20131003

එක රාමුවකින් සැහීමකට පත් වෙන ඡායාරූප ශිල්පියා





   මට තියෙන ප්‍රහේලිකාව 
අපේ ගොඩක් අය අලුත් මෙවලම් පාවිච්චි කරත්
එක රාමුවකින් සැහීමකට පත් වෙන එක ගැන ....
= Kumara Nawagattegama.=
    --------------------------------------------------------------------

    එක නම් ඇත්ත.. කුමාර..
    අපේ අය මාන්නාධික කම නිසා
    ගොඩක් දේවල් වරද්දගන්නවා.

    කෙනෙක් රාමු සීයක් ගත්තත් අපි දකින්නෙ එකයි.
    ඒත් එක ෂොට් එකයි ගත්තෙ කියල කියන්නෙ
    වැඩි ලකුණු බලා පොරොත්තුවෙන්.

    ඒ එක ෂොට් එකට ලකුණු ගන්න යන කොට
    හොඳ ඡායා රූප හතරක් පහක් මග හැරෙන්න පුලුවන්..

    සමහර විට කීපයක් ගත්තොත්
    හොඳ එකක් තෝරන්නත් අමාරු වෙනවා.
    බොහෝ දෙනෙකුට ඒ ප්‍රශ්නෙ ඇති.

    ඡායාරූප දෙකක් දුන්නොත්
    එකක් තෝරන්න
    නිර්ණායක අවශ්‍යයි.

    ඒ දවස්වල,
    නෙගටිව් වලින් ගනිද්දිත්
    මෙත්තසේන 24ක් 36ක් ගන්නවා,

         පත්තරේ කවරෙට.
    ඔහු නෙගටිව් එක බලල
    හොඳයි කියල හිතෙන
    හැම එකම 3R ප්‍රින්ට් කරනවා..
    අපි ඒ ඔක්කොම බිම එළල
    නරක ඒවා අයින් කරගෙන යනවා,
    හොඳම එක ඉතුරු වෙන තුරු..

    ඇහැට ඡායාරූප තෝරන කෙනාට
    එයා ගන්න හැම එකම වගේ හොඳයි.

    ඡායාරූපයක් ගනිද්දි නැති නිදහසක්
    පස්සෙ ලැබුණට, ඒ නිදහස තුළ
    ඔහු දන්නෙ තාක්ෂණය විතරක් නම්
    අයින් කරන ටික අයින් කළාම
    ඉතුරු ටිකේ තාක්ෂණය හොඳ නම්
    හොඳ එකක් තෝරා ගන්න
    ඔහුට මිණුම් දඬු අවශ්‍යයි.
    නැත්නම් තෝරන්න වෙන්නෙ
    කණා ෂොට් එකක් තමයි.

    කැමරාව පාලනය කළාට
    කිසිම ඡායාරූප ශිල්පියෙකුට
    තමන් ගන්න අරමුණ පණ ඇති කෙනෙක් නම්
    සියයට සියයක පාලනයක් නැහැ.

    හොඳම එක ගන්න පුලුවනි නම් බොහොම හොඳයි.

    ඒත් හොඳම එක මොකක්ද..
    කොයි වෙලාවද කියල
    කියන්න පුලුවන් කාටද.?

    ඔහු හොඳම එක කියල බලල සතුටු වෙන්නෙ
    ගන්න ඉඩ තිබුණ නරකම එක වෙන්නත් පුලුවන්..

No comments:

Post a Comment