20140410

චිත්‍ර ශිල්පයෙන් ඡායාරූප ශිල්පයට ආලෝකයක්..


Artist Andrew Wyeth

ඡායාරූප ශිල්පියෙක් කරන්නෙ
තමන් දකින දර්ශනයක්
තමන් දකින කෙනෙක්, සතෙක්..
සුදුසු කෝණයකින්, සුදුසු රාමුවක් තුළ
ඡායාරූප ගත කිරීමයි.

සාමාන්‍ය චිත්‍ර ශිල්පියෙක්
ඡායාරූප ශිල්පියෙක් වගේම
දකින දේ දකින විදියට
අඳින අවස්ථා තියනවා.

දක්ෂ චිත්‍ර ශිල්පීන්
තමන්ගෙ හැකියාව සහ රුචිය අනුව
චිත්‍රයක් නිර්මාණය කරනවා.
පළමුවෙන්ම ඔහු මේ සඳහා
 සැකිල්ලක් නිර්මාණය කරගන්නවා.

මේ සැකිල්ල ඔහුගෙ හැඟීමෙ දළ සටහනක්.
ඔහු ඒ හැඟීම තව කෙනෙකුට
විඳින්න හැකි තත්වයට අත් කළ යුතුයි.


සිත්තරාගේ හැඟීමෙ දළ සැකිල්ලට
වර්ණ, හැඩතල, රේඛා ආදිය මගින්
ජීවය කැවීම ඔහුගේ කාර්යයයි.

ඔහු අවසානයේ කරන නිර්මාණය
ඔහුගේ මූලික සැකිල්ලට
බොහෝ සෙයින් වෙනස් විය හැකියි.

ඡායාරූප විශ්ලේෂණය කිරීමෙන්
අපි සොයන්නෙ ඡායාරූප ශිල්පියා
ඡායාරූපය ගන්න මොහොතකට කලින්
සිතින් දැක සිතින් විඳි සැකිල්ලයි.

එසේ විශ්ලේෂණය කිරීම
කුසීත ඡායාරූප ශිල්පීන්ට
අප්‍රසන්න කාර්යයක්.
ඔවුන් කැමති හිතුමතේ ඡායාරූප ගන්නයි.
කිසියම් විනයක් පවත්වා ගැනීම
ඔවුන්ට හිසරදයක්.

ඔබ එවැන්නෙක් නොවෙයි නම්
ස්වෝත්සාහයෙන් ඡායාරූප විමසලා
රිද්මයානුකූල සැකිල්ල සොයා ගන්න.

ඔබ ඡායාරූප ගන්නා විටත්
මේ සැකිල්ල දකින්නට උත්සාහ කරන්න.

===========================================

අපි රූපයක් දකින විට
ඉරියව්ව හා සත්ව වර්ගයා අනුවත්
වෙනත් නොයෙක් සමානතා අනුවත් සමාන දේවල්
නිරායාසයෙන්ම වර්ගීකරණය කොට කාණ්ඩ ගත කරනවා.
සමාන වර්ණ වශයෙන් හා සමාන හැඩ තල වශයෙන්
සමාන ගුණ මත රූප කාණ්ඩ අප සිතට දැනෙනවා.

මේ ඡායාරූප වල
සමාන වර්ණ වශයෙන් හා සමාන හැඩ තල වශයෙන්
දක්නට ලැබෙන කාණ්ඩ හඳුනා ගන්න.

.
 
 
 මේ සටහන බලන්න

============================================================

බැලූ බැල්මට සාමාන්‍ය ඡායාරූපයක්.
 විශ්ලේෂණය කරල බැලුවාම
අතින් එහාට මෙහාට කරල හදාගත්තා වගේ
සමබර රාමුවක්
 
 ඡායාරූපයක් තුළ රටා මතු කර ගන්න නම්
අවම වශයෙන් අන් අයගෙ ඡායාරූප තුළවත්
රටා හඳුනාගත හැකි සංවේදී මනසක්
ඡායාරූප ශිල්පියාට තියෙන්න ඕනෙ.

සැබෑ ත්‍රිමාණ පරිසරයෙ
රටා දකින්න අපහසුයි.

දක්ෂ ඡායාරූප ශිල්පීන්ගෙ
ද්විමාන ඡායාරූප විශ්ලේෂණය
ඊට හොඳ පිවිසුමක්.

Photos by Steve McCurry

 මේ ඡායාරූපවල
උදාසීන වර්ණ සහිත වටාපිටාවෙ
රතු වර්ණය අරමුණට ඇස ගෙන යනවා.
ඒ නැතත් මේ පරිසරයෙ
ලොකු කුඩා හැඩතල සියල්ලම පාහේ
අපේ ඇස අරමුණ වෙත ගෙන යන විදියට
අරමුණ වටා රොක් වෙනවා.



රතු සහ කොළ වර්ණ
එකිනෙකට ප්‍රති විරුද්ධයි..
එකක් වැඩියෙන් සහ
අනික ගැලපෙන අනුපාතයකින් තියනවා නම්
හොඳ ඡායාරූපයකට
ඒ සංගතිය ආලෝකයක්.
මෙහි ඒ සංගතිය
ඉතාම හොඳින් පිහිටා තියනවා.
එම වර්ණ දෙකට බාධා නොවෙන විදියෙ
උදාසීන වර්ණ රටාවක්
පසුබිම් වීමත් නොමඳ සහායක්..

කලුපාට හැඩතලත්
කාන්තාව වටා සර්පිලයක් වගේ
කාන්තාවට අවධානය අරන් දෙනවා...


මෙහි සම්පිණ්ඩණ රටාව ඉතාම පැහැදිලියි..
-------------------------------------------------------------------------------------------
https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-prn1/21436_10200350303746907_723185843_n.jpg
Photo by Steve McCurry
 
 
 
 
 
 
 
 
 
 
 
 

1 comment:


  1. 19 ශතවර්ෂෙය් සෑහෙන දුරක් යනකල්ම යුරෝප කලාව කෙරේ බලපෑවෙ තාත්විකත්වය. තාත්විකත්වයට යටවුණු චිත්‍ර ශිල්පියාත් මූර්ති ශිල්පියාත් තමා පිට පවරාගත් කාර්යය වූයේ සත්‍ය ලෙසත් සූක්ෂ්ම ලෙසත් බාහිර ලෝකය පිටපත් කිරීම. එහෙත් නවීන විද්‍යාව මේ කටයුත්තට අතගැහුවට පස්යසයි, ඒ කිවුවෙ ඡායාරූප ශිල්පය ආරම්භ වුණාට පස්සෙයි චිත්‍ර ශිල්පියාට තාත්විකත්වයේ ආධිපත්‍යයෙන් මිදී හුස්මක් කටක් ගන්න පුළුවන් වුණේ. ප්‍රකෘතිය තත් වූ පරිදි චිත්‍රණය කිරීම චිත්‍ර ශිල්පියාට තවදුරටත් අවශ්‍ය වුනේ නෑ. ඒ කටයුත්ත කැමරාවට, තත්පරයකිනුත් පංගුවකින් කරන්න - ඉතාම හොඳට කරන්න - පුළුවන් වුණා. සංගීතයත් නැටුමත් වගේ චිත්‍ර ශිල්පයත් මූර්ති ශිල්පයත් අද පූර්ණ අමූර්තත්වය කරා ගමන් කරල තියෙනවා.. -අජිත් තිලකසේන, සම්ප්‍රදාය හා නවීකරණය, 22පිට

    ReplyDelete