20131214

CROP කිරීමේදී හැඟීම වෙනස් වෙන ආකාරය





සම පොළවේ ගමන් කරමිනුත්
වැලි කුණාටුවට මුහුණ දෙමින් යන මිනිසා
ඉදිරියට ඇදෙන්නේ අපහසුවෙන්..
Photo by Steve McCurry
ඡායාරූපය CROP කිරීමේදී මේ හැඟීම වෙනස් වෙන ආකාරය බලන්න.


 
කන්දක නගින්නාක් මෙන් පෙනෙන
ක්‍රොප් කළ ඡායාරූපයේ අපහසුවෙන් ඉදිරියට ඇදෙන  බව
එතරම් ප්‍රබල ලෙස දැනෙන්නේ නැත්තේ ඇයි..?

  වැලි කුණාටුවට මුහුණ දෙමින් ඉදිරියට යන මිනිසා
සම පොළවේ වුණත් ඇදෙන්නේ අපහසුවෙන් බව
ස්ටීව්ගේ ඡායාරූපය බලන විට දැනෙනවා.
 කන්දක නගින්නාක් මෙන් පෙනෙන
ක්‍රොප් කළ ඡායාරූපයේ එම හැඟීම
එතරම් ප්‍රබල ලෙස දැනෙන්නේ නැත්තේ
 අප ඔහු දෙස බලන ආකාරයට අනුව
මිනිසා අපි ඉන්නා පොළවට තිරස් වීම නිසාය.

 



අප ඔහු දෙස බලන ආකාරයට අනුව

මිනිසාගේ ඉදිරියට බරවීම
 
.
අප ඔහු දෙස බලන ආකාරයට අනුව
අපි ඉන්නා පොළවට මිනිසා තිරස් වීම
 අප ඔහු දෙස බලන ආකාරයට අනුව
අපි ඉන්නා පොළවට මිනිසා තිරස් වීම
මිනිසාගේ ඉදිරියට බරවීම නැතිවී
අන් සියල්ලම අභිබවා මිනිසාගේ වෑයම
දුර්වල කරන බව පැහැදිලියි.


============================

සමස්ත ඡායාරූපය බැලුවත්
ත්‍රිකෝණයේ ආනතිය වෙනස් වීමත්
අපේ හැඟීම වෙනස් වීමට බලපානවා.
මුලින් එක තුඩක් මත
ඉදිරියට බරවී තිබුණ ත්‍රිකෝණය
පසුව පාදයක් මත සමබර වෙනවා.

ඡායාරූපයක් ගනිද්දී බලපාන රීති
ක්‍රොප් කිරීමෙදිත් බලපානවා.

========================================
  1. CROP : ඡායාරූප ශිල්පියාගේ අස්වැන්න
  2. CROP පුහුණුව

තවත් අදාළ ලිපි සඳහා
http://ridmasankalana.blogspot.com/p/blog-page_10.html

1 comment:

  1. ගොඩක් වටින දෙයක් සරලව ඉගෙන ගත්තා. ස්තූතියි

    ReplyDelete