20130323

Auto mode ඡායාරූප




ඡායාරූපයක අගය සහ
ඡායාරූප ශිල්පියාගේ අගය
තීරණය වන්නේ සාධක දෙකක් මතය.
1, ආලෝකය, අඳුර පාලනය,
වර්ණ නිරවද්‍යතාවය, තානමය ලක්ෂණ ආදිය
මනාව පාලනය කිරීමට ශිල්පියා සතු
තාක්ෂණික ශක්‍යතාවය එකකි.
ඔහු සතු කැමරාවෙහි සීමාවන්
මීට ඍජුවම බලපායි.

2, වර්ණ සමබරතාවය මෙන්ම සංඝටනය,
අඳුර හා ආලෝක රටා,
රේඛ, හැඩතල ආදිය අතර රිද්ම රටා
මනා සංකලනයෙන් යොදාගනිමින්
ඔහුට අවශ්‍ය හැඟීම
රසිකයා තුළ මතුකරගන්නට
ඡායාරූප ශිල්පියා සතු
කුසලතාවය දෙවැන්නයි.

මින් පළමුවැන්නෙන් කෙරෙන කාර්යය
ඔහු වෙනුවෙන් කර දෙන්නට
කැමරාවෙ Auto Mode එක
යම් දුරකට ඔහුට උපකාර වෙනවා.
දෙවැන්න කරන්නට
ඔහුට සහාය විය හැකි මෙවලමක්
ලොව මෙතෙක් පහළ වී නැහැ.
---------------------------------------------------------
පහත දැක්වෙන්නේ කසුන් චන්දිමගේ ඡායාරූප දෙකක්.


පළමුවැනි ඡායාරූපය
තාක්ෂණික අතින් දුර්වලයි.
දෙවැන්න ඊට වඩා බොහෝ ඉදිරියෙන්.

ඒත් මේ දෙකම
කලාත්මක කුසලතාවය අතින්
ඉහළ මට්ටමක තියනවා.

තාක්ෂණික ශක්‍යතාවය නැති වීමෙන්
ඡායාරූපයක අගය අඩු වෙනවා.
කලාත්මක කුසලතාවය නැත්නම්
ඒ ඡායාරූපය
තාක්ෂණිකව කොයි තරම් ඉහළ වුණත්
හිස් ඡායාරූපයක්.

1, 
පොදුවේ ඡායාරූප ශිල්පියා
මනාව ශිල්පය හා ශිල්පීය උපක්‍රම
ප්‍රගුණ කළ යුතුයි.

 
2, 

කලාත්මක ඡායාරූප ශිල්පියා
දෘශ්‍ය කලා ඉතිහාසය,
වර්ණ සිද්ධාන්ත, සම්පිණ්ඩණය,
ආදී දෘෂ්‍ය කලා රීති,
මනාව ප්‍රගුණ කළ යුතුයි.

 
3, 

ව්නෝදාංශය සඳහා
ඡායාරූප ගන්නා අය කැමති නම්
ඡායාරූප ශිල්පියා කරන්නේ මොනවාදැයි
සොයා බැලිය හැකියි.

 
4, 

මේ සියලු දෙනාටම
අවශ්‍ය විටක
Auto Mode ඡායාරූප ගත හැකියි.

සමහර විට...
ශිල්පය නොදැන
වරද්දා ගන්නවාට වඩා
Auto Mode හොඳ විය හැකියි.



----------------------------------------------------------------------------------------------

තවත් සබැඳි සටහන්

ඡායාරූප ශිල්පියා යනු කැමරාව නොවේ.. 

 ඡායාරූප ශිල්පියා යනු කවරෙක්ද?

No comments:

Post a Comment