20131126

රජීව් ගාන්ධිට පහරදුන් මොහොත ගත් ඡායාරූප ශිල්පියා



ඡායාරූපයක් කියන්නෙ
ගතවෙන කාලයෙන් එක් ක්ෂණයක්.

ඒ එක් ක්ෂණය ඡායාරූපයක සටහන් වීම
රටේ ඉතිහාසයේ එක් වැදගත් අවස්ථාවක්
නොමැකෙන ලෙස සටහන් තබන්නට
හේතුවන්නට පුලුවන්.


  ඡායාරූප ශිල්පියා කියන කතාව:

සේන විදානගම

ජූලි 29 වැනිදා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළා. ඒ ඊට පසුවදා. එනම් 1987 ජූලි 30 වැනිදා. ජූලි 29 වැනිදා ගිවිසුම අත්සන් කළ අවස්ථාව ඬේලි නිව්ස් පුවත්පත නියෝජනය කරමින් ආවරණය කළ ඡායාරූප ශිල්පියා වුණෙත් මමමයි.

30 වැනිදා වෙද්දී රටේ භීෂණ තත්ත්වයක් තිබුණේ. මිනිස්සු මහා උද්ඝෝෂණ කළා. 29 වැනිදා හවස ගිවිසුම අත්සන් කළ පිංතූර ටිකත් දීලා මම ගෙදර යන්න යද්දී අපේ කර්තෘ මණික් ද සිල්වා මහත්තයා මට කීවා සේන හෙට වැඬේටත් ඔයා දාලා තියෙනවා. අමල් ජයසිංහත්  එක්ක අගමැතිගේ කවර් එකට යන්න උදේ 7.30 වෙද්දී ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට යන්න කියලා.

එතනින් අපව අරගෙන ගියේ ජනාධිපති මන්දිරය ඉස්සරහා ස්ථානයකට. එතන ඡුායාරූප ශිල්පීන් වෙනුවෙන් අට්ටාලයක් හදලා තිබුණා. උත්තමාචාර පෙළපාලිය තිබුණේ ජනාධිපති මන්දිරය ඉස්සරහා. එතැන් සිට මීටර් 30ක් පමණ ඈතින් අඩි 8ක් පමණ උස අට්ටාලයක අපි කොටුකරලා හිටියා.

දෙස් විදෙස් ජනමාධ්‍යවේදීන් 75ක් විතර එතන හිටියා. විදේශීය  මාධ්‍යවේදීන්ට අට්ටලායක් තිබුණෙ නෑ. ඒ අය බිම සිටයි වාර්තා කළේ.

උදේ 9.30 පමණ වෙද්දී අපි බලාගෙන ඉන්නවා ආවරණ කටයුතු කරන්න. ඒ අවස්ථාවේදී ජේ. ආර්. ජනාධිපතිතුමා සහ රජිව් ගාන්ධි අගමැතිතුමා ජනාධිපති මන්දිරයේ  මැද ගේට්ටුවෙන් එළියට ආවා. ඒ තවත් මැති ඇමැතිවරුන් පිරිසක් සමග.

ජේ. ආර්. ජනාධිපතිතුමා රජිව් ගාන්ධි අගමැතිවරයාව නාවික හමුදාපතිවරයාට බාරදුන්නා. ඒ උත්තමාචාර  පෙළපාලිය වෙනුවෙන්. ඡායාරූප ශිල්පීන් දිගින් දිගටම පින්තූර ගන්නව. අගමැතිවරයා උත්තමාචාරය පිළිඅරගෙන උත්තමාචාර පිරික්සීමේ අවස්ථාව උදාවුණා.

අගමැතිවරයා පෙළපාලිය පරීක්ෂා කරමින් එද්දී ඇත්තටම ඡුායාරූප ශිල්පීන්  හිටියේ දැන් අවශ්‍ය පින්තූර අරගෙන ඉවරයි වගේ හැඟීමෙන්. අපි කැමරා සූදානම් කරගෙන ඉන්නවා වෙනුවට කැමරා පහත හෙලාගෙනයි හිටියේ. මට මතකයි එදා වේදිකාවේ බන්දු එස්. කොඩිකාර, ඩන්ස්ටන් වික‍්‍රමරත්ක වගේ සහෝදර ඡුායාරූප ශිල්පීන් හිටියා.

දැන් අගමැතිතුමා උත්තමාචාරය පිරික්සමින් යනවා. මට එකපාරටම නිකම් බූට් සපත්තුවක් බිම වැදෙනවා බිම ඇතිල්ලෙනවා වගේ පුංචි සද්දයක් ඇහුනා. ඒත් එක්කම මුල්පේළියේ නාවික හමුදා සෙබළෙක් හෙළවෙනවා වගේ දැක්කා. ඒ මොහොතකින් නාවික හමුදා සෙබළකුගේ රයිපලය ඉහළට එසවිලා අගමැතිවරයා දෙසට පත්වුණා. නාවික හමුදාපතිතුමා ඒ සමගම මැදින් අතදාලා එය වලක්වන්න හැදුවා. අගමැතිවරයාත් ඔළුව අහකට ගත්තා. රජිව්ගේ ආරක්ෂක භටයා මොහොතින් කි‍්‍රයාත්මක වුණා. රයිපලය බිම වැටුණා. 

ඒ දසුන් නෙතට හසුවන්නට ඒ සියුම් හඬ සවන් වැකෙන්නට තත්පරයෙනුත් දශමයක් තරම්වත් වේලාවක් ඉක්ම නොගියේය. ඒ අසුරු සැණින් ඡායාරූප ශිල්පි සේන විදානගමගේ පොළව දෙසට නැඹුරු වූ කැමරාවේ මුහුණත ඉහළට එසවුණේය. ක්ෂණයකි.  සැබැවින්ම ගතවූයේ ක්ෂණයකි. දෙස් විදෙස් මාධ්‍යවේදීන් අතර දවසේ හොඳම ඡායාරූපය අත්පත් කර ගන්නට ගතවූයේ ක්ෂණයකි.

”ඇත්තටම ඒ පහර අගමැතිවරයාට නොවැදුනේ නාවික හමුදාපති ආනන්ද සිල්වාගේ මැදිහත්වීම නිසා. ඔහු එකපාරටම සක‍්‍රිය වුණා. කොහොම හරි ප‍්‍රහාරය මෙල්ල වුණා.

මගේ කැමරාවට හසුවුන ඡුායාරූපයේ රජිව් ගාන්ධිගේ පාදත් නාවික භටයින්ගේ පෙළ ගැසීමත් අතර සුදු කලිසම් කකුල් දෙකක් සහ බූට් සපත්තු දෙකක් පේනවා. ඒ තමා නාවික හමුදපාතිතුමාගේ කකුල් දෙක හා බූට් සපත්තු දෙක.

එදා ඔය අවස්ථාව ආවරණය කරන්නට එන්න පෙර මණික් ද සිල්වා අපේ කර්තෘතුමා මට මෙහෙම දෙයක් කීවා.

සේන ඔතන සිදුවන දෙයට වඩා අමතර දෙයක් සිදුවෙන්නත් පුළුවන්. ගල් මුල් එන්න පුළුවන්. අමුතු පසුබිමක්නේ රටේ තියෙන්නේ. කඩාකප්පල්කාරී වැඩ වෙන්න පුළුවන්, විමසිල්ලෙන් ඉන්න කියලා. ඒ නිසා මොකක් හෝ වෙනස් පින්තූරයක් ගන්න තියෙනව නම් කියන හිතුවිල්ල මගේ හිතේ තිබුණා. නාවික භටයා  යන්තම් සෙලවෙනවා වගේ දකිද්දී මම හිතුවේ ඔහු ක්ලන්තය දාලා වැටෙන්න යනවා කියලා. මම එක පාරටම ඡුායාරූපයක් ගන්න ලෑස්ති වුණේ ඒ නිසා. මෙහෙම සිදුවීමක් කියලා නම් හිතුවේ නෑ.

බන්දු සහ ඩන්ස්ටන් ඇසුවා, සේන ගත්තා... ගත්තා... නේද කියලා. අමල් ජයසිංහ බිම ඉඳන් කෑ ගහලා ඇහුවා සේන පිංතූරය ගත්තා නේද කියලා. මම ගත්තා ගත්තා කීවා. ඒ අවට රහස් පොලිසිය පවා හිටියා. වටේම සිටි පිරිස එක පාරටම මගේ දිහා බැලූවා. මම කියපු වචනවල  බරපතළකම මට තේරුණේ ඒ මොහොතේ. මට පසුතැවීමක් දැනුණා ඇයි මම ගත්තා කියන එක කීවේ කියලා. මම ඒ සැණින්ම සේයා පටය කාටවත් නොපෙනෙන්න ගලවලා මගේ මේස් එක ඇතුළේ දාගෙන කැමරාවට වෙන සේයාපටයක් ඇතුළු කළා.

හැමෝටම ආරංචිය ගියා අපි ළඟ පින්තූරය තියෙනවා කියලා. අපි පයින්ම අපේ පත්තර කන්තෝරුවට ගියා. මම අමුතු ආවේගයකින් ආවේ. කෙලින්ම ගියේ ‘ලැබ්’ එකට. ගිහින් සේයාපටය දුන්නෙත් විශ්වාසවන්තම කෙනෙකුට. පිංතූරය හරියට වැදිලද? හොඳට තියෙනවද මේ වගේ එක එක කල්පනා හිතට එනවා. පින්තූරය බලනකම් හදිස්සියි. අමල් ජයසිංහ කෙලින්ම ගියේ මණික් ද සිල්වා කර්තෘතුමා හමුවන්න. ඒ ගිහින් සිද්ධිය කියලා, සේන පිංතූරය ගත්තා කියලත් කියලා.

 මම සේයාපටය බැලූවා. පිංතූරය හොඳට තියෙනවා.

 10-12 පිංතූර දෙකක් අරගෙන මම ගියා මණික් ද සිල්වා මහත්තයා ළඟට. ඒ වෙලාවේ අපේ සභාපතිතුමත් ඇවිත්. සභාපතිතුමාට මණික් ද සිල්වා මහත්තයා කතාව කියලා තිබුණත් පිංතූර දකිනකම් මේ සිද්ධිය විශ්වාස කළේ නෑ. පිළිනොගන්න හේතුව තමා ජනාධිපතිතුමා ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී මාධ්‍ය ප‍්‍රධානීන් සිදුවුණේ කුමක්ද අහද්දී මොකුත් සිද්ධ වුණේ නෑ කියලා සිද්ධිය වසන්කර තිබීම.

සභාපතිතුමා කීවා මේ පින්තූරය වෝඞ් පෙදෙසට ගිහින් ජනාධිපතිතුමාට පෙන්වලා අවසර අරගෙන හැරෙන්න පල කරන්න එපා කියලා. මට ඒ වෙලාවේ දුකක් දැනුණා පිංතූරය පල නොවෙයි ද කියලා. ඒ වෙලාවේ කර්තෘතුමා ඒ ගැන වාද කළා. අන්තිමේදී පිංතූරය ජනාධිපතිතුමා ළඟට අරගෙන ගියා. ඒ වෙද්දි මේ සිද්ධිය ජාත්‍යන්තරයට ගිහින්  ඉවරයි. එම නිසා පල කරන්න අවසර ලැබුණා.

මේ පින්තූරයට විදෙස් මාධ්‍ය ආයතනවලින් පවා මට ප‍්‍රසංශා ලැබුණා. ඒ වගේ එදත් අදත් මාධ්‍ය මෙය පාවිච්චි කළා. පිංතූරය විශාල ප‍්‍රමාණයෙන් මා සේවය කළ පුවත්පතේ පළ වුණා. රහස් පොලිසිය ප‍්‍රශ්න කළා. හමුදා අධිකරණය ඉදිරියෙත් මාව ප‍්‍රශ්න කළා.

රහස් පොලිසිය මට ප‍්‍රශ්න කිරීම සඳහා එන්න කීවාම අපේ කර්තෘතුමා කීවා ඔබලාට  ඕනෑනම් මෙහෙට ඇවිත් ප‍්‍රශ්න කරන්න මගේ ඡායාරූප ශිල්පියා මම එවන්නෙ නෑ කියලා. ඔහු කතුවරයෙක් විදිහට කොන්ද කෙලින් තියාගෙන අපට එන ප‍්‍රශ්නවලදී අපිව ආරක්ෂා කළා. අප වෙනුවෙන් කතා කළා. රහස් පොලිසිය ඇවිත් ප‍්‍රශ්න කළා. ”ඔබගේ කවුරු හරි  නාවික හමුදාවේ ඉන්නවද, කොහොමද දැන ගත්තේ මෙහෙම දෙයක් වෙනවා කියලා. ඔබ විතරක් මේ පින්තූරය ගත්තේ කොහොමද?” මේ විදිහට දිගින් දිගටම ප‍්‍රශ්න ඇහුවා. ”සේන විදානගම කියයි.

අදටත් ඒ සේයාරුව ඔහුගේ වෘත්තිය ජීවිතයේ අමරණීයම මතකයයි. එමෙන්ම ඉතිහාසයේ එක්තරා දවසක් පිළිබඳව ශේෂව ඇති එකම රූපමය සාක්ෂියයි.
 ------------------------------------------------------------------------------------------------
සටහන - සංජීවිකා සමරතුංග
Source http://www.lankadeepa.lk/index.php/articles/158424
 ==================================================


1987 ජුලි 30වැනිදා ජනාධිපති මන්දිරය ඉදිරිපිටදී ආචාර පෙළපාලියක් පවත්වන ලදී. එවිට උත්සවය ආරම්භ වූයේ උදෑසන 9.30ට පමණය. උත්සවය අවසන් වුයේ උදෑසන 10.15ටය. දෙරටේ ජාතික ගී ගායනා කිරීමෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධානියෙකු සමඟ පෙලින් පෙලට ගමන් කරමින් සිටියදී ලුතිනන් මැන්ඩිස්ගේ අණ පරිදි සම්මාන මුරයට සහභාගිවූ නාවික සෙබළ විජිත රෝහණ විජේමුණි සිය රයිෆල් බදින් ඉන්දීය අගමැතිවරයාගේ හිසට පහරක් එල්ල කලද එය වලක්වා ගැනීමට ඔහුගේ ආරක්ෂකයින් සමත් විය. එහෙත් එම පහර අගමැතිවරයාගේ උරහිසට වැදිණි. රජීවි ගාන්ධි ආපසු දිල්ලියට කලින් යොදා ගත් පරිදිම පෙරවරු 11.30ට කටුනායකින් දිල්ලිය බලා පිටත් විය. කොටුවේ සිට කටුනායකට ගියේද හෙලිකොප්ටර් මගිනි. සෝනියා ගාන්ධි ඒ වන විටත් කටුනායකට පැමිණ තිබිණි.


ගිවිසුම අත්සන් කරන අවස්ථාව වන විට ඉන්දිය යුද නෞකා දෙකක් ඕනෑම දේකට සූදානම් බව අගවමින් කොළඹ අවට මුහුදේ සැරි සැරීය. ගිවිසුම අත්සන්කර පැය කිහිපයක් ගත වීමටත් පෙර ඉන්දීය හමුදා භටයින් 7,000ක් රැගත් ගුවන් යානා සහ නැව් යාපනයට ඉන්දීය හමුදා සේනානාංක වශයෙන් ගොඩ බටහ.  එහි නායකත්වය ගත්තේ ඉන්දීය යුධ හමුදාවේ ලුතිනන් ජනරාල් දීපේන්ද්‍ර සිංය. ශ්‍රී ලංකා යුධ හමුදා භටයින් සියළු දෙනාම ඉන්දීය යුධ ප්‍රවාහන ගුවන් යානා මගින් කොළඹට ගෙන එන ලදී.

නාවික භටයා අගමැති ගාන්ධිට පහරදුන් “ඓතිහාසික” අවස්ථාව සේයාරුවේ සටහන් කරගැනීමට සමත්වූ එකම ඡායාරූප ශිල්පියා වූයේ ඩේලි නිවුස් පුවත්පතේ මාණ්ඩලික ඡායාරූප ශිල්පී සේන විදානගමය. එහි සිටි දෙස් විදෙස් සිය ගණනක් ඡායාරූප ශිල්පීන් අතරින් ඔහු ගත් ඡායාරූපය ලොව පුරා ප්‍රචලිත විය. සේන විදානගම ඇතුළු ඡායාරූප ශිල්පීන්ට වෙන්කර තිබුණේ ආචාර පෙළපාලියට මීටර් 30ක් පමණ දුරින් සකස්කල අට්ටාලයකය. දිවයින පුවත්පතේ ජේෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර සමඟ එය වාර්තා කල සෙසු මාධ්‍යවේදීන් අතර ලියුම්කරුද බන්දු එස්. කොඩිකාරද විය.

ඉන්දීය අගමැතිවරයාගේ දකුණු පසින් ගමන් කලේ වයිස් අද්මිරාල් ආනන්ද සිල්වාය. දකුණු පස ඉන්දීය සුපිරි කායාරක්ෂක කමාන්ඩෝ බටයෝ කිහිප දෙනෙකු සිටියහ. රයිෆල් බදින් සෙබළ විජේමුණි පහර දුන්නේ එවිටය. එක රැයකින් පත්තර ලෝකයේ වීරයෙකු වූ සේන විදානගම සිය ඡායාරූපය කැමරාවේ සටහන් කරගත්තේ එවිටය. තමාගේ ඡායාරූප රීලය  මේස් කකුලේ සඟවාගෙන ලේක්හවුසියට පැමිණි විදානගම ඩේලි නිවුස් කර්තෘ මණික් ද සිල්වාට එය භාර දුන්නේය. ලේක්හවුසියේ එවකට සිටි සභාපති රණපාල බෝධිනාගොඩ ජනාධිපති ජයවර්ධනගේ අවසරයෙන් පසු එය පලකිරීමට පසු අවසර දුන්නේ එදින මහරෑය. පසුදා ලේක්හවුසියේ අගනුවර මුද්‍රණවල පමණක් එය පළවී තිබිණි.

රජිව් ගාන්ධිට පහරදීම පිළිබද වගකිම දේශ‍ප්‍රේමි ජනතා ව්‍යාපාරයේ නිල පුවත්පත වූ වෙඩි හඬ මගින් පිළිගෙන තිබිණි. එමෙන්ම එදින සවස් වරුව වන විට ඇදිරිනීතියද නොතකා ඒ පිළිබද වගකිමේ ලිපි මාධ්‍ය වලට කිර්ති විජේබාහුගේ අත්සනින් යුතුව නිකුත් කර තිබිණි. එහෙත් පහර දුන් සෙබලා නිදහසින් පසු කියා සිටියේ මව්බිමට ආදරය ඇත්තෙකු වශයෙන් තමා ඒ ක්‍රියාමාර්ගය ගත් අතර කිසිදු පක්‍ෂයක හෝ සංවිධානයක සාමාජිකයෙකු නොවන බවය.

රජිව් ගාන්ධිට පහර දුන් බල නැවි(ගුවන්විදුලි කාර්මික ශිල්පි) විජිත විජේමුණි රත්ගම බූස්සේ උපන් අතර එවකට 22හැවිරිදි විය. නම දෙනෙකුගෙන් යුත්  පවුලේ පස්වැනියාය. ගිංතොට මහ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකි. නාවික හමුදාවේ රැකියාවට පැමිණියේ 1985 අප්‍රේල් 19වැනිදාය. ත්‍රිකුණාමලයේ සාගරික විද්‍යාලයේ ප්‍රථම පුහුණුව ලැබිය. රජීව් මැරීමේ චේතනාවක් නොතිබුණු බවද ඔහු කල බලහත්කාර ක්‍රියාව පිළිබදව ජාත්‍යන්තර වශයෙන් අපහාසයක් ලබාදීමට එය සිදුකල බවද හෙතෙම යුධ අධිකරණයේදී කියා සිටියේය. හිටපු කථානායක ස්ටැන්ලි තිලකරත්න, ඩොනල්ඩ් හේවාගම, සරත් විජේසිංහ, සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු නීතිඥයින් රැසක් ඔහු වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් පෙනී සිටියහ.

නඩු විභාගයේදී පළමු චෝදනාව වූ රජිව් ගාන්ධි මරා දැමීමට තැත් කිරිම පිලිබදව ඔහු නිවැරදි කරු වූ අතර අනියම් මිනීමැරීමට බරපතල වැඩ සහිතව වසර 06ක සිර දඬුවමක් යුධ අධිකරණය නියම කළේය.  පසුව ඔහු ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් පිරිනමන ලද විශේෂ සමාවක් යටතේ 1990 අප්‍රේල් 03වැනිදා මුදා හරිනු ලැබීය. හිරගෙදර සිටියේ වසර 2 මාස 04ක් පමණි.
---බන්දු එස්. කොඩිකාර


===========================================================
A Moment in Time


By Thulasi Muttulingam

Twenty five years ago, the then Indian Prime Minister Rajiv Gandhi arrived in Sri Lanka to sign a treaty with Sri Lanka. There was significant political tension about the political developments taking place at that time and anti-India sentiments ran high.

Gandhi signed the Indo-Lanka Peace Accord with the then President J R Jayawardene on 29 July 1987. The next day, 39 July, he was receiving a guard of honour where the visiting dignitary was assaulted on the head with a rifle butt by a young Sinhalese naval cadet named Vijayamunige Rohana de Silva.

A lot of water has flowed under the bridge since then.  The debate continues to date about the possible successes and failures of the Indo- Lanka Peace Accord. What it has achieved and what it hindered is still heavily disputed but amidst all this miasma of confusion, one success story stands out- of Sena Vidanagama, then staff photographer of the Daily News who captured the riffle assault in a split second.

Whatever the accord did or did not achieve, Vidanagama put Sri Lankan photojournalism on the international map with one click.

The only photographer to have photographed that history-making moment where India’s Head of State was riffle- assaulted by an ordinary navy cadet, Vidanagama was at that time a little known photographer employed by the Associated Newspapers of Ceylon Ltd, better known as  the Lake House Group.

The internal strife in Sri Lanka and India’s subsequent forcible intervention was international news at that time. As such, Vidanagama was one of a large group of photojournalists covering the event. There were foreign photographers of international stature and repute in that group. Yet he alone took that one picture, now internationally famous, of that assault on Rajiv Gandhi as it was occurring. The attack was so sudden that all the other photojournalists had been caught by surprise and missed the opportunity.

Eventually it was Vidanangama’s picture that made it not only to the Daily News (though it almost didn’t get exposure even there, read on), but also to several other publications both locally and internationally. He who had been struggling for years to be recognized as a photojournalist made that name overnight.

As an interview with the now retired veteran bears out though, it was not a matter of luck but more of dedication and focus despite adverse circumstances. He had been rather annoyed that day as the raised dais on Janadhipathi Mawatha to which the photojournalists had been relegated to cover the event of Gandhi’s departure, had very limited options for him to move around and find a vantage spot. The movie cameramen and international photographers had taken up all the best possible spots at the front of the dais and he being a little known photographer then, had to be content to snap pictures from behind them.

Most of the cameramen had only expected to take routine shots of a VIP departure. They had finished clicking Rajiv Gandhi, J.R Jayawardene and their entourage emerging from President’s House. After many ceremonial photo opportunities, there was a lull as Jayawardene and the others moved to another pavilion while Rajiv inspected the Guard of Honour, escorted by the Sri Lankan Navy Commander on his right and by his security officers from behind. As he began moving down the Guard of Honour too, several photos were clicked. The photographers, thinking that the photo opportunities of that particular ceremony had been exhausted had brought down their arms for a rest by the time Gandhi was halfway down the inspection.

Vidanagama, an experienced news photographer had become conditioned to being always on the look-out for untoward happenings that he might need to click at a moment’s notice. Even he might have relaxed at this juncture though if not for his editor Manik de Silva’s words of advice that morning, ringing in his ears.

“He told me to be on the look-out as the situation was such that ‘anything could happen.’ The Sri Lankan Freedom Party (SLFP) and the Janatha Vimukthi Peramuna (JVP) had organized protests against the accord and the whole nation exuded tension.
And so, even though it was supposed to be just a ceremonial procession for a departing VIP, I was on alert to catch anything at all out of the ordinary.”

Vidanagama too had finished clicking Rajiv Gandhi inspecting the Guard of Honour but kept watching him as he moved down the line of sailors.

“I acted reflexively when I saw one of the men move from the orderly line of sailors that Gandhi was inspecting. I really had no time to understand or process what was happening. I simply raised my camera and clicked.

At the back of my mind, I had a vague notion that the sailor was fainting but after all, even that was news. I had no idea at that point that I was clicking an assault. It all happened very fast. The sailor had raised his rifle butt and brought it down as Gandhi passed by. Two things saved Gandhi. His own quick reflexes which made him duck his head and turn sharply as well as the navy commander acting quickly to pull back Vijitha Rohana, the navy cadet. The combined action made the rifle butt strike only the back of Gandhi’s shoulder instead of his head. The rifle slid out of Rohana’s hand after striking Gandhi. Gandhi’s lead security officer immediately pounced forward and punched Rohana on the stomach. It was mayhem all of a sudden but it was all over within a few minutes.

The other sailors and the security team immediately surrounded Rohana, berating him and then whisked him away.  The manual cameras of that time being not so refined as the ones of today, Vidanagama could not take all of the action shots.

“I had to crank my Asahi Pentax before each new shot, to focus properly and thus lost out on quite a few. If I had had the camera equipment of today, I could have gotten almost all of the action.”

Despite that, he did manage to get some shots of the immediate aftermath. One of them shows a very young Rohana – he was only 22 at the time – being aggressively pushed back against a post, his collar bunched up in an angry fellow sailor’s fist.

There are also shots of Rajiv Gandhi displaying serene aplomb after the incident, calmly taking part in the rest of the ceremony before taking his leave.

“The media in a frenzy rushed to President Jayawardene to query what had happened,” recalls Vidanagama. “He had been in another pavilion at the time, he really couldn’t have known what was happening. He immediately soothed everyone, saying that it was just a mishap and the sailor had suffered heatstroke and fallen down. Rajiv Gandhi standing next to him, remained with a passive face, and said nothing.

The reporter covering the event with me was Amal Jayasinghe. He had been covering the event from the ground as only the photojournalists were up on the six- foot- high dais. After the melee was over, he called up at me to ask if I had gotten the crucial shot and jumped up and down in joy when I confirmed I had.”

The event had begun at 9.00 am and it was now around 10.30. The proceedings had wound down, so they decided to get back to office to develop the pictures, in time for the provincial edition. “More importantly, we wanted to see what kind of pictures I had. Even I wasn’t certain at that point.”

News had gotten around already that Vidanagama might have been the one to click that one crucial picture. Fearing that it might be confiscated by the CID, the quick-thinking photojournalist removed the film roll, shoved it down his right sock, and then ran all the way back to Lake House together with Jayasinghe.

“Even as we were waiting for the lab technicians to process the prints, calls started coming in from other newspaper editors and international agencies on whether it was true that we had the picture of the assault – and if so whether they could have it too.”

Since J. R Jayawardena had told the media that it was just a sailor suffering heat stroke, all the editors were on tenterhooks to see if the photos would prove otherwise.  As soon as the film was processed, ‘the photo’ was developed it into two sets of 8 x 10 prints – one each for their Sinahala and English daily papers. Then the duo ran to Manik de Silva’s office with it.

De Silva happened to be on the phone and in the middle of an argument as they walked in. The person at the other end was the then Chairman of Lakehouse,  Ranapala Bodinagoda. He also happened to be J.R Jayawardena’s right hand man.

Jayawardene and de Silva were having an argument on whether the incident that morning was an assault or the unfortunate result of a heatstroke. Bodinagoda was insisting that it was simply a heatstroke and that was how the newspaper should carry it. In the middle of this conversation, Vidanagama quietly handed over the photos to his editor, who responded, “Well I now have the photos in my hand which proves it was an assault.”

The Chairman immediately came over to the Editor’s office and confiscated the photos, saying “we can’t publish these without J.R Jayawardena’s permission.”

Bodinagoda took them away to the president’s residence in Ward Place, to show him.  “For a while, it looked as if my pictures might not see the light of day and I was very upset. Apart from having captured some unique photos which no-one else had, it was also a story of both national and international interest.”

In any case, the BBC and other international agencies reported it on the evening news as an assault and thus it was perceived as useless to go on denying it any longer. Moreover, the movie cameras of not only Rupavahini but also Doordarshan had captured the incident clearly.

So, though THEY had long missed the provincial edition, permission was granted late at night to use the photographs for the city edition. The published pictures brought widespread appreciation both locally as well as internationally.

The ordeal still wasn’t over though. The next day, the CID called and ordered the newspaper’s editor to send Vidanagama for interrogation at the infamous ‘fourth floor.’ Manik de Silva refused and told them that if they wanted to interrogate the photographer, they would have to come over themselves and perform their duty at Lake House.

“They came over and grilled me for over an hour. The first question was, ‘do you have any relations in the Navy?’ The next one was ‘how did you know that the attack was going to take place?’ They kept asking me in different ways what the attack was about and how I knew about it. I told them I had no idea what the cadet was doing but my capturing what he had done on camera was simply the result of doing my own job properly.”

They were eventually convinced that the photographer had no prior knowledge of what was about to happen; the next week, he was asked to give evidence at Rohana’s court martial where the same questions were asked all over again.

“Despite these stresses though, my professional career had just soared. I was getting accolades and offers of a job from different agencies. Both Amal and I eventually ended up at the AFP. He is the bureau chief there now while I ran their photo desk singlehandedly – it was a one- man show, for 17 years before retiring in 2005.”
2012-07-29 17:26:00 Hits: (503) Comments (0)
Other Images

No comments:

Post a Comment