අප්‍රාණික අගුලක වුණත්
හැඟීමක් දැනෙනවා නම් විඳින්න අපි කැමතියි.
රජරට රැජින දුම්රියෙ එද්දි
මගේ පුතා පෙන්වපු දසුනක් මේ .
ඒ විශ්මය තීව්‍ර කරන්න මම උත්සාහ කලා.
සැබෑ මුහුණක හැඟීමක අපි දකින
හැඟීම් නිරූපණයකදි මතුවෙන
පොදු ලක්ෂණ සහිත හැඩතල තියනවා.
මෙවැනි අජීවී වස්තුවක් දකින අප තුළ හැඟීමක් ජනිත කරන්නෙ
අපේ විඥාණය තුළ සටහන් වුණ ඒ පොදු ලක්ෂණයි.
මිනිසුන්ගේ හෝ සතුන්ගේ ඡායාරූපවල වුණත්
අපි විඳින්නෙ මේ ලක්ෂණම තමයි.
හැඟීම් නිරූපණයකදි මතුවෙන
පොදු ලක්ෂණ සහිත හැඩතල තියනවා.
මෙවැනි අජීවී වස්තුවක් දකින අප තුළ හැඟීමක් ජනිත කරන්නෙ
අපේ විඥාණය තුළ සටහන් වුණ ඒ පොදු ලක්ෂණයි.
මිනිසුන්ගේ හෝ සතුන්ගේ ඡායාරූපවල වුණත්
අපි විඳින්නෙ මේ ලක්ෂණම තමයි.
.
මට මේ ප්‍රතිචාරය අදහන්නත් අමාරුයි..
සාමාන්‍යයෙන් මගේ ඡායාරූපයකට
ලයික් වැටෙන්නෙ උපරිම 30ක් 40ක්...
නිතර ස්තූති කරල
ඡායාරූපය උඩට ගැනීමත්
මම කරන්නෙ නැහැ.
කෘතඥතාවය දැණුනත්
මම ස්තූති කිරීමෙන් වළකින්නෙත්
ඒ හේතුව නිසයි.
ඉතාම කලාතුරකින්
ලයික් 100ක් ඉක්මවල තියෙනවා.
200ක් දක්වා ගිය බවක් මතක නැහැ.
8500කට ආසන්න සාමාජිකත්වයකින් යුතු
The ART Gallery සමූහය තුළ
පැය 3ක් ඇතුළත් 500 ඉක්මවා යාම
පැය 24ක් ඇතුළත් 1000 ඉක්මවා යාම
කොහොම සිදු වුණාද කියල
හිතන්න අමාරුයි.
සැබෑ මුහුණක හැඟීමක අපි දකින
හැඟීම් නිරූපණයකදි මතුවෙන
පොදු ලක්ෂණ සහිත
හැඩතල කීපයක් මෙහි තියනවා.
අප තුළ හැඟීමක් ජනිත කරන්නෙ
අපේ විඥාණය තුළ සටහන් වුණ
ඒ පොදු ලක්ෂණයි.
මිනිසුන්ගේ හෝ සතුන්ගේ
ඡායාරූපවල වුණත් අපි විඳින්නෙ
මේ ලක්ෂණම තමයි.
මම පුද්ගලිකව කැමතියි
මෙවැනි අජීවී වස්තූන්ට
ජීවයක් කවන්න.
අපි නිතර දකින මානයෙන් මිදිලා
නව මානයකින් දකින මෙවැනි ඡායාරූප
අපි ගන්න අනික් ඡායාරූප වලටත්
අපූර්වත්වයක් එක් කරන්න
හේතු වෙන්න පුලුවන්.
මෙවැනි අජීවී වස්තුවක හැඟීම් දකින්න
අපි පුරුදු වුණොත්
මිනිසුන් සහ සතුන්ගෙ
සියුම් හැඟීම්වලට පවා
සංවේදී වීම පහසු වෙයි.
ඉතින්,
මේ අගය කිරීමෙදි,
ඔබේ රසඥතාවයට යමක් එක්වුණා නම්
ඔබේ අගය කිරීම සම්පූර්ණයි.
අපේ ගනුදෙනුව සම්පූර්ණයි. :)
====================================================
Ciro Totkuගේ ඡායාරූපයක්.
ඈත ගොඩනැගිල්ලක නටබුන් මෙන් මැවී පෙනෙන්නේ කුමක්ද?
එහි සැබෑ ප්‍රමාණය කොතරම්ද?
අප ඡායාරූප වලින් ඇති දේ ඇති සැටියෙන්ම පෙන්විය යුතුද?
අපි ඇති දේ ඇති සැටියෙන්ම දකිනවාද?
අප ඡායාරූප වලින් ඇති දේ ඇති සැටියෙන්ම පෙන්විය යුතුද?
අපි ඇති දේ ඇති සැටියෙන්ම දකිනවාද?
-----------------------------------------------------------------------------------------
Abstract කලාවේ ගුණාංග
ප්‍රාග් ඓතිහාසික යුගයටත් ඈත සිට
අපි ජීවත් වෙන සමාජය දක්වාම
මිනිසුන් අතරත් ව්‍යවහාරයෙහි පවතිනවා.
"ඔන්න ඉතින් එපා වාහෙට හොදි බෙදනවා" කියද්දී
එම සංසිද්ධිය තුළ කාගේවත් වාහෙ කෙනෙක් හෝ,
හොද්දක් හෝ, හොදි බෙදීමක් නැති වුවත්
එම සංසිද්ධිය සිදුවන පරිසරයෙහි වෙසෙන්නන්
එම වදන් පෙළෙන් කියවෙන්නේ කුමක්දැයි
මනාව වටහා ගනිති.
මැක්සා පට්ට අනිවා ආදියෙහි වුව
එම ගුණය අඩංගු යැයි කිවහැක.
Abstract ගුණයම භාවිතා කොට
සාමන්‍ය කලාත්මක නිර්මාණද ඉදිරිපත් වෙයි.
-වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි,
-මක් කරන්නද පැංචියේ.
-ගුරුතුමී මා සිසුවියයි ඔබ,
-ඒත් අපි එක පන්තියේ"
කියද්දී අපි මවා ගන්නා රූපය
රචකයා අපට වචනවලින් පෙන්වන රූපය නොවේ.
මෙහි ප්‍රබලම ප්‍රකාශය වන
ගුරුතුමී මා සිසුවියයි ඔබ,
ඒත් අපි එක පන්තියේ" යන්නෙන්
සිංහල දෙමළ ජන වර්ග දෙකම
යුද්ධයෙන් පීඩා විඳින එකම පන්තියක් විනා
එකම පන්තියක ගුරුතුමියක් හා සිසුවියක් නොවන බව
රස වින්දනයෙන් හා පවතින සමාජයෙන් පන්නරය ලද
පුළුල් මනසක් ඇත්තා පහසුවෙන් වටහා ගනී.
එම යුද්ධය ගැනම
ප්‍රචාරය කළ
මියගිය දරුවෙක් වඩාගෙන
ක්‍රෝධයෙන් බෙරිහන් දෙන
පියෙකුගේ මළ අඳෝනාවෙන් මෙන්
අප ද්වේශයෙන් අන්ධ කොට
සමස්ත දෙමළ ජනතාව ඝාතනය කල යුතුය යන
ම්ලේච්ඡ, තිරශ්චීන චින්තනයෙන්
අප සිත් දූශ්‍ය නොකරන
"ගුරුතුමී මා සිසුවියයි ඔබ,
ඒත් අපි එක ප'න්තියේ" යන සරල වැකි දෙක
අප සිත් සිංහල දමිල දෙවර්ගයම පිළිබඳ
මානව දයාවෙන් සිත තෙත් කරවයි.
සුවපත් කරවයි.
"සිංහල දෙමළ ජන වර්ග දෙකම
යුද්ධයෙන් පීඩා විඳින එකම පන්තියක්ය"
යන අමු වදනින් අප තුළ ජනිත නොවන
සියුම් භාවයන් කුළුගන්වා
එම අමිහිරි සත්‍යය මුදු මොළොක් ලෙසත්,
ඉතා ප්‍රබල ලෙසත් අපට පසක් කරදී
දෑසට කඳුලු නැංවීමට හැකිවන්නේ
එම සරල සුගම වදන් පෙළ තුළ
සැඟවුනු සැබෑ සත්‍යයෙන්
අප සසල වන බැවිනි.
ප්‍රාග් ඓතිහාසික යුගයටත් ඈත සිට
අපි ජීවත් වෙන සමාජය දක්වාම
මිනිසුන් අතරත් ව්‍යවහාරයෙහි පවතිනවා.
"ඔන්න ඉතින් එපා වාහෙට හොදි බෙදනවා" කියද්දී
එම සංසිද්ධිය තුළ කාගේවත් වාහෙ කෙනෙක් හෝ,
හොද්දක් හෝ, හොදි බෙදීමක් නැති වුවත්
එම සංසිද්ධිය සිදුවන පරිසරයෙහි වෙසෙන්නන්
එම වදන් පෙළෙන් කියවෙන්නේ කුමක්දැයි
මනාව වටහා ගනිති.
මැක්සා පට්ට අනිවා ආදියෙහි වුව
එම ගුණය අඩංගු යැයි කිවහැක.
Abstract ගුණයම භාවිතා කොට
සාමන්‍ය කලාත්මක නිර්මාණද ඉදිරිපත් වෙයි.
-වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි,
-මක් කරන්නද පැංචියේ.
-ගුරුතුමී මා සිසුවියයි ඔබ,
-ඒත් අපි එක පන්තියේ"
කියද්දී අපි මවා ගන්නා රූපය
රචකයා අපට වචනවලින් පෙන්වන රූපය නොවේ.
මෙහි ප්‍රබලම ප්‍රකාශය වන
ගුරුතුමී මා සිසුවියයි ඔබ,
ඒත් අපි එක පන්තියේ" යන්නෙන්
සිංහල දෙමළ ජන වර්ග දෙකම
යුද්ධයෙන් පීඩා විඳින එකම පන්තියක් විනා
එකම පන්තියක ගුරුතුමියක් හා සිසුවියක් නොවන බව
රස වින්දනයෙන් හා පවතින සමාජයෙන් පන්නරය ලද
පුළුල් මනසක් ඇත්තා පහසුවෙන් වටහා ගනී.
එම යුද්ධය ගැනම
ප්‍රචාරය කළ
මියගිය දරුවෙක් වඩාගෙන
ක්‍රෝධයෙන් බෙරිහන් දෙන
පියෙකුගේ මළ අඳෝනාවෙන් මෙන්
අප ද්වේශයෙන් අන්ධ කොට
සමස්ත දෙමළ ජනතාව ඝාතනය කල යුතුය යන
ම්ලේච්ඡ, තිරශ්චීන චින්තනයෙන්
අප සිත් දූශ්‍ය නොකරන
"ගුරුතුමී මා සිසුවියයි ඔබ,
ඒත් අපි එක ප'න්තියේ" යන සරල වැකි දෙක
අප සිත් සිංහල දමිල දෙවර්ගයම පිළිබඳ
මානව දයාවෙන් සිත තෙත් කරවයි.
සුවපත් කරවයි.
"සිංහල දෙමළ ජන වර්ග දෙකම
යුද්ධයෙන් පීඩා විඳින එකම පන්තියක්ය"
යන අමු වදනින් අප තුළ ජනිත නොවන
සියුම් භාවයන් කුළුගන්වා
එම අමිහිරි සත්‍යය මුදු මොළොක් ලෙසත්,
ඉතා ප්‍රබල ලෙසත් අපට පසක් කරදී
දෑසට කඳුලු නැංවීමට හැකිවන්නේ
එම සරල සුගම වදන් පෙළ තුළ
සැඟවුනු සැබෑ සත්‍යයෙන්
අප සසල වන බැවිනි.
මේ ගුණය ඡායාරූප කලාව සඳහා
භාවිතා වන අයුරු සොයා බැලීමට
භාවිතා වන අයුරු සොයා බැලීමට
Ciro Totkuගේ ඡායාරූප අගනා නියැදියක්.
අපූරුයි..!
ReplyDelete