20130527

ඡායාරූපයක ආලෝකය සහ අඳුර....




ඡායාරූප ශිල්පියා
අඳුර මත අඳින්නට
තෝරාගන්නා රටාව
අපි දකින්නේ ආලෝකය නිසයි.

ඔහුගේ සංගීත රටාවෙ නාදය
ආලෝකය නම් නිහඬතාවය අඳුරයි.


ඇසින් යමක් දෙස බලද්දී
අපට ආලෝකය අවශ්‍ය වෙයි.

ආලෝකය නැත්නම් අපට දැකිය නොහැක.
එහෙත් මිනිසාට ඇසින් දකින්නට
අඳුර අත්‍යාවශ්‍ය සාධකයක් නොවේ.

ඇස් දෙකෙන් දකින රූපය මොළයෙන් කියවා
වෙනත් බොහෝ තොරතුරු සමග ත්‍රිමාණ බවද පෙන්වයි.



එක් ඇසකින් මේ කාර්යය කරන්නට අපට සිදු වුවහොත්
ආලෝකය සමග තවත් මූලික සාධක තුනක් ඇවැසි වෙයි.
1, අඳුර,
2, වර්ණ,
3,  තාන,

මෙම සාධක නැතිව
ආලෝකයෙන් පමණක් කැමරාවක් තුළ
ඡායාරූපයක් ඇඳිය නොහැක.
  
ඡායාරූප ආලෝකයෙන් ඇන්දත්
අඳුර, වර්ණ, හෝ තාන අවැසි වෙයි.

 ආලෝකය හා අඳුර පමණක් භාවිතා කොට ඇඳි චිත්‍රයක්

 වර්ණ පමණක් භාවිතා කොට ඇඳි චිත්‍රයක්
http://supercolortuts.com/wp-content/uploads/2013/05/Geometric_Color_Shapes_Wallpaper_Preview-290x166.jpg

තාන පමණක් භාවිතා කරන ලද ඡායාරූපයක්


සෑම වර්ණ ඡායාරූපයක්ම
අඳුර, වර්ණ, හෝ තාන ආලෝකයත්
විවිධ ප්‍රමාණයෙන් සංකලනය වී නිමැවේ.
River Leaves Fall



කළු සුදු ඡායාරූපයක් නම්
වර්ණ හැර  අඳුර,   තාන සමග ආලෝකය ඇසුරෙන් නිමැවේ.
Cat Old Man


ඡායාරූප ශිල්පියාගේ කාර්යය වන්නේ
තමන් ඇසින් දකින රිද්ම රටාව හෝ කතන්දරය
1, අඳුර, 2, වර්ණ, 3,  තාන, සමග ආලෝකය ඇසුරෙන්
ප්‍රතිනිර්මාණය කිරීමයි.

එහිදී 1, අඳුර, 2, වර්ණ, 3,  තාන,
සමග ආලෝකය වස්තූන් මත හා විවිධ පෘෂ්ඨ මත
ක්‍රියා කරන ආකාරය පිළිබඳව සිහියත්
ඒ හැසිරීම් වෙනස් වෙන ආකාරය පිළිබඳ
සමීප අත්දැකීමත් ඡායාරූප ශිල්පියෙකුට අවශ්‍යය.

ඡයාරූපයේ කලාත්මක අංශය සඳහා
ආලෝකය හා අඳුර අතර රිද්ම රටාවන් හඳුනා ගැනීමත්
රාමුව තුළ එම රටා මෙහෙයවීමත් ඔහු අධ්යයනය කළ යුතුය.

ඡයාරූපයේ තාක්ෂණික අංශය ලෙස
කැමරාව තුළට ඇතුල්වන ආලෝකය පාලනය කරමින්
ISO අගය, කාච විවරය, කාචයේ නාභි දුර, ක්ෂේත්‍ර දුර හා
 කෘතීම ආලෝකය ආදිය මනාව හසුරුවා ගැනීම
ඔහු හැදෑරිය යුතුය.

ලොව විවිධ ඡායාරූප ශිල්පීන් රැසක් ගත් මෙම ඡායාරූප
අන්තර්ජාලයෙන් සොයා ගැණිනි.













තාන අඩුවෙන් භාවිතා කරන ලද ඡායාරූපයක්



වටෙන්ම ආලෝකය සපයමින්
අඳුර අඩුවෙන් භාවිතා කරන ලද ඡායාරූපයක්


වටෙන්ම ආලෝකය සපයන
Ring Flash Adapter

http://www.likecool.com/Gear/Camera/Ray%20Flash%20Ring%20Flash%20Adapter/Ray-Flash-Ring-Flash-Adapter.jpg

http://i00.i.aliimg.com/wsphoto/v0/345786996/Ring-Flash-F170.jpg




 























































3 comments:

  1. විශ්මයජනක නිර්මාණ..මගේ ජීවිත කාලෙදිත් කොහොම හරි මෙවැනි නිර්මාණ කීපයක් හෝ කරන්න හිතාගත්ත.බොහොම වටිනා ලිපියක් සර්.ජය වේවා!!!

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. ඉතාම වටිනා ලිපියක්..... බොහොම ස්තුතියි අතුල මහතාණෙනි... ඔබට ජය !

    ReplyDelete