20140507

විලාසිතා නිරූපණයේදී ඉරියව්ව.............



( තවමත් ළදරු අවදියේ පසුවෙන අසම්පූර්ණ ලිපියක් )



මෙතරම් සන්සුන් 
සිත නිවන ඉරියව්වක් ඇත්ද?


ඉරියව්වකින් බොහෝ දේ කියවෙනවා.
කෙනෙකුගේ චරිතය, පෞරුෂය, රැකියාව,
වයස, ස්ත්‍රී පුරුෂභාවය,
කායික වෙහෙස, මානසික වෙහෙස, තනිකම,
මාන්නය, බියගුළු බව, උපහාසය, දරුණු බව,
අසරණ බව, උපේක්ෂාව...



ඉරියව් වලින් හැඟීම හෙළි කිරීම සතුන්ටත් පොදුයි..

නාට්‍ය වලදී ඉරියව් අතිශයෝක්තියෙන් දක්වනවා.


==================================================
විලාසිතා ඡායාරූපයක හැඟීම මෙන්ම
බොහෝ විට ඉරියව්වත්
උවමනාවෙන් සකස් කරගත් ඉරියව්වක්.

විලාසිතා ඡායාරූපයට
රසිකයා සම්බන්ධ කරන
සියුම් වරපට නිරූපනය කරන්නාගේ
මුහුණෙන් සහ ඉරියව්වෙන් ප්‍රකට වෙන හැඟීමයි.



අපහසු අසමතුලිත අවස්ථාවකට සිරුර පත්වී...
අපහසුවෙන් සිටීම අප්‍රියජනකයි..
-------------------------------------------------------------------------------





අපහසු අසමතුලිත අවස්ථාවකට සිරුර
උවමනාවෙන් පත්කොට...
සමබර හා සැහැල්ලු ඉරියව්වකින් සිටීම අපූර්වයි.

  පුටුවෙහි කෙළවරකට වී වාඩිවීම
විලාසිතා නිරූපණයේදී නිතර භාවිතා වෙන
සාර්ථක උපක්‍රමයක්
 
 මේ කෘතිම ආවේශය  ඉරියව්වේ සුන්දරත්වයට හොඳ ප්‍රවේශයක්.
--------------------------------------------------------------------

 සාමාන්‍ය ඉරියව්වකට වඩා වෙනසක් මෙහි ඇතත්
 මේ ඉරියව්වෙ ඉතිරි ටික හිතාගන්නට අපහසුයි.

විලාසිතා නිරූපණයේදී නිරූපණ ශිල්පි-ශිල්පිනියන්
ඉරියව්ව අපූර්ව කරගන්නට
සිතා මතා උපයෝගි කරගන්නා සරල උපක්‍රමයක්
ඇය නොදැනුවත්ව උපයෝගී වුණා.
 

 
.
 ( යකඩ බාර් එක දැක්කාම අගය අඩුයි)


 පහසු සමතුලිත අවස්ථාව
 

මෙහි වෙනස බලන්න.


අපහසු අසමතුලිත අවස්ථාවකට සිරුර
උවමනාවෙන් පත්කොට...
සමබර හා සැහැල්ලු ඉරියව්වකින් සිටීම අපූර්වයි.


.
විලාසිතා ඡායාරූප ශිල්පීන්ට සරල අභ්‍යාසයක්...
.

Richard Avedon- විලාසිතා සහ වෙනත් ඡායාරූප


No comments:

Post a Comment