
ප්‍රශ්නය=
මා අවනිර්මාණ ශීලී බව විශ්වාස කරමි.
නර්තනය හා සිතුවම්කරණය හැර
නිර්මාණ ශීලී විය හැකි දේවල් මොනවාද?
මගේ නිර්මාණ ශීලී බව
සොයා ගත හැක්කේ කෙසේද?
OSHO -
නිර්මාණ ශීලී භාවය
කිසිදු නිශ්චිත ක්‍රියාවලියකට අදාළ නොවේ.
චිත්‍ර ශිල්පය, කවිය, නර්තනය, ගායනය.
එය කිසිදු නිශ්චිත දෙයක් සමග සම්බන්ධයක් නැත.
ඕනෑම දෙයක් නිර්මාණ ශීලී විය හැක.
ඔබ නිර්මාණ ශීලී ගුණය
නිර්මාණ ක්‍රියාවලිය වෙත ගෙන එයි.
නිර්මාණ ක්‍රියාවලිය වෙත ගෙන එයි.
ක්‍රියාවලිය නිර්මාණශීලී හෝ අවනිර්මාණ ශීලී නොවේ.
අවනිර්මාණ ශීලී ලෙස චිත්‍ර ඇඳිය හැක.
ඔබට අවනිර්මාණ ශීලී ලෙස ගායනා කළ හැක.
ඔබට නිර්මාණ ශීලී ලෙස පොළව ඇමදිය හැක.
ඔබට නිර්මාණ ශීලී ලෙස අහාර පිසින්නට හැක.
නිර්මාණ ශීලී බව
ඔබ කරගෙන යන්නාවූ ක්‍රියාවලියට
ඔබ ගෙන එන ගුණයයි.
එය ආකල්පයකි. ඇතුළාන්ත මෙහෙයවීමකි..
එහෙයින් සිහි තබාගත යුතු පළවෙනි දෙය නම්
"නිර්මාණ ශීලී බව
කිසිදු නිශ්චිත දේකටකොටු නොකරන්න" යන්නයි.
ඔහු නිර්මාණ ශීලී නම් ඔහු කරන ඕනෑම දෙයක්,
ඔහු ඇවිදින විට පවා, ඔහුගේ ඇවිදීම තුළ
නිර්මාණ ශීලී බව දැකිය හැකිය.
ඔහු නිහඬව හිඳගෙන කිසිවක්ම නොකර සිටියත් ,
ඒ අක්‍රිය බව තුළ පවා නිර්මාණ ශීලී බව රැඳී ඇත.

බෝ රුකක් මුල හිඳ කිසිවක් නොකර සිටින බුදුන් වහන්සේ
ලොව මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම නිර්මාණ ශීලී මිනිසාය.
නිර්මාණ ශීලී හෝ
අවනිර්මාණ ශීලී වන්නේ
ඔබ බව...
අවනිර්මාණ ශීලී වන්නේ
ඔබ බව...
පුද්ගලයා බව
තේරුම් ගත් පසු
ඔබේ ගැටලුව අතුරුදහන් වෙයි.
--------------------------------------------------------------------------
තේරුම් ගත් පසු
ඔබේ ගැටලුව අතුරුදහන් වෙයි.
--------------------------------------------------------------------------

No comments:
Post a Comment