20130831

නවක ඡායාරූප ශිල්පියාට....




https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-ash4/q72/s720x720/1185013_10200519388693925_408850689_n.jpg
ඡායාරූප ශිල්පියෙක්
විශාල දර්ශනයකින්
අනවශ්‍යදේ ඉවත් කරලා
තමන්ට අවශ්‍යදේ තෝරා ගන්නවා වගේ
නවකයෙක් තමන්ගෙ වපසරිය
සරු කරගත යුතුයි.
දැක්ම සකස් කරගත යුතුයි.

තමන්ගෙ වපසරිය
සරු කර ගත් ඡායාරූප ශිල්පියා
යම් තරමකට පරිණත වීමෙන් පසු
තෝරා බේරාගෙන ඉවසීමෙන්
කටයුතු කළ යුතුයි.

ඒත් ඒ සංයමය ගොඩ නගා ගන්නට නම්
තමාට ඉඩ දීල,
තමන්ගෙ හිතට ඉඩ දීල..
නිදහසේ නිදැල්ලේ හැසිරිය යුතුයි.

නවක ශිල්පියාගෙ ජීවිතය
පරිණත කෙනෙකුගෙ ජීවිතයට වඩා වෙනස්..
නොමේරූ පැලයකට
මේරූ ගසක් මෙන්
හැසිරෙන්න බැහැ.

නවක ඡායාරූප ශිල්පියා
තම සිත් ගන්නා සියල්ලම
ඡායාරූප ගත කළ යුතුයි.
ඉදිරිපත් කළ යුතුයි.

ඔහු වැරදෙනවාට,
අන් අයගෙ ගැරහුම් ලැබීමට
බිය නොවිය යුතුයි.

තමාගෙ සිත් ගන්නා සියල්ල
ඡායාරූපගත කරන නවකයා
තමා නවකයෙක් බව
අමතක නොකළ යුතුයි.
තමන් කරන සියල්ලම
වැරදිවෙන්න පුලුවන් බව
ඔහු හැමවිටම සිතිය යුතුයි.
ඔහුගෙ වයස කුමක් වුවත්,
අද ඉන්න තැන.. වෘත්තිය කුමක් වුවත්
ඡායාරූප ශිල්පයට
ඔහු සිඟිත්තෙක්.

ඔහු පරිණත ශිල්පීන් මෙන්
හැසිරෙන්නට...
පරිණත ශිල්පීන් මෙන්
ප්‍රතිචාර ලබන්නට
ඉක්මන් නොවිය යුතුයි...

ඡායාරූපයක් උණත්
කෑමක් වගේ
රස නැතිවෙන්න හේතු දෙකයි තියෙන්නෙ.
1, ශිල්පියාට රසඥතාවයක් නැති කම.
2, රසිකයාට රසඥතාවයක් නැති කම.

ඔහුගෙ සිත් ගන්නා දේ
රූපමය භාෂාවෙන් කියද්දී
තමා දුටු දේ
තමාගෙ ඡායාරූපයෙ දකින්න නැහැ කියල
ඔහුට වැටහෙනවා නම්
ඔහුට දියුණු වෙන්න පුලුවන්..
ඔහු මුලින්ම
ඒ ගැටළුව විසඳාගත යුතුයි.

තමා ඇසින් දැකපු දේ
ඡායාරූපයට කොටුකරගන්නට
ඔහු ඉගෙන ගත යුතුයි.
ඒ දේ පැහැදිලිව
අනවශ්‍ය දේ ඉවත් කරලා,
අවශ්‍ය දේ උලුප්පලා පෙන්වන ආකාරය
ඔහු මුලින්ම ඉගේනගත යුතුයි.

මිනිසුන් රූපවලට ප්‍රතිචාර දක්වන
පොදු රටාවන් තියනවා.
ඒ පිළිබඳව දැනුවත්වීම
අත්‍යාවශ්‍යයි.

දෙවනුව
ඔහු ප්‍රිය කරන දේ
අනි
ක් අයට ප්‍රිය නැත්නම්..
ඔවුන්ට දැනෙන්නෙ නැත්නම්
තමන්ගෙ
ඡායාරූපයෙ
දුර්වලතා මොනවාද කියා
සොයා ගන්නට උත්සාහ කළ යුතුයි.

ඒ අතරම
ඔහු ප්‍රිය කරන දේ
අනි
ක් අයට ප්‍රිය නැත්නම්..
ඔවුන්ට දැනෙන්නෙ නැත්නම්,
ඒ අනික් කෙනාගෙ සංවේදීභාවයෙ
දුර්වල කමක් වෙන්නත් පුලුවන්.
ඒ වගේ වෙලාවට
තමන්ගෙ ප්‍රේක්ෂකයා ප්‍රියකරන්නෙ,
ඒ සමූහය ප්‍රිය කරන්නෙ
මොන විදියෙ ඡායාරූපද කියල
සෙවිල්ලෙන් ඉන්නවිට
ඇත්ත තේරුම් ගන්න පුලුවන්..
හොඳ ඡායාරූප අගය කරන..
හොඳ ඡායාරූප ශිල්පීන් ගැවසෙන
ඉගෙන ගන්න හොඳ වාතාවරණයක් තියන
සරුබිම්වල ගැවසීමත් අත්‍යාවශ්‍යයි..

ලෝකයේ ඉන්න ඉහළම පෙළේ
ඡායාරූප ශිල්පීන්ගෙ කෘති සමග
තමන්ගෙ ඡායාරූප සසඳන්න.
තමන් ඉන්න තැන කොයි තරම් පහළ වුණත්
එතන ගැන හීන මානයෙන් නොසිතා,
මානයෙන් දුර්වලතා වහගන්නෙත් නැතුව...
ඊළඟ පියවරට ඇතුළතින් මෝරන
උද්‍යෝගිමත් ජීවිතයක් ගත කරන්න.

ඔබ තුළ ඉන්න ඡායාරූප ශිල්පියාට වඩා
ඔබ තුළ ඉන්න ශිෂ්‍යයාට හිතවත්වෙන්න..
ඔහුට සලකන්න..
ඔහුට අවස්ථා ලබා දෙන්න.

ඔබ තුළ ඉන්න ඡායාරූප ශිල්පියාට
ජීවිතය දෙන්නෙ,
පෝෂණය කරන්නෙ
ඔබ තුළ ඉන්න ශිෂ්‍යයා විසින්.
ඔබ මවත් ඔහුයි.. පියාත් ඔහුයි...

ඔබ තුළ ඉන්න
නවක ශිෂ්‍යයා මරා දමන්නට
ඔබ තුළ ඉන්න ඡායාරූප ශිල්පියාට ඉඩ නොදෙන්න.
එය ඡායාරූප ශිල්පියා සිය දිවි නසා ගැනීමක්..

ප්‍රවීණයන් කියන්නෙ
තමන්ගෙ ගමන හමාර කළ ඡායාරූප ශිල්පීන්...
ඔවුන් මියගිය අය වුණත්...
ජීවත් වෙන අය වුණත්...
සත්‍යය එයයි..
ලෝකයේ බිහිවූ
හොඳම ඡායාරූප ශිල්පීන්
සදාකාලික නවකයන්...
සදාකාලික ශිෂ්‍යයන්...


නිකොන්ද? කැනන්ද? Mobileද?
ඡායාරූප ශිල්පියා යනු කැමරාව නොවේ..
තාක්ෂණික ශක්‍යතාවය - කලාත්මක කුසලතාවය
ඡායාරූපයක ආලෝකය සහ අඳුර....
කාචය, කාච විවරය, කාච ද්වාරය, ISO අගය -සරලව
රාමුව තුළ හැම දෙයක්ම ඡායාරූප ශිල්පියාගෙ වගකීමක්
ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?

4 comments:

  1. ඔබ මුලින්ම හැදුවේ ඔලුව.. ඒකට ස්තූතියි...

    ReplyDelete
  2. sir obakiwa sithganna siyalla chayarupagatha karanna kiyala.mata podi getaluwak thiyana a .mama facebook ake dakina goda pic walata mata pena adupadu,sarthaka lakshana mata hithena hetiyata comment karanawa.aka weradida ?mmath adunikayek akai

    ReplyDelete
    Replies


    1. ඔබ ඡායාරූප ශිල්පයට නවකයෙක් හෝ..
      කිසිවක්ම නොදන්න කෙනෙක් වීම
      නිහඬව ඉන්න හේතුවක් නෙවෙයි.
      ඔබට පෙනෙන මට්ටමෙන්
      ඔබට පෙනෙන අඩුපාඩු
      කිව්වට වරදක් නැහැ..

      ඔබ කියන දේ වැරදි වුණත්
      ඔබව හෙළා දකින්න
      ඔබට සිනාවෙන්න
      කාටවත් අයිතියක් නැහැ.

      ඔබ කියන දේ වැරදි නම්
      කවුරු හරි නිවැරදි කරාවි.
      ප්‍රශ්නය වෙන්නෙ
      තමන් කියන දේ
      නිවැරදියි කියා සිතීමයි.

      නිහඬව ඉන්න අයට වඩා
      අදහස් දක්වන අයට
      අලුත් යමක් ඉගෙන ගන්න තියන
      අවස්ථා වැඩියි.

      Delete