20121202

01 ජීවී චිත්‍රකරණය - Life Drawing in Corel Painter



නවක හෝ ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකුට
කිසියම් මාධයයක් හැසිරවීම හෝ
පරිගණක මෘදුකාංගයක් හැසිරවීම
මනාව හා සැහැල්ලුවෙන් පුහුණුවන්නට
හොඳම උපක්‍රමය නම්
එම මාධ්‍යයෙන් හෝ මෘදුකාංගයෙන්
ජීවී චිත්‍රකරණයෙහි යෙදීමයි.


----------------------------------------------------------------



ඔබ අඳින්නට යන වස්තුව
සුදුසු කෝණයකට ඔබ ඉදිරියෙහි තබාගන්න.

එම වස්තුව කැන්වසය මත සිතින් ස්ථානගත කරගන්න.


හිස් අවකාශයෙහි
හැඩතල සකස්වී ඇති රිද්ම රටාව
සිතින් විඳින්න.




හිස් අවකාශයෙහි
හැඩතල සකස්වී ඇති රිද්ම රටාව
හැඟෙන දැනෙන පමණටඑය චිත්‍රය තුළින් ප්‍රකට වනු ඇත.



මුල සිටම ත්‍රිමාණව හිතමින්
හිස් අවකාශයක මූර්තියක් අඹනවාක් මෙන්
ප්‍රධන ත්‍රිමාණ හැඩතල අතර
සබඳතාවය ගොඩ නගා ගැනීම
පළමු පියවරයි.



පලමුව රිද්ම රටාවන්වල 
සමස්ත සබඳතාවය දකින්න.


එම හැඩතල අතර
රිද්මයානුකූල සබඳතාවය
රේඛා ඇසුරෙන් කරන
නිවැරදි ස්ථානගත කිරීමකට වඩා
චිත්‍ර ශිල්පියෙකුට වැදගත්ය.



මේ දැක්වෙන්නේ හැඩතල නොව
හැඩතල අතර ත්‍රිමාණරූපී රිද්මයයි.


මේ සටහන් කරගන්නේ
අඳුරු සහ ගැඹුරු ස්ථානයි.



චිත්‍ර ශිල්පියෙකුට එළිය අඳුරට වඩා
හැඩතල වල ඉදිරියට නෙරා ඇති බව සහ
ඇතුලට ගිලී යන ස්වභාවය
වඩාත් වැදගත් වේ.


චිත්‍ර ශිල්පියෙකු වර්ණ, එළිය සහ අඳුර භාවිතා කරන්නේ
කැමරාවක් මෙන් නොවේ.

ඔහු එළිය අඳුර බාවිතා කරද්දී
ඕනෑතරම් කෝණ වලින් ඕනෑම තැනකට
ආලෝකය යෙදීමට අවසර තිබේ.
එහෙත් කෘතිය අභව්‍ය නොවන සීමාව තුල
ස්වාභාවිකත්වයේ මායාව
රැකගත යුතුය.


චිත්‍ර ශිල්පියෙකුට එළිය අඳුරට වඩා
හැඩතල වල ඉදිරියට නෙරා ඇති බව සහ
ඇතුලට ගිලී යන ස්වභාවය
වඩාත් වැදගත් වේ.



චිත්‍ර ශිල්පියෙකුට එළිය අඳුරට වඩා
හැඩතල වල ඉදිරියට නෙරා ඇති බව සහ
ඇතුලට ගිලී යන ස්වභාවය
වඩාත් වැදගත් වේ.





පසුබිමත් චිත්‍රයෙහි වැදගත් කොටසකි,





වැඩි විස්තර සහ රේඛාමය මතු කිරීම්
චිත්‍රයට එක් කළ යුත්තේ අන්තිමටය.


2 comments:

  1. හැමදාමත් වගේ ම ඔබගේ මෙහෙවර අගය කරනව....!!

    ReplyDelete
  2. ගොඩක් ස්තූතී සර්.

    ReplyDelete