ශිල්පියාගෙ ප්‍රධාන අරමුණ මොකක්ද..
ඒ අරමුණ රසිකයා දකිද්දි
පසුබිම බලපාන්නෙ කොහොමද කියන එකයි
ශිල්පියා විසඳිය යුත්තෙ.
මනසින් හිතලා එක් කරන දේ
එවැනිම මනසකට පමණයි ග්‍රහණය වෙන්නෙ.
ඇසට දැනෙන දේ ඊට වඩා පොදුයි..
පිකාසෝගෙ ගුවෙර්නිකා වගේ චිත්‍රයක්
මනසින් විඳින්න යම් හුරුවක් අවශ්‍යයි..
මොන චිත්‍රයක් බැලුවත්
ඇහැට පෙනෙන දේ බොහෝ දුරට එකයි.
මිනිසෙක් දකින විදිය තුන් ආකාරයි.
1,
අන් සියල්ල අමතක කරලා
එක තැනකට හිත යොමු කරනවා.
2,
සියල්ල සමස්තයක් විදියට බලනවා.
3,
එක දෙයක් දකින විට
සමස්තයට සාපේක්ෂව දකිනවා.
මිනිසුන්ගෙ දර්ශන වල
ඒ වෙනස් කම් 3 විතරයි තියෙන්නෙ.

ඒ ක්‍රම තුනට අනුව
ඇසෙන් අපට එක රූපයක් මවා දෙනකොට
අපේ විඤ්ඤාණයෙහි තැන්පත් තොරතුරු මතුවෙලා
අපට නව අර්ථ කථනයක් ලබා දෙනවා.
ඒ නව අර්ථකථනයට
අපේ අත්දැකීම්, දැනුම සහ අප අසා ඇති ඕපාදූප බලපානවා.

අප එසේ ලබාගත් අර්ථකථනයකට වහල් වෙලා
අපි ආශාවෙන් මිළදීගත් භාණ්ඩයක්
දවස් දෙකෙන් කැඩුණාම
ඉන් පස්සෙ අර භාණ්ඩය දකින විදිය වෙනස් වෙනවා.
ඒ තොරතුරු මත
අපි අන් අයගේ විඤ්ඤාණ සකසනවා.

ඇසෙන් ලබාදෙන තොරතුරු ඉක්මවා
අපේ විඤ්ඤාණයෙහි තැන්පත් තොරතුරු වලින්
අපට නිර්මාණය කරදෙන රූප විචිත්‍රයි.
ඒත් ඒ විචිත්‍ර බව සුන්දර, කලාත්මක වින්දනයක් වෙන්නෙ
ඇසට පෙනෙන දේත් සිතින් දකින දේත් කියන දෙකම
සිහියෙන් දකින්න පුළුවන් වීමෙනුයි.
හොඳ Abstract රූපයක් වෙන්න නම්
අප තුල විවිධාකාර ප්‍රබල චිත්ත රූප ඇති කළ යුතුයි.
මේ බෝට්ටුවක් නොවන බව ඔබ දන්නවා.
එහෙත් ඔබේ විඥ්ඥාණයෙ තැන්පත්ව ඇති
බෝට්ටු සහ මුහුදු වෙරළෙහි රූපවල දත්ත විසින්
ඔබට කරන බලපෑමෙන් මිදෙන්නට ඔබට බැහැ.
එහෙත් ඔබේ විඥ්ඥාණයෙ තැන්පත්ව ඇති
බෝට්ටු සහ මුහුදු වෙරළෙහි රූපවල දත්ත විසින්
ඔබට කරන බලපෑමෙන් මිදෙන්නට ඔබට බැහැ.

ප්‍රබල Abstract ඡායාරූපයක් අපි තල දෙකක අතරමං කරනවා.
අපට සැබෑදේත් පෙනෙනවා.
නමුත් හිත කියන්නෙ වෙන දෙයක්..
Abstract චිත්‍ර වල Abstract ඡායාරූපවල
මේ දෙකම අපි දකිනවා.

මිදුළේ සුදු වැළිතලයේ
මිරිවැඩි සඟලක සළකුණු දැකපු සැමියා
බිරිඳ සැක කරමින් ගීතය ලිව්වා නම්
ඒ ගීය අපිට රසවත් වෙන්නෙ නෑ.
ගහක ගැටයක
පිට සක්වළ ජීවියෙක් වැන්නෙක් පෙනෙද්දි
අපි ඒ දසුන රස විඳින්නෙ ඒ නිසයි.
![]() |
|
----------------------------------------------------------------------------------------------------------------
මේ ඡායාරූප සමග මේ අගුලෙහිම
තවත් විවිධ ඡායාරූප 17ක් සමග...
සාමන්‍ය කලාත්මක නිර්මාණද ඉදිරිපත් වෙයි.
-වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි,
-මක් කරන්නද පැංචියේ.
-ගුරුතුමී මා සිසුවියයි ඔබ,
-ඒත් අපි එක ප'න්තියේ"
කියද්දී අපි මවා ගන්නා රූපය
රචකයා අපට පෙන්වන රූපය නොවේ.
මෙහි ප්‍රබලම ප්‍රකාශය වන
ගුරුතුමී මා සිසුවියයි ඔබ,
ඒත් අපි එක පන්තියේ" යන්නෙන්
සිංහල දෙමළ ජන වර්ග දෙකම
යුද්ධයෙන් පීඩා විඳින එකම පන්තියක් විනා
එකම පන්තියක ගුරුතුමියක් හා සිසුවියක් නොවන බව
රස වින්දනයෙන් හා පවතින සමාජයෙන්
පුළුල් මනසක් ඇත්තා පහසුවෙන් වටහා ගනී.
"සිංහල දෙමළ ජන වර්ග දෙකම
යුද්ධයෙන් පීඩා විඳින එකම පන්තියක්ය"
යන අමු වදනින් අප තුළ ජනිත නොවන
සියුම් භාවයන් කුළුගන්වා
එම අමිහිරි සත්‍යය මුදු මොළොක් ලෙසත්,
ඉතා ප්‍රබල ලෙසත් අපට පසක් කරදී
දෑසට කඳුලු නැංවීමට හැකිවන්නේ
එම සරල සුගම වදන් පෙළ තුළ
සැඟවුනු සැබෑ සත්‍යයෙන්
අප සසල වන බැවිනි.

Abstract ගුණය ඡායාරූප කලාව සඳහා
භාවිතා වන අයුරු සොයා බැලීමට

රජරට රැජින දුම්‍රියෙ එද්දි
මගේ පුතා පෙන්වපු දසුනක් මේ .
ඒ විශ්මය තීව්‍ර කරන්න මම උත්සාහ කලා.
තවත් විවිධ ඡායාරූප 17ක් සමග...
අගුලක හැඟීම් 19ක්
----------------------------------------------------------------------------------------------------------
Abstract ගුණය භාවිතා කොටසාමන්ය කලාත්මක නිර්මාණද ඉදිරිපත් වෙයි.
-වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි,
-මක් කරන්නද පැංචියේ.
-ගුරුතුමී මා සිසුවියයි ඔබ,
-ඒත් අපි එක ප'න්තියේ"
කියද්දී අපි මවා ගන්නා රූපය
රචකයා අපට පෙන්වන රූපය නොවේ.
මෙහි ප්‍රබලම ප්‍රකාශය වන
ගුරුතුමී මා සිසුවියයි ඔබ,
ඒත් අපි එක පන්තියේ" යන්නෙන්
සිංහල දෙමළ ජන වර්ග දෙකම
යුද්ධයෙන් පීඩා විඳින එකම පන්තියක් විනා
එකම පන්තියක ගුරුතුමියක් හා සිසුවියක් නොවන බව
රස වින්දනයෙන් හා පවතින සමාජයෙන්
පුළුල් මනසක් ඇත්තා පහසුවෙන් වටහා ගනී.
"සිංහල දෙමළ ජන වර්ග දෙකම
යුද්ධයෙන් පීඩා විඳින එකම පන්තියක්ය"
යන අමු වදනින් අප තුළ ජනිත නොවන
සියුම් භාවයන් කුළුගන්වා
එම අමිහිරි සත්‍යය මුදු මොළොක් ලෙසත්,
ඉතා ප්‍රබල ලෙසත් අපට පසක් කරදී
දෑසට කඳුලු නැංවීමට හැකිවන්නේ
එම සරල සුගම වදන් පෙළ තුළ
සැඟවුනු සැබෑ සත්‍යයෙන්
අප සසල වන බැවිනි.

Abstract ගුණය ඡායාරූප කලාව සඳහා
භාවිතා වන අයුරු සොයා බැලීමට
අගනා නියැදියක්.

-----------------------------------------------------------------------------------------------------------
No comments:
Post a Comment