20140507

ඡායාරූප PHOTOSHOP සංස්කරණය



http://www.republicofcode.com/tutorials/photoshop/retouch/
PHOTOSHOP මෘදුකාංගයේ තියන සංස්කරණ පහසුකම් වලින්
නිර්මාණශීලී ඡායාරූප ශිල්පියාට හා
නිර්මාණශීලී ඡායාරූප සංස්කරණ ශිල්පියාට
කරන්න පුලුවන් දේ අනන්තයි.

Photo by Pasan Senevirathne
පසන්ගෙ සංස්කරණයෙන්
මේ ඡායාරූපයෙ ලොකු දියුණුවක් වෙලා.

මේ ඡායාරූපයෙදි

පසන් තමන්ගෙ කතාව කියන්නට
අත්‍යාවශ්‍යම ප්‍රදේශය තෝරාගෙන තියනවා.

දරිද්‍රතාවය, ජීවන බර හැඟෙන්නට
වර්ණ රටාව හොඳින්ම ගැලපෙනවා.




මුල් ඡායාරූපය
 
මුල් ඡායාරූපයට වඩා අඳුරු හැඩි දැඩි අතකින්
වැඩි බරක් ඔසවාගෙන ඉන්න
වෙහසට පත් ධීවරයෙක් අපේ හිත මතුකරගන්න
සංස්කරණ සමත් වෙලා.
 
කලාවෙදි යථාර්ථයම
ඉදිරිපත් කළ යුතු නැහැ.
කලාවෙදි කරන්නෙ
මායාවක් තුලින් යථාර්ථය
උලුප්පා පෙන්වීමයි..
සිංහබාහු, මනමේ වැනි නාට්‍ය බලන්න.
ඒ රූපක ඉතාම ශෛලිගතයි.
ඒත් සාමාන්‍ය පවුලක හැසිරීමෙන්
අප නොදකින සත්‍යතා
සිංහබාහු නාට්‍යයෙන් නිරූපණය වෙනවා.

පසන් කරල තියෙන්නෙ
ඔහු දනවන්නට හදන හැඟීම
වඩාත් තීව්‍ර කිරීමයි.


 
මේ වර්ණය
ඇස දකින සත්‍යයෙන් දුරස් වුණාට
සිතින් දකින සත්‍යයට
සැබෑ වර්ණයට වඩා සමීපයි.




සංස්කරණයෙදි වක්‍රාකාර ලණුව කැපී ගිහින්. 

ලණුව ඇතුලට ආව නම් කියල
මමත් මොහොතකට හිතුවා.


ඒත් ඒ ලණුව තිබුණා නම්
අතට ලැබෙන අවධානය
සොරාගන්නවා.


මේ ඡායාරූපයෙ
ධන ඍණ අවකාශ දෙක අතර
රටා සම්පිණ්ඩණයත් ලස්සණයි..



PHOTOSHOP මෘදුකාංගයෙන් නිසි ප්‍රයෝජන ගන්න නම්
ඡායාරූපයක ගුණාගුණ, හොඳ නරක හඳුනාගැනීමෙ ශක්තිය
ඡායාරූප ශිල්පියාට හා ඡායාරූප සංස්කරණ ශිල්පියාට
අනිවාර්යයෙන්ම අවශ්යයි.

ඡායාරූප ශිල්පියා හා සංස්කරණ ශිල්පියා
රසඥතාවය, රසවින්දනය අතින් දුර්වල නම්
ඔහු PHOTOSHOP විශේෂඥයෙක් වුණත්
කළ හැකිදේ සීමිතයි..

යන්තම් PHOTOSHOP තොල ගාගත්ත
හොඳ රසඥතාවයක් තියන නවකයෙකුට
රසඥතාවය, රසවින්දනය අතින් දුර්වල 
ඡායාරූප ශිල්පීන් යටත්.

ඒ එක පැත්තක්.

අනික් පැත්ත තමයි
හොඳ රසඥතාවයක් තියන
සමහර දක්ෂ ඡායාරූප ශිල්පීන්
PHOTOSHOP වලට දක්වන අප්‍රසාදය.

ඔවුන් තමන් කැමරාවෙන් කරන දේ ගැන
තෘප්තිමත් වෙනවා වෙන්න පුලුවන්.

ස්ටීව් මැක්කරිගෙ ඇෆ්ගන් ගර්ල් පවා
නැෂනල් ගියෝග්‍රෆි සඟරාවෙ
පළකරන්න කලින්
යම් සංස්කරණයකට බඳුන් කළා.

තමන්ගෙ ඕනම ඡායාරූපයක්
තවත් දියුණු කරන්න පුලුවන් බව
සැබැවින්ම දක්ෂ ඡායාරූප ශිල්පියෙක්
අනිවාර්යයෙන්ම දන්නවා.
දක්ෂ ඡායාරූප ශිල්පියෙක්
තමන්ගෙ කැමරාවෙ තාක්ෂණයට වඩා
බොහෝ ඉදිරියෙන් ඉන්න කෙනෙක්.
ඔහුට කැමරාවෙන් යන්න පුලුවන් තැනත්
සැබැවින්ම යා හැකි තැනත්  අතර
විශාල පරතරය
ඩිජිටල් සංස්කරණයෙන්
බොහෝ දුරට පියවා ගත හැකියි.

http://ridmasankalana.blogspot.com/2012/11/lee-jefrees.html
ඡායාරූපය ගත් පසු
ලී ජෙෆ්‍රීස්  මෘදුකාංගයක් ඇසුරෙන්
ඡායාරූපය වැඩි දියුණු කරන්නේ
දෑසෙන් ප්‍රකට වෙන හැඟීම
තීව්‍ර කරන්නටය.

http://ppcdn.500px.org/19646145/683948fe23f27cf3485c3c4f20ef22f120fb3b3f/4.jpg
"ඇස් වල හැඟීම මතුවෙන විදියට

ඡායාරූපය මූලික වශයෙන්ම DODGE සහ BURN මගින්
සංස්කරණය කරනවා."

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgUTBzqXWLO59ymmdYxvinifKPKvRPE8APEpwhHMotHNtazo77ZUJCfikRL_5Ni1neTer6bT0jY2ZXSaZwF0dU7-YynNbCtctVLWHzZN7Nj7M55smSJ1TjDsMu9O7sPGrgjZGWbBZEZ4sQ/s1600/7159441053_7276f6a812_z.jpg
"මම ආලෝකය සහ අඳුරෙන් සංස්කරණය කරන්නෙ
හරියට ආගමික දෙයක් වගේ."

---ලී ජෙෆ්‍රීස් ---
https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-ash3/1172352_10200509044995339_1431028690_o.jpg

 දක්ෂ ඡායාරූප ශිල්පියෙක්
කැමරාවෙ තාක්ෂණය පිළිබඳ ශාස්ත්‍රීය දැනුම,
ශිල්පීය ඥාණය හා කලාත්මක දර්ශනය මගින්
කැමරාව හැසිරවීමෙන්
ඔහුගෙ කොටස හොඳින් ඉටු කරනවා.

එතනින් ඉදිරියට
ඔහුගෙ නිර්මාණය රැගෙන යන්න
හොඳ රසඥතාවයක් තියන
ඩිජිටල් සංස්කරණ ශිල්පියෙකුට පුලුවන්.

ඡායාරූප මුද්‍රණය කරන චිත්‍රාගාර වල
නවක සංස්කරණ ශිල්පීන් මත යැපෙන්නට
දක්ෂ ඡායාරූප ශිල්පීන්ට සිදුවී තිබෙනවා.

මෙතෙක් ඔහු ඇවිදගෙන ගිය මගේ,
සංස්කරණයෙන්
ඉදිරියට යා යුතු දුර යන්නට
ඔහු දක්ෂ ඡායාරූප ශිල්පියෙක් වුණත්
ඔහුට කිහිලි කරු භාවිතා කළ යුතු වෙනවා.

ඩිජිටල් සංසකරණ හැකියාවෙන් තොරව
ඩිජිටල් සංසකරණ ක්ශේත්‍රයට ඇතුලු වෙන
දක්ෂ ඡායාරූප ශිල්පියාට හොඳ දෑසක් තිබුණාට
දෙපා නැහැ.

ඩිජිටල් සංසකරණ ක්ශේත්‍රයට ඔහු කොරෙක්.

ඔහුට ඉතිරි දුර යන්න වෙන්නෙ
තමන්ට පෙනෙන දේ එලෙසින් නොපෙනෙන
දෙපා හොඳින් තියන අන්ධයෙකුගෙ කරපිටින්.
අන්ධයාට ඔහු දකින දේ නොපෙනෙන නිසා
දෙන්නම වලක වැටෙන්න පුලුවන්.

නවක ඡායාරූප සංස්කරණ ශිල්පියා
ඩිජිටල් සංස්කරණ තාක්ෂණයත් සමග
ඡායාරූප රස වින්දනය සහ
ඡායාරූප සම්පිණ්ඩනය හුරු විය යුතුයි.

ඩිජිටල් තාක්ෂණය මගින්
ඡායාරූපයක එළිය අඳුර සකස් කිරීම ඉක්මවා
සංස්කරණය කළ හැකි දේ
අනන්තයි, අප්‍රමාණයි.

ආලෝකය, අඳුර, වර්ණ, හැඩතල, අතර රිද්මය
රිද්ම රටා මනාව සංකලනය ආදියට බලපාන
සිද්ධාන්ත හා මූලධර්ම
ඡායාරූප ශිල්පියා මෙන්ම
ඩිජිටල් ඡායාරූප සංස්කරණ ශිල්පියාත්
උපයෝගී කරගත යුතුයි.
එසේ නැතිව ඔහුට හොඳ පා යුගලක් තිබුණත්.
ඡායාරූපය ගෙන යායුතු තැනක්
ඔහුට පෙනෙන්නෙ නැහැ.
ඔහු අතපත ගාගෙන ගිහින් කරන
අනුමාන, අඩමාන සංස්කරණ තමයි
ඔහු අපට ඉදිරිපත් කරන්නෙ.
ඔහු මත යැපෙන ඡායාරූප ශිල්පියාටත්
ඔහුගෙ සීමාව තුළ රැඳෙන්න වෙනවා.

මෙහි තවත් පැත්තක් නම්
කොරා පෙනීම ලබා ගැනීම සහ
අන්ධයා දෙපා ලබා ගැනීම යන
අභියෝග දෙකෙන්
වඩාත් පහසු කුමක්ද යන්නයි

ඩිජිටල් සංස්කරණ තාක්ෂණයෙහි කෙළ පැමිණි
විශිෂ්ඨ සංස්කරණ ශිල්පියෙකුට වුණත්
ඡායාරූප ශිල්පයේ කලාත්මක අංශය සහ
තාක්ෂණික අංශය
ශාස්ත්‍රීය වශයෙන් හදාරන්න පුලුවන් වුණාට
ඒ දැනුම ශිල්පීය වශයෙන්
ඡායාරූපකරණය තුළ හැදෑරීම
එතරම් පහසු නැහැ.
ශිල්පීය පැත්තෙන් හැදෑරීම බැලුවාම
සංස්කරණයට වඩා ඡායාරූප ශිල්පය
ඉතාම අපහසු මාධ්‍යයක්.

චිත්‍රාගාරයක් තුළ
කෘතිම ආලෝකකරණයෙන්
ද්‍රව්‍ය ඡායාරූප ගත කිරීම වැනි
ඉතා සීමිත අවස්ථාවන් කිහිපයක හැර
ඡායාරූප ශිල්පියා කැමරාවෙන්
සටහන් කරගන්නා ක්ෂණය
බොහෝ විට ඔහුගේ පාලනයෙන් තොරයි.
තත්පරයකින් කොටසක් තුළ
ඔහුගේ ඡායාරූපය
ඔහුගෙන් ගිලිහෙන්න පුළුවන්.
ඉතා අසීරුවෙන්,
විවිධ අභියෝග වලට මුහුණ දී
ඔහු ගන්නා ඡායාරූපය
පරිගණකය ඉදිරියේ හිඳ
සංස්කරණය කරන්නාට තියන
ප්‍රධානම අභියෝගය
ඔහුගේ තාක්ෂණික දැනුමයි.
ඒ ශාස්ත්‍රීය දැනුම සහ
ශිල්පීය දැනුම ලබා ගැනීම
සාපෙක්ෂව
ඡායාරූප ශිල්පියාට ඉතා පහසුයි.
ඡායාරූප ශිල්පය හදාරන්නට
ඔහු කළ කැපවීමෙන්
අංශු මාත්‍රයක් වැය කිරීමෙන්
ඔහුට එම දැනුම ලබා ගත හැකියි.

ඡායාරූප ශිල්පියාට සංස්කරණයත්
සංස්කරණ ශිල්පියාට ඡායාරූපකරණයත්
හොඳින් හදාරන තරමට
අද පවතින ඡායාරූපකරණයට ගැලපෙන පරිදි
කරන දේ වගකීමෙන් යුක්තව හා
සාර්ථකව ඉටු කරන්න පුලුවන්.

ඩිජිටල් ඡායාරූප සංසකරණය හරහා
පැහැදිලි ගමනක් යන
දක්ෂ ඩිජිටල් ඡායාරූප සංසකරණ ශිල්පියාට
ඡායාරූපකරණය මනාව හැදෑරීමෙන්
ඡායාරූපය ගන්නවාට එහා යන්නට නොදන්නා
දක්ෂ ඡායාරූප ශිල්පියාට
ඔහුගේ ගමන ඔහුට රිසි පරිදි යන්නට
හොඳ වාහකයෙක් වෙන්නට පුලුවන්.

ඡායාරූපකරණය හරහා
පැහැදිලි ගමනක් යන
දක්ෂ ඡායාරූප ශිල්පියා
ඩිජිටල් සංස්කරණයට හුරු වීමෙන්
තවත් අයෙකු මත යැපෙන්නේ නැතිව
තමන්ගේ ගමන
තමන්ගේ ම දෙපයින් යන්නට පුලුවන්.

1 comment:

  1. බොහෝ විට
    සංස්කරණය ප්‍රතික්ෂේප කරන්නෙ
    සංස්කරණය නොදන්නා
    ඡායාරූප ශිල්පීන්..
    ඔවුන් කළ යුතු හොඳම දේ
    හැකි ඉක්මණින්
    සංස්කරණය ඉගෙනීමයි.

    ඩිජිටල් එන්නත් කලින්
    ඡායාරූප ශිල්පීන්
    ඡායාරූප මුද්‍රණයේදී
    සිදුරු සහිත කාඩ්බෝඩ්,
    පුලුන් ගුලි ආදිය ආධාරයෙන්
    ස්ංස්කරණය කළා.

    ඒත් බොහෝ නවකයන්
    සංස්කරණය තුලින්
    හොඳ ඡායාරූප බාල කිරීම
    සංවේගජනකයි.

    ශිල්පියා එක්කෙනෙක් නම්
    කැමරාවෙන් ක්‍රොප් කළත්
    පරිගණකයෙන් ක්‍රොප් කළත්
    තීරණ ගැනීමෙ වෙනසක් නැහැ.

    අවස්ථාව වෙනස්.

    එකක් ත්‍රිමාණ දර්ශනයක් හරහා
    ගලා යන කාලයෙන්
    මොහොතක්.
    අනික එසේ නතර කරගත්
    ද්විමාන මොහොතක්..

    ReplyDelete