20131121

Photography Composition වැඩමුලුවක්




Ams Wickrama
ඡායාරූපකරණයේ රීතීන් ඇතුලත් Photography Composition පිළිබඳව මුල සිට දැනුම වර්ධනය කරගැනීම සඳහා වැඩමුලුවක් කිරීමට අදහස් කරමි. මේ සඳහා ඔබගේ අදහස් දක්වන්නේනම් කෘතඥ වෙමි.
===========================================================

     Wikrama.
    මම හිතන්නෙ
    ඡායාරූප ශිල්පීන් බහුතරයක් අතර
    අඩුවෙන්ම ජනප්‍රිය මාතෘකාවයි
    ඔබ තෝරගෙන තියෙන්නෙ.

    හොඳ ඡායාරූප ශිල්පියෙකුට
    වැදගත්ම මාතෘකාවත් මේකයි.

    ඡායාරූප ශිල්පියෙක්
    කැමරාවක් තියන සාමාන්‍ය කෙනෙකුගෙන්
    පැහැදිලිව වෙන් කරන
    ප්‍රධානම සාධකය මෙයයි.

    භාෂාවක අකුරු හා වචන
    රිද්මයානුකූලව පෙළ ගස්වන
    දක්ෂ ලේඛකයෙකුගෙ කාර්යයත්
    ඉංග්‍රීසියෙන් හඳුන්වන්නෙ
    Composition කියල.
    ඒ ආකාරයේ රූප පෙළ ගැස්වීමක් නොකරන
    ඡායාරූප ශිල්පියෙක්
    කැමරාව මානලා ක්ලික් කරනවා විතරයි.

    මේ අංශය හෙළා දකින
    ප්‍රවීණ ඡායාරූප ශිල්පීන්
    විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් නම්
    ඉන්නවා.

    ඒත් ඡායාරූප වැඩ මුළුවක,
    හෝ පන්තියක
    මේ ගැන දේශනයක් හෝ
    කළ බවක් මා අසා නැහැ.

    පහුගිය අවුරුදු කිහිපය තුළ
    මම හෙව්වෙත්, කටයුතු කළෙත්
    මේ මාතෘකාව වෙනුවෙන්.
    මගේ ප්‍රධානම බ්ලොග් එකත් තියෙන්නෙ
    මේ තේමාවෙන්.
    ඒත් Photography Composition
    පිළිබඳව විශ්වාස කරන
    ඒ ගැන සැබෑ උනන්දුවක් දක්වන අය
    මට හමුවෙලා තියෙන්නෙ
    අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්.

    Photography Composition අගය කරන
    කියවන්න, අහන්න ආස අය ඉන්නවා.
    පුහුණු විය යුතුයි කියල හිතන අය නැහැ.

    ඉතිරි පිරිස ඉන්නෙ
    ඒක අවශ්‍යයි කියල නොහිතන අය සහ
    තමන්ට අවශ්‍ය ටික තමන් දන්නවා
    කියල හිතන අයයි.

    නමට හරි
    ඔබ මේ වැඩමුළුව පැවැත්වුවොත්
    මම ඔබට ගරු කරනවා.

    මම කොයි තරම් හැදෑරුවත්
    Photography Composition ගැන
    මගේ දැනුමත් ඉතාම සීමිතයි.

    ඒත් එන්නෙ නැතුව
    කරන්න පුලුවන් උපකාරයක්
    තියනවා නම්
    සීමාවන් තුළ ඉඳන් කරන්නම්.

1 comment:

  1. Photography Composition ගැන තවදුරටත් ලියන්නේනම් අගය කරමි..

    ReplyDelete