20121201

CROP : ඡායාරූප ශිල්පියාගේ අස්වැන්න

ඡායාරූපය ඡායාරූප ශිල්පියාගේ අස්වැන්නය.


ගීතයක පදමාලාව
රචකයාගේ අස්වැන්නය.
එහි සංගීත නිර්මාණය
සංගීතඥයාගේ අස්වැන්නය.
ගීතය ගායකයාගේ අස්වැන්නය.

ඔවුහු අස්වැන්න නෙළාගනිද්දී
අවශ්‍යදේ තෝරාගෙන
අනවශ්‍ය දේ ඉවත් කරති.
පදමාලාවෙහි හැඟීම
තීව්‍ර කිරීමෙන්
ගායකයා හා සංගීතඥයා
සිය අස්වැන්න නෙළා ගනිති.

ඉංග්‍රීසියෙන් CROP යනු
අස්වැන්නටත්
අස්වැන්න නෙළා ගැනීමටත්
කියන වචනයකි.

ඡායාරූප ශිල්පයේදී
CROP කිරීම යනු
අස්වැන්න නෙළීම ලෙසින් ගැනීම
වඩාත් ගැලපේ යයි සිතමි.

ඡායාරූපය
ඡායාරූප ශිල්පියාගේ අස්වැන්නය.


ගොයම් කපන්නාට අස්වැන්න ගොයම් ගසය.
ගොයම මඩින ගොවියාගේ අස්වැන්න වීය.
ගොයම මඩින හරකාට අස්වැන්න පිදුරුය.

ගොවියා ගෙදරට එන කෙනෙකුට
පිඟානකට වී බෙදා නොදෙයි.
තවෙකෙකුට රසවිඳින්නට
බත් වේලක් දෙනවිට
එහි පිදුරු, වී, සහල් 

අඩංගු නොවන්නට CROP කිරීම  
ඡායාරූප ශිල්පියාගේ වගකීමය.


 


 මෙම ක්‍රොප් කිරීම
කැමරාවේ රාමුව සකසා ගැනීම තුළින්ද සිදුවිය යුතුය.
මෙහි මව නොපෙන්වූවද අපට ඇය දැනෙයි.
ඇය මව නොවූවද
පට ඇය මව ලෙස හැඟෙයි.



 Photos by Steve McCurry  http://stevemccurry.com/
 ============================================
 
by Stephen Alvarez.

 ක්‍රොප් කිරීමෙන් සිදුවෙන වෙනස් කම් බලන්න..

අපි ඉන්න තැන පිළිබඳ අදහස මේ ක්‍රොප් කිරීමෙන් නැති වෙනවා.
මිනිසා සහ දිය ඇලි මතු වෙනවා.

 

මිනිසා මතු වෙනවා.






මේක ගත්තෙ අර වගේ තැනක කියලා
කිසිම අදහසක් මෙයින් හැඟෙන්නෙ නෑ..

 

අපි පරිමාණය දන්න මිනිසා නැති නිසා
මේ ස්ථානයෙ පරිමාණය අවිනිශ්චිතයි.
 

========================================

අස්වැන්න නෙළාගනිද්දී
අවශ්‍ය දේ තෝරාගෙන අනවශ්‍ය දේ ඉවත් කළයුතුය.

Crop by Mayantha Perera


Original by Indika Mallikaarachchi



======================================== 

බොහෝ දේ අතින් හොඳ ඡායාරූපයක්..

ක්‍රොප් කිරීමෙන්
කලබල ගතිය අඩු කරගන්න පුලුවන්.

Photo by Chirantha Karunarathne.

ඇත් රූපය මැදින්..
වාමන රූප..
ආදී වශයෙන්
වටෙන්ම කැපිල
අයින් වෙන දේවල් බලන්න.

රාමුව තුළ ප්‍රමාණාත්මකව
රාමුවෙ අනුපාතයට සාපේක්ෂව
අරමුණේ ප්‍රමාණයත්
යම් පමණකට වඩා වැඩි වුණාම
අරමුණ යට ගිහින්
පසුබිම මතුවෙනවා.

========================================

 ප්‍රායෝගික ක්‍රියාකාරකම්

ඡායාරූප ගැනීමේදී, 
අවශ්‍ය ප්‍රදේශය තෝරා ගැනීමට සහ 
සංස්කරණයේදී CROP කිරීමට සරල පුහුණුවක්.


CROP කිරීමේදී හැඟීම වෙනස් වෙන ආකාරය 

5 comments:

  1. mavage charupaya haa gaede,

    mama evaeni venass deyak kihipa vitadima kala athara mage guru varayaa eya ramu gatha naethaei kiya prathik shepa kararna ladi.

    ReplyDelete
    Replies
    1. මා මෙහි පිටුවල උපයෝගී කරගන්නා බොහෝ ඡායාරූප
      අන්තර්ජාලයෙන් සොයා ගත් ඒවායි.
      ඉන් වැඩි ප්‍රමාණයක් Steve McCurryගේයි.

      http://stevemccurry.wordpress.com/
      http://stevemccurry.com/

      Delete
  2. විශිෂ්ටයි.... ඡයාරූප ගැනීමත් සංස්කරණයත් පිළිබද හොඳ ලිපියකී...

    ReplyDelete
  3. ලොකු දැනුමක් ලබා ගත්තා. ඔබට ගොඩක් ස්තූතියි.

    ReplyDelete