20130828

නිකොන්ද? කැනන්ද? Mobileද?


විශිෂ්ඨ ඡායාරූපයක
තාක්ෂණික ගුණයට එහා
 
වටිනාකමක් තියනවා.
 තාක්ෂණික දුර්වලතාවය හෝ තාක්ෂණික දක්ෂතාවය
ඒ වටිනාකම දකින්න බලපාන්නෙ නැහැ.

නාභිගත නොවුණා කියා
මේ ඡායාරූපය අපේ හැඟීමට දැඩි ලෙස බලපාන්නේ නැහැ.

 තාක්ෂණයෙන් කරන්නෙ ඒ වටිනාකම තීව්ර කිරීමයි.


හොඳ ඇසක් තියන කෙනෙකුට
හොඳ තෙවෙනි ඇස ශක්තියක්.

 තියන ඇස අන්ධ නම්
තෙවෙනි ඇස මොකක් වුණත්
වෙනසක් වෙන්නෙ නැහැ. 


කැමරාව කියන්නෙ ඡායාරූප ශිල්පියාගෙ කුලී වැඩකරුවා.
ඡායාරූප ශිල්පියාගෙ කම්කරුවා..

කම්කරුවාගෙ දක්ෂකම නිශ්චිතයි..

ඔහු මෙහෙයවීම ශිල්පියාගෙ වගකීමයි.

ඡායාරූප ශිල්පියාගෙ දැක්මට සීමාවල් නැහැ.

කැමරා අතරෙ පරතරයට වඩා
සිය දහස් ලක්ෂ වාරයක පරතරයක්
එකම කැමරාව පාවිච්චි කරන
ඡායාරූප ශිල්පීන් දෙන්නෙක් අතර තියනවා.

සැබෑ සීමාවල් තියෙන්නෙ
ශිල්පියාගෙ දක්ෂකමේ..
ඔහුගෙ නිර්මාණ ශීලි බවේ..
ඔහුගෙ ප්‍රතිභාවෙ...

ඔහුගෙ ඇසෙ දුර්වලතාවය
කැමරාවෙන් වැහෙන්නෙ නැහැ...
නිකොන් වුණත් කැනන් වුණත් ඔහුට එකයි..

http://www.hometone.com/wp-content/uploads/2012/07/stretchable-electric-torch_UjkvY_24431.jpg

විදුලි පන්දමකින් මගක් සොයාගෙන
ඉදිරියට යන කෙනෙක් එක්ක
අපි යනවා නම්
මොන විදුලි පන්දම අරන් ගියත් ඔහු යන්නෙ
ඔහු දන්න පාරෙම තමයි..
අපි දකින්නෙත් ඔහු
දකින දේම තමයි..

https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash3/1272457_10200574972283480_1834473664_o.jpg
ස්ටීව් මැක්කරි මේ ඡායාරූපය ගත්ත
කැමරාව හොඳ නිසා
තාක්ෂණික බවෙන් ඉහළ ඡායාරූපය ගත්තා.

ස්ටීව් මැක්කරිට
මේ "රාමුව තීරණය කරන්නට "
ඔහුගේ හොඳ කැමරාවෙන් ලැබුණ
සහාය කුමක්ද?

කිසිම සහායක් නෑ.

ලෝකයේ තියන හොඳම කැමරාවටවත්
ඡායාරූපයක රාමුව තීරණය කරගත නොහැකියි.
 කැමරාව හොඳ නම්
අපිට වඩා හොඳට පෙනේවි..
ඒත් පෙනෙන්නෙ එකම දේවල්..
එකම කෝණයෙන්..


කැමරාව අනුව ඔහුගෙ දැක්ම පුළුල් වෙන්නෙ නැහැ.

වෙනස් කැමරාවක් අතට ගත්තා කියල
ඔහු දකි
කෝණ
ඔහු තෝරන රාමු වෙනස් වෙන්නෙ නැහැ.
පැහැදිලි බව විතරක් වෙනස් වෙයි..

කැමරා අතර වෙනස වැදගත් වෙන්නෙ
වෘත්තීය ඡායාරූප ශිල්පීන්ටයි.
නවකයෙකුට මොබයිල් ෆෝන් එකත් ඇති.

ඡායාරූප ගනිද්දි දෙකක් වෙනවා
එකක් ඡායාරූපයක් ලැබීම.
දෙක ශිල්පියා පුහුණු වීම.

තාක්ෂණය බලපාන්නෙ පළවැන්නටයි..
වඩාත් වැදගත් වෙන්නෙ දෙවැන්නයි..
දෙවැන්නට කාඩ්බෝඩ් කැබැල්ලකින් කපාගත්ත
හතරැස් කොටුවක් තිබුණාම ඇති.

තියන කැමරාවකින් හෝ
මොබයිල් ෆෝන් එකෙන්
පුහුණුවෙන්න හිතාගෙන
ඡායාරූප සීයක් ගන්න කෙනෙක්
හොඳ කැමරාවක් නැහැ කියල
ඒ ඡායාරූප සීය නොගත්තා නම්
ඡායාරූප සීයත් නැහැ..පුහුණුවත් නැහැ.

තාක්ෂණික හේතු මත
ඒ සීයම වීසි කළත්
ඔහු ඉන්නෙ ඡායාරූප සීයක් ඉදිරියෙන්.
ඔහු ඒ අවස්ථා දෙසීය මග හැරියා නම්
ජීවිතයටම ආයෙ ලැබෙන්නෙ නැහැ.

තව කෙනෙකුට විකුණන්නෙත් නැත්නම්
වෘත්තීය මට්ටමෙන්
ප්‍රතිරූපයක් හදන්නෙත් නැත්නම්
තාක්ෂණයට වඩා
ඔබේ දැක්ම පුහුණුවට මුල්තැන දෙන්න.


කැමරාව සල්ලි වලට ගන්න පුලුවන්.


ඒ පුහුණුව වෙන මොන විදියකින්වත් ගන්න බැහැ.



ස්ටීව් මැක්කරිගේ මෙම ඡායාරූපයේ
ආලෝකය හා අඳුරද වෙන් වශයෙන්
රිද්මයානුකූලව සම්පිණ්ඩණය වී ඇති අයුරු
අධ්‍යයනය කරන්න.


Old Train in USA © Matthew Malkiewicz
ඡායාරූප ශිල්පියා අරමුණු කළත් නැතත්
ඔහු කැමතිවුණත් නැතත්
ඡායාරූපයක මොනවා හෝ රීති භාවිතා වෙනවා.
අපිට කරන්න පුලුවන් ඒ රීති පාලනය කිරීම විතරයි.

සුන්දරත්වයෙන් තොර මනාලියකට
වේශ නිරූපණය අත්‍යාවශ්‍යයි.
රිද්මයකින් තොර ඡායාරූපයකට
තාක්ෂණික ප්‍රමිතිය අත්‍යාවශ්‍යයි.


තාක්ෂණික ප්‍රමිතිය
මේ ඡායාරූපයෙ ඉහළින්ම තියන නිසා
මේ දුම් රොටුව ඉතා ලස්සණට
අපිට පෙනෙනවා.

ඒත් ඒ දුම් රොටුව සුදුවෙලා ගියොත්
අපිට රස විඳින්න දෙයක්
ඉතිරි වෙන්නෙ නෑ.
මෙහි සම්පිණ්ඩණයෙ
අමුතු සුන්දරත්වයක් නැහැ.

ඒත් මේ වගේ ඡායාරූපයක
හැඩතල අතරෙ තියන රිද්මය නිසා
විස්තර කොතරම් අඩුකළත්
සුන්දරත්වය ඉතුරුවෙනවා.

3 comments:

  1. ඇත්තටම මම ඕනම වෙලාවක මේ ලිපිය කියෙව්ව කියල හිතෙනව . :)

    ඇත්ත හොද ජායාරූප ගන්න හොද ඇහැක් හදාගන්න ඕනේ

    නිර්මාණශීලී මනසක් ගොඩනගාගන්න ඕනේ ..

    බොහොම ස්තූතියි සර් මේ දැනුවත් කිරීමට :)

    ReplyDelete
  2. බොහොම වැදගත් ලිපියක් මටත් තිබුන ලොකු ගැටලුවකට විසදුම් ලැබුනා..

    ReplyDelete
  3. kiyanna wachana na sir..........mama godak dawas me lipiya magaariya mma hithuwe cam aka thoraganna akaraya athi kiyala,ath kiyawannama orni lipiyathama meka......................thnx sir

    ReplyDelete