20130320

Abstract ඡායාරූපකරණයේ නිම් වළලු

සුදු කැන්වස් එකක වර්ණ ටිකක් තවරලා
එහි ත්‍රිමාණ හැඩතල මවනවාට වඩා
වර්ණ පදාස කිහිපයකින් හැඟීම් පහල කිරීම අමාරුයි..
එවැනි ශිල්පීන් වගේම එවැනි නිර්මාණ රසවිඳින්න තරම්
සියුම් රසඥතාවයක් ඇති රසිකයනුත් ඉතාම විරලයි.


Abstract  ගතිය තියන දුර්වල ඡායාරූප තියනවා.
Abstract  ගතිය තියන සාමාන්‍ය ඡායාරූප තියනවා.
හොඳ Abstract  ඡායාරූපයක් වෙන්න නම්
අප තුල විවිධාකාර ප්‍රබල චිත්ත රූප ඇති කළ යුතුයි.

මේ බෝට්ටුවක් නොවන බව ඔබ දන්නවා.
එහෙත් ඔබේ විඥ්ඥාණයෙ තැන්පත්ව ඇති
බෝට්ටු සහ මුහුදු වෙරළෙහි ඡායාරූපවල දත්ත විසින්
ඔබට කරන බලපෑමෙන් මිදෙන්නට ඔබට බැහැ.

මෙහි නිර්මාපක ඡායාරූප ශිල්පියා වන
Ciro Totku
මේ ඡායාරූපය හඳුන්වා ඇත්තේ
සුළි සුළඟ ලෙසයි.
මා මෙය දකින්නේ ගසක් ලෙසයි.

විඥ්ඥාණය ඇසුරෙන්
මෙවැනි විවිධ රූප මවා ගන්නට හැකි වීම
Abstract ඡායාරූප වල එක ගුණයක්..


හොඳ Abstract ඡායාරූපයක් වෙන්න නම්
අප තුල ප්‍රබල චිත්ත රූප ඇති කළ යුතුයි.
ප්‍රබල Abstract ඡායාරූපයක්
අපි තල දෙකක අතරමං කරනවා.
අපට සැබෑදේත් පෙනෙනවා.
නමුත් හිත කියන්නෙ වෙන දෙයක්..



 1, 
භාවාත්මක ඡායාරූප ගැනීමේදී හෝ භාවාත්මක චිත්‍ර ඇඳීමේදී
තමාට රිසි දේ කරන්නට නිදහස් මනසක් තිබීම අත්‍යාවශ්‍යය.
තාත්වික ලෝකයට හා එහි නීති රීතිවලට යටත් කෙනෙකුට
එම ලෝකය ඉක්මවා භාවාත්මක තලයට පිවිසිය නොහැක.


2, 
බොහෝ භාවාත්මක දෘෂ්‍ය රූප වල
රේඛා ප්‍රධාන තැනක් ගනියි.
වක්‍ර රේඛා මෙන්ම කෝණික හා ඍජු රේඛා
නිසි අයුරින් යොදා ගැනීමෙන්
යොමු වන ඇස, ප්‍රියජනක රටාවන් ඔස්සේ
සැරි සරන්නට පෙළඹවිය හැක.


3, 
වර්ණ සිද්ධාන්ත නිසි පරිදි හා රිසි පරිදි
නම්‍යකරණයෙන් භාවාත්මක බව හැඩ ගැන්වීම මෙන්ම
උද්දීපනය කිරීමද කළ හැක.


4, 
රීති පිළිබඳ දැනුමද ඉතා වැදගත් වන්නේ
ඔබ ගනුදෙනු කරන භාවයන් උත්තේජනයෙන් හා
උද්දීපනයෙන් හැඟීම් කුලුගැන්වීම
භාවාත්මක දෘෂ්‍ය කලාවේ
මුඛ්‍යාංගය වන බැවිනි.



5, 
නව කෝණ සහ නව මානයන් සොයන්න.
බොහෝ කලාතමක නීර්මාණ හා මෙවලම්
නිර්මාණය වන්නේ හුරු පුරුදු දේ
නුහුරු නුපුරුදු විදියට දැකීමෙන් හා
ඉදිරිපත් කිරීමෙනි.
භාවාත්මක නිරමාණකරණයේදී
මෙහි අගය කියා නිමකළ නොහැක.



6, අහඹු නිර්මාණ. 
ලෝකයේ බොහෝ දෙ අහම්බෙන්, අත්වැරැද්දෙන්
හා නිතැතින්ම සිදුවන දෙයින් නිමැවෙන අවස්ථා අනන්තය.
වැරදුණු ඡායාරූපයක් මකා දමන්නට පෙර
එහි භාවයන් ජනිත කිරීමට සමත්
කිසියම් දෘෂ්ය රූපයක් ඇත්දැයි විමසන්න.



7, 
ක්ෂේත්‍ර ගැඹුර භාවාත්මක ඡායාරූපකරණයේදී
ඉතා වැදගත් සාධකයක්. පැහැදිලිව පෙනෙන දේත්,
නොපෙනෙන දේත් අතර පවතින අවකාශයෙහි
ඒ දෙක අතර ගැඹුර තුළ අපිට පෙනෙන දේ දැනෙන ප්‍රමාණය
පාලනය කරගෙන කරන රිද්මයානුකූලව සංකලනයෙන්
ඉතා ප්‍රබල භාවාත්මක ඡායාරූප නිර්මාණය කරගත හැකියි.


8, 
විස්තර ඉතා පැහැදිලිව සටහන් කර ගැනීම මෙන්ම
එහි ප්‍රතිවිරුද්ධ අන්තයත් භාවාත්මක ඡායාරූප කරණයේදී වැදගත්.

HDR තාක්ෂණයත් මෙහිදී ආධාර විය හැකියි.


9, 
විසිතුරු රටාවන් මගින් භාවාත්මක ඡායාරූප සැකසීමත්
ඉතාම ජනප්‍රිය හා ප්‍රචලිත ක්‍රමයක්.




10, 
මතුපිට පෘෂ්ඨයෙහි ස්වභාවයත්
භාව උත්තේජනය හා උද්දීපනය කෙරෙන තවත් සාධකයක්.

 
By MaSs Balasooriya
 මේ ඡායාරූපය කුඩා ප්‍රමාණයෙන් පෙන්නුවොත්
මේක Abstract වෙනවා.

 
Ciro Totkuගේ ඡායාරූප බලන්න.
ඇයි ඒවා කුඩාවට තියෙන්නෙ.

 
ඡායාරූපය ලොකු වුණොත් 
තියන දේවල්
අපි ඒ තියන විදියට අඳුනා ගන්නවා.
මේ ඇණය අපි ඇහැක් විදියට දකින්න නම්
ඡායාරූපය යම් දුරක් අපෙන් ඈත් කරන්න ඕනෙ.


අප ඉදිරිපත් කළේ සාධක කිහිපයක් පමණයි.
ඔබ දකින භාවාත්මක ඡායාරූප නිරීක්ෂණය කරන්නට හා
විශ්ලේෂණය කරන්නට ප්‍රවේශයක් මෙන්ම
කෙටි පෙරහුරුවක් පමණයි මේ.



භාවාත්මක ඡායාරූප ශිල්පියා
දෘෂ්‍ය කලා ඉතිහාසය, දෘෂ්‍ය කලාවේ වර්ධනය,
ලොව මෙතෙක් සිටි ඉහළ පෙළේ දෘෂ්‍ය කලා ශිල්පීන්ගේ
ජීවන චරිත ආදිය හැදෑරිය යුතුයි.

නැත්නම් මේ අපූර්ව හැකියාව
සාමාන්‍ය රසිකයින්ගේ අවිචාර නිසා
මොට වෙන්න පුලුවන්.

අන් අයගෙ අදහස් මත
තමන්ගෙ ගමන හැඩ කර ගැනීම කළයුතු වුණත්
ඔවුන්ගේ අදහස් මත තමන්ගෙ ගමන නොයා යුතුයි.

විචාර, විවේචන, පැසසුම්, ගැරහුම්,
මේ සියල්ලම ගමනකට අත්වැලක්...
ඒත් ඒදණ්ඩ නෙමෙයි. 

 ඒ දණ්ඩ වෙන්නෙ තමන්ගෙ හැකියාව, රසඥතාවය
අන් අයගේ සතුට උදෙසා
තමන් සතුදේ  ඉදිරිපත් කරන්නට ඇති ආශාව..
ආදී ශිල්පියා තුළම වැඩෙන දේවල්.

ඒ දණ්ඩ මතයි, ඔහුගෙ ගමන පවතින්නෙ.

අත්වැල නැතුව ඒ දණ්ඩෙ යන කෙනෙක්
අත්වැල නැති වුණාට වැටෙන්නෙ නැහැ.



 







 









 

 







 


 





















 





























 




 


 













 

















==================================================================
 විඥ්ඥාණය 
එකම දේකින් අපට විවිධ රූප මවා දෙන ආකාරය

උදේ 10ට එකම අව්ව
නුවරඑළියට හා කොළඹට පතිත වෙනවා.
උෂ්ණත්වමාපකයක්
ඒ දෙපලෙම පෙන්වන්නෙ
එකම උෂ්ණත්වයක්
කියා උපකල්පනය කරමු..



ඒ අව්වෙන් දැනෙන එකම උෂ්ණත්වය
කොළඹ හා නුවරඑළියෙ ඉන්න දෙදෙනෙකුට
දැනෙන්නෙ එකම විදියකටයි.

ඒ දෙදෙනා විඳින්නෙ දෙවිදියකටයි.

මතක තබාගන්නෙ දෙවිදියකටයි.

කොලඹ පරිසරයට සාපේක්ෂව
කොළඹ ඉන්න කෙනාගෙ ගත රත් වෙලා තියෙන්නෙ.
කොළඹ ඉන්න කෙනාට ඒ අව්වෙන් දැනෙන වේදනාව
දුක්ඛ වේදනාවක් විදියටයි දැනෙන්නෙ.
ඔහු ඒ වේදනාව හඳුනාගන්නෙ
දුකක් විදියටයි.
ඒ අනුව ඔහු කයට දැනෙන තාපය
අප්‍රිය කරනවා.
ඔහු කොළඹට සාපේක්ෂව
ඒ වේදනාව අප්‍රිය කරනවා.
ඒ අප්‍රිය බව ද්වේශ සංස්කාරයක් විදියට
ඔහුගෙ විඥ්ඥාණයෙහි සටහනක් තබනවා.

ඔහු ඒ වෙලාවෙම නුවරඑළියෙ  ඉන්නවා නම්
ඔහුගෙ අත්දැකීම වෙනස්.
නුවරඑළියෙ පරිසරයට සාපේක්ෂව
නුවරඑළියෙ ඉන්න කෙනාගෙ ගත
සීතල වෙලා තියෙන්නෙ.
නුවරඑළියෙ ඉන්න කෙනාට
ඒ අව්වෙන් දැනෙන වේදනාව
සුඛ වේදනාවක් විදියටයි දැනෙන්නෙ.
ඔහු ඒ වේදනාව හඳුනාගන්නෙ
සැපක් විදියටයි.
ඒ අනුව ඔහු ඒ තාපය ප්‍රිය කරනවා.
ඔහු කොළඹට සාපේක්ෂව
ඒ වේදනාව ප්‍රිය කරනවා.
ඒ ප්‍රිය බව රාග සංස්කාරයක් විදියට
ඔහුගෙ විඥ්ඥාණයෙහි සටහනක් තබනවා.

නුවරඑළියෙ ඉන්න කෙනෙකුට කොළඹ යන්න වුණොත්
කොළඹදි ඔහු වින්ද දුක නිසා
ඔහුගෙ විඥ්ඥාණයෙහි සටහන්වූ මතකය -
එනම් ද්වේශ සංස්කාරය මතු වෙලා
ඔහුට කොළඹ යන එක අප්‍රිය වෙනවා.

කයට දැනෙන තාපය එකම ප්‍රමාණය වුණාට
කොළඹ හා නුවරඑළියෙ ඉන්න දෙදෙනෙක්
විඳින්නෙ දෙවිදියකටයි.

 Abstract ඡායාරූපවලින් අප ඇසින් දකින දේට වඩා
වෙනස් දෙයක් හිතින් විඳින්න අපට පුළුවන් වෙන්නෙ
මේ ඉන්ද්‍රජාලික ක්‍රියාවලිය නිසයි


No comments:

Post a Comment