෙකුට පෙන්වන්නයි
ඔහු තව කෙනෙකුගෙන් හෝ
පොතපතින් ඉගෙන ගතයුත්තෙ.

තමන් දකින දේත්
ඡායාරූපයත් අතර පරතරය
නිවැරදිව පියවා ගන්න
නූතන වාදය,
පශ්චාත් නූතන වාදය ආදී සියල්ලත්
ස්වර්ණමය රජතමය ශෛලමය රීති
සියල්ලමත්
කැමරාවෙ තාක්ෂණයත්
ඔහුට ආධාර වෙනවා.

මේ ඡායාරූපයෙ
අහවල් වාදය,
අහවල් රීතිය තියනවද කියල
අනුන්ගෙන් අහන්න අවශ්‍ය නොවෙන තරමට
ඒ වාද හා රීති හදාරන්න.

ඉගෙන ගන්න වෙලාවට
අනුන්ගෙ ඇස් වලින් බලල ඉගෙන ගන්න.
රස විඳින වෙලාවට,
නිර්මාණකරණයෙ යෙදෙන වෙලාවට
තමන්ගෙ ඇස් වලින් ලෝකය දකින්න.


===========================================

ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්

 


------------------------------ The End ------------------------------

1 comment:

  1. vadagath karunutikak photos walin wagema wachanatikenuth labaganna puluwan , thanks sir..

    ReplyDelete