20131205

ඔබ ඉගෙන ගන්නට කැමතිද?



https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-ash3/q71/s720x720/946052_10201055227089550_2096507711_n.jpg





මේ කෙටි ප්‍රශ්නපත්‍රය
ඉගෙන ගන්නට කැමතියි
කියා නිතරම කියන නවකයන්ටයි.
----------------------------------------------------
මේ ප්‍රශ්න සමග අන් අය දෙස නොබලන්න.
ඔවුන් මැනීමෙන් ඔබට පළක් නොවේ.
ඔබටම අදාළව බලන්න.

අවම වශයෙන් ඔබ ඔබටවත් අවංක වෙන්න.
----------------------------------------------------

1, සැබැවින්ම ඔබතුළ ඉගෙනීමට
කැමැත්තක් ඇති බව ඔබට සහතිකද?

2, මෙතෙක් ඔබ ඉගෙනගත් දේ ගැන
ඔබ තෘප්තිමත්ද?

3, ඔබ දන්නා දේ අසවලුන්ගෙන් හෝ
අසවල පොතපතින් උගත්තා යැයි
පැහැදිලිව සිහි කළ හැකිද?

4, ඒ ඉගෙනගත්දේ ඔවුන් ඔබට ඉගැන්වූයේද?
නැතහොත් ඔබම ඔවුන්ගෙන් ඉගෙන ගත්තාද?

5, ඔබට ඉගැන්වූ පුද්ගලයන් තුළ
ඔවුන් ඔබට සැලකූ ආකාරය තුළ
ඔබේ මව්පියන් හා සමීප වැඩිහිටියන්
ඔබට සලකනු ලැබූ ආකාරයට
කිසියම් සමාන කමක් වීද?

6, ඔබ ගුරුවරයෙකු තෝරාගන්නේ
ඔහුගේ පෙනුම මතද?
ඔහු උපයන ධන සම්භාරය මතද?
ඔහුගේ උපාධියෙහි දිග පළල මතද?
ඔහුගේ තත්වය, තරාතිරම මතද?
ඔහු ඔබ විනෝදයට පත්කරන නිසාද?
අන් අය ඔහුට සලකන නිසාද?
ඔහු අවට රැස්වෙන පිරිස ඔබට ප්‍රිය නිසාද?
ඔහු අවට රැස්වෙන පිරිස ඔබ අගය කරන නිසාද?
ඔහු අය කරන මුදල අඩු හෝ වැඩි නිසාද?
වෙනත් කිසියම් හේතුවක් මතද?
නැත්නම් ඔහුගේ දැනුම මතද?
ඔහු නිසා සැබැවින්ම දැනුවත්වී
ඔබ වෙනස් වූ නිසාද?

7, ඉගෙනීමෙන් ඔබ තුළ සිදුවූ වෙනසක් ඇත්ද?
ඔබ වෙනස් වූ බව අන් අයට හැඟුණ බව
ඔවුන් ඔබට කියා තිබෙනවාද?

8, ඉගෙනීමෙන් ඔබේ දැනුම වැඩිවුණාද?

9, ඉගෙනීමෙන් ඔබේ හැකියාව වැඩිවුණාද?

10, ඉගෙනීමෙන් ඔබේ දැක්ම වෙනස් වුණාද?

11, ඉගෙනීමෙන් පසුව ඔබ පරිවර්තනය වූවාද?

12, ඉගෙනීමෙන් පසුවත්
ඔබ එදා සිටි තැනැත්තාමද.?
ඔබ කරන කියන සියල්ල එදා කළ කීදේමද?

ඉහත ප්‍රශ්න වලට පිළිතුරු ලියාගෙන
ඔබම විග්‍රහ කළහොත්
ඔබ පත්ව සිටින මුළාවෙහි තරම
ඔබටම වැටහෙනවා ඇත.

ඉගෙනගන්නට කියා ඔබ ඇසුරුකරන පුද්ගලයන් නිසා
ඉගෙනගන්නට කියා ඔබ කළ කීදේ දේ නිසා
ඉගෙනගන්නට කියා ඔබ වියදම් කළ කාලය නිසා
ඉගෙනගන්නට කියා ඔබ වැය කළ ශ්‍රමය නිසා
ඉගෙනගන්නට කියා ඔබ වියදම් කළ මුදල් නිසා
පවතින වෙනසක් සිදු නොවූයේ නම්
ඔබ ඒ සියල්ලම නාස්ති කොට ඇත.
ඔබ ඔබම රවටාගෙන ඇත.
අන් බොහෝ අයද රවටන්නට ඇත.

------------------------------------------------------------
සැබැවින්ම ඉගෙනගන්නට අවශ්‍ය වන
සැබැවින්ම ඔබ ඉගෙනගතයුතුදේ
නිශ්චිතව හඳුණා ගෙන
තිර අදිටනින්, කැපවීමෙන් ඉගෙන ගන්නවාද?

නැත්නම් මෙතෙක් කළ අයුරින්ම
මේ රැවටීම, මේ වංචාව
දිගටම කරනවාද?

ඔබේ තීරණය අවසාන තීරණයයි.







5 comments:

  1. nice questionnaire,,,,,I will try by myself

    ReplyDelete
  2. උස්සහ කළා, ඉගෙනගත්තා අදත් සොයනවා..

    ReplyDelete
  3. Apooru prashna tikak... igenuma nisaa hama vishayakatath adesha karagena baluwa... (Y)

    ReplyDelete
  4. thaniyama hithuwoth me getalugena .aththatama mata egenaganna orni.thnx sir

    ReplyDelete