20140106

විලාසිතා ඡායාරූප ශිල්පීන්ට සරල අභ්‍යාසයක්...



පුහුණු විලාසිතා නිරූපණ ශිල්පිනියන්
කැමරාව ඉදිරියේ රංගනයක යෙදෙමින්
දක්ෂ ඡායාරූප ශිල්පියකුට
අගනා ඡායාරූප සිය ගණනක් ගැනීමේ අවස්ථාව
විනාඩි ගණනක් තුළ ලබා දෙනවා.



පහත දැක්වෙන්නේ
මේ වීඩියෝවේ අඩංගු දර්ශන වලින්
SCREEN SHOTS විදියට COPY කරගෙන
CROP කරගත් ඡායාරූප කිහිපයක්.


 තත්පරයක චලනයක්
අවම වශයෙන් වීඩියෝවේ රූප රාමු 24ක සටහන් වෙනවා.
කොයිතරම් හොඳ වීඩියෝකරණ ශිල්පියෙකුගෙ වුණත්
රූප රාමු  සියල්ලම "හොඳ ඡායාරූප" වෙන්න බැහැ.

ඒ රූප රාමු ගලා යද්දි
එයින් අපේ සිත්ගන්නා රූප රාමු  තෝරාගෙන
 SCREEN SHOTS ඡායාරූප විදියට COPY  කරගන්න අපට පුලුවන්.

නවක ඡායාරූප ශිල්පීන්ට
හොඳ අභ්‍යාසයක්..

විලාසිතා ඡායාරූප ශිල්පීන්ටත්
අභ්‍යාසයක් වශයෙන් පුහුණු වෙන්න
හොඳ සරල ක්‍රියාකාරකමක්.

අරමුණ සමස්ත ඡායාරූපයත් සමග දකින්නත්
අරමුණ ඡායාරූපයේ රිද්ම රටා සමග
හොඳින් සැසඳෙන අවස්ථා වලදි
ක්ලික් කරන්නත් හුරු වීමෙන්
ඒ හුරුව සාමාන්‍ය ජීවිතේ
ඡායාරූප ගන්නා විටත්
උපයෝගී වෙනවා.


අනාවරණය ආදිය ගැන
කරදර වෙන්න ඕනත් නෑ.


රාමුව දිහා බලන් ඉඳල
හොඳට ස්ථාන ගතවෙන තුරු බලා ඉඳල,
හොඳ හැඟීමක් එනතුරු බලා ඉඳලා
ගන්න පුලුවන්.

පසුබිමට අදාලව ස්ථානගත කිරීමත්,
තීරණාත්මක මොහොතෙදි ක්‍රියාත්මක වෙන්නත්
ඉබේම හුරුවෙන්න හොඳ අභ්‍යාසයක්.



































----------------------------------------------------------------------

තවත් මෙවැනි සටහනක්.
විලාසිතා ඡායාරූපකරණය

http://ridmasankalana.blogspot.com/2012/11/blog-post_2.html
සිත් කළු ඉරියව්වක්
සිත් කළු අන්දමින් සටහන් කරගන්නෙ කොහොමද කියන එක
ඡායාරූප ශිල්පියා සොයාගත යුතුයි.

No comments:

Post a Comment