සත්‍යජිත් රායි චිත්‍රශිල්පියෙක්.
කුරොසාවාත් චිත්‍රශිල්පියෙක්.
ඔවුන් දෙදෙනාම
කතාවේ රිද්මය පිළිබඳව වගේම
රූප රාමුවල සුන්දරත්වය සහ
අවස්ථානුරූප ගැලපීම
ගැන සැලකිලිමත් වුණා.
කුරොසාවාත් චිත්‍රශිල්පියෙක්.
ඔවුන් දෙදෙනාම
කතාවේ රිද්මය පිළිබඳව වගේම
රූප රාමුවල සුන්දරත්වය සහ
අවස්ථානුරූප ගැලපීම
ගැන සැලකිලිමත් වුණා.

අපරාජිතෝ චිත්‍රපටයේ
මේ රූප රාමුවෙහි බැතිමතුන් කණඩායම අසල
එල්ලා ඇති සුදු රෙද්ද සහ අසල වේදිකාව මත ඇති අට්ටාලය
රූප රාමුවේ රිද්මය පවත්වාගෙන රසිකයා පහසුවෙන්
රායිට අවශ්‍ය සීමාවේ රඳවාගන්න සිතා මතා සකස් කළ උපක්‍රම විය යුතුයි.
බැතිමතුන් කණ්ඩායම සහ
හරිහර මතු කරල පෙන්වන්න
රායි යෙදූ උපක්‍රම නැත්නම් මේ රූප රාමුවෙන්
ඇතිකරන ප්‍රතිඵලය දුර්වල වෙනවා.
මේ රෙද්ද නැති වුණාම
කණ්ඩායම ගඟ දිසාවට
ගලා යාමක් දැනෙනවා..
සුදු රෙද්ද නිසා
හැදෙන හැඩයෙන් ඒක වළකිනවා.
සුදු රෙද්දක් එතන එල්ලන්න
වෙනත් ප්‍රායෝගික හේතුවක් නැහැ.
ඒ වගේම අට්ටාලය නැති වුණාම
ඇපේ ඇස දුවන්නෙ ඈත දියඹටයි..
අට්ටාලය නැති වුණාම
රෙද්ද මතුවෙලා පෙනෙනවා.
රෙද්ද නැති වුණාම
අට්ටාලයත් මතුවෙනවා.
ඒ දෙකම නැති වුණාම
වේදිකාව සහ
මුහුද මතුවෙනවා.
මේ හතර එකිනෙක සසඳා බැලීමෙන්
එම වස්තූන් වල වටිනාකම
පැහැදිලිවෙනවා.
========================
මේ අට්ටාලය මීට කලින්
ගං ඉවුරෙ දර්ශන පෙන්වද්දි
ඒ රූප රාමු වල නැහැ.
ගං ඉවුරෙ දර්ශන පෙන්වද්දි
ඒ රූප රාමු වල නැහැ.

=====================================================================
No comments:
Post a Comment