20130512

Ciro Totkuගේ Abstract ඡායාරූප කලාව



Abstract  ගතිය තියන දුර්වල ඡායාරූප තියනවා.
Abstract  ගතිය තියන සාමාන්‍ය ඡායාරූප තියනවා.
හොඳ Abstract  ඡායාරූපයක් වෙන්න නම්
අප තුල විවිධාකාර ප්‍රබල චිත්ත රූප ඇති කළ යුතුයි.

මේ බෝට්ටුවක් නොවන බව ඔබ දන්නවා.
එහෙත් ඔබේ විඥ්ඥාණයෙ තැන්පත්ව ඇති
බෝට්ටු සහ මුහුදු වෙරළෙහි ඡායාරූපවල දත්ත විසින්
ඔබට කරන බලපෑමෙන් මිදෙන්නට ඔබට බැහැ.

මෙහි නිර්මාපක ඡායාරූප ශිල්පියා වන
Ciro Totku
මේ ඡායාරූපය හඳුන්වා ඇත්තේ
සුළි සුළඟ ලෙසයි.
මා මෙය දකින්නේ ගසක් ලෙසයි.

විඥ්ඥාණය ඇසුරෙන්
මෙවැනි විවිධ රූප මවා ගන්නට හැකි වීම
Abstract ඡායාරූප වල එක ගුණයක්..


හොඳ Abstract ඡායාරූපයක් වෙන්න නම්
අප තුල ප්‍රබල චිත්ත රූප ඇති කළ යුතුයි.
ප්‍රබල Abstract ඡායාරූපයක්
අපි තල දෙකක අතරමං කරනවා.
අපට සැබෑදේත් පෙනෙනවා.
නමුත් හිත කියන්නෙ වෙන දෙයක්..



Abstract  කලාවේ ගුණාංග
ප්‍රාග් ඓතිහාසික යුගයටත් ඈත සිට
අපි ජීවත් වෙන සමාජය දක්වාම
මිනිසුන් අතරත් ව්‍යවහාරයෙහි පවතිනවා.

"ඔන්න ඉතින් එපා වාහෙට හොදි බෙදනවා" කියද්දී
එම සංසිද්ධිය තුළ කාගේවත් වාහෙ කෙනෙක් හෝ,
හොද්දක් හෝ, හොදි බෙදීමක් නැති වුවත්
එම සංසිද්ධිය සිදුවන පරිසරයෙහි වෙසෙන්නන්
එම වදන් පෙළෙන් කියවෙන්නේ කුමක්දැයි
මනාව වටහා ගනිති.

මැක්සා පට්ට අනිවා ආදියෙහි වුව
එම ගුණය අඩංගු යැයි කිවහැක.

Abstract  ගුණයම භාවිතා කොට
සාමන්‍ය කලාත්මක නිර්මාණද ඉදිරිපත් වෙයි.
-වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි,
-මක් කරන්නද පැංචියේ.
-ගුරුතුමී මා සිසුවියයි ඔබ,
-ඒත් අපි එක ප'න්තියේ"
කියද්දී අපි මවා ගන්නා රූපය
රචකයා අපට වචනවලින් පෙන්වන රූපය නොවේ.
මෙහි ප්‍රබලම ප්‍රකාශය වන
ගුරුතුමී මා සිසුවියයි ඔබ,
ඒත් අපි එක පන්තියේ" යන්නෙන්
සිංහල දෙමළ ජන වර්ග දෙකම
යුද්ධයෙන් පීඩා විඳින එකම පන්තියක් විනා
එකම පන්තියක ගුරුතුමියක් හා සිසුවියක් නොවන බව
රස වින්දනයෙන් හා පවතින සමාජයෙන් පන්නරය ලද
පුළුල් මනසක් ඇත්තා පහසුවෙන් වටහා ගනී.
එම යුද්ධය ගැනම
ප්‍රචාරය කළ
මියගිය දරුවෙක් වඩාගෙන
ක්‍රෝධයෙන් බෙරිහන් දෙන
පියෙකුගේ මළ අඳෝනාවෙන් මෙන්
අප ද්වේශයෙන් අන්ධ කොට
සමස්ත දෙමළ ජනතාව
ඝාතනය කල යුතුය යන
ම්ලේච්ඡ, ත්‍රශ්චීන චින්තනයෙන්
අප සිත් දූශ්‍ය නොකරන
"ගුරුතුමී මා සිසුවියයි ඔබ,
ඒත් අපි එක ප'න්තියේ" යන සරල වැකි දෙක
අප සිත් සිංහල දමිල දෙවර්ගයම පිළිබඳ
මානව දයාවෙන් සිත තෙත් කරවයි.
සුවපත් කරවයි.

"සිංහල දෙමළ ජන වර්ග දෙකම
යුද්ධයෙන් පීඩා විඳින එකම පන්තියක්ය"
යන අමු වදනින් අප තුළ ජනිත නොවන
සියුම් භාවයන් කුළුගන්වා
එම අමිහිරි සත්‍යය මුදු මොළොක් ලෙසත්,
ඉතා ප්‍රබල ලෙසත් අපට පසක් කරදී
දෑසට කඳුලු නැංවීමට හැකිවන්නේ
එම සරල සුගම වදන් පෙළ තුළ
සැඟවුනු සැබෑ සත්‍යයෙන්
අප සසල වන බැවිනි.

මේ ගුණය ඡායාරූප කලාව සඳහා
භාවිතා වන අයුරු සොයා බැලීමට 
Ciro Totkuගේ ඡායාරූප අගනා නියැදියක්.






 






































 





















 









විඥ්ඥාණය 
එකම දේකින් අපට විවිධ රූප මවා දෙන ආකාරය

උදේ 10ට එකම අව්ව
නුවරඑළියට හා කොළඹට පතිත වෙනවා.
උෂ්ණත්වමාපකයක්
ඒ දෙපලෙම පෙන්වන්නෙ
එකම උෂ්ණත්වයක්
කියා උපකල්පනය කරමු..


ඒ අව්වෙන් දැනෙන එකම උෂ්ණත්වය
කොළඹ හා නුවරඑළියෙ ඉන්න දෙදෙනෙකුට
දැනෙන්නෙ එකම විදියකටයි.

ඒ දෙදෙනා විඳින්නෙ දෙවිදියකටයි.

මතක තබාගන්නෙ දෙවිදියකටයි.

කොලඹ පරිසරයට සාපේක්ෂව
කොළඹ ඉන්න කෙනාගෙ ගත රත් වෙලා තියෙන්නෙ.
කොළඹ ඉන්න කෙනාට ඒ අව්වෙන් දැනෙන වේදනාව
දුක්ඛ වේදනාවක් විදියටයි දැනෙන්නෙ.
ඔහු ඒ වේදනාව හඳුනාගන්නෙ
දුකක් විදියටයි.
ඒ අනුව ඔහු කයට දැනෙන තාපය
අප්‍රිය කරනවා.
ඔහු කොළඹට සාපේක්ෂව
ඒ වේදනාව අප්‍රිය කරනවා.
ඒ අප්‍රිය බව ද්වේශ සංස්කාරයක් විදියට
ඔහුගෙ විඥ්ඥාණයෙහි සටහනක් තබනවා.

ඔහු ඒ වෙලාවෙම නුවරඑළියෙ  ඉන්නවා නම්
ඔහුගෙ අත්දැකීම වෙනස්.
නුවරඑළියෙ පරිසරයට සාපේක්ෂව
නුවරඑළියෙ ඉන්න කෙනාගෙ ගත
සීතල වෙලා තියෙන්නෙ.
නුවරඑළියෙ ඉන්න කෙනාට
ඒ අව්වෙන් දැනෙන වේදනාව
සුඛ වේදනාවක් විදියටයි දැනෙන්නෙ.
ඔහු ඒ වේදනාව හඳුනාගන්නෙ
සැපක් විදියටයි.
ඒ අනුව ඔහු ඒ තාපය ප්‍රිය කරනවා.
ඔහු කොළඹට සාපේක්ෂව
ඒ වේදනාව ප්‍රිය කරනවා.
ඒ ප්‍රිය බව රාග සංස්කාරයක් විදියට
ඔහුගෙ විඥ්ඥාණයෙහි සටහනක් තබනවා.

නුවරඑළියෙ ඉන්න කෙනෙකුට කොළඹ යන්න වුණොත්
කොළඹදි ඔහු වින්ද දුක නිසා
ඔහුගෙ විඥ්ඥාණයෙහි සටහන්වූ මතකය -
එනම් ද්වේශ සංස්කාරය මතු වෙලා
ඔහුට කොළඹ යන එක අප්‍රිය වෙනවා.

කයට දැනෙන තාපය එකම ප්‍රමාණය වුණාට
කොළඹ හා නුවරඑළියෙ ඉන්න දෙදෙනෙක්
විඳින්නෙ දෙවිදියකටයි.

 Abstract ඡායාරූපවලින් අප ඇසින් දකින දේට වඩා
වෙනස් දෙයක් හිතින් විඳින්න අපට පුළුවන් වෙන්නෙ
මේ ඉන්ද්‍රජාලික ක්‍රියාවලිය නිසයි

2 comments:

  1. Thanks for posting these photos! I wonder why we cant see the things around us in a better way....

    ReplyDelete
  2. ඉතාමත් වටිනා ලිපියක් ....

    ReplyDelete