20150207

දිගු අනාවරණ නිර්මාණාත්මක පෙළහර - Long Exposure Magic


කැමරාවෙ Slow shutter speed එකෙන්
පෑ හැකි පෙළහර බොහෝයි..

 
සිත එකඟ කරගෙන දැහැන් බලයෙන්
මිනිසුන් පාන  පෙළහරත් එහෙමයි..
 
මිනිසුන් පාන පෙළහරත්
බොහෝ විට මැජික් කරුවෙකුගෙ
ඉන්ද්‍රජාලමකට වැඩි දෙයක් නෑ.
ඇත්ත වශයෙන්ම
බුදුන් වහන්සේ අන් අය ගැන සිතා
අවස්ථානුකූලව පෑ පෙළහර හැර
අන් කිසිදු පෙළහරක් ගැන
මා උනන්දු වෙන්නෙ නැහැ..
සාමාන්‍ය පුහුදුන් කෙනෙක්
අටලෝ දහමින් කම්පා නොවී විසීම තරම්
තවත් පෙළහරක් නැහැ..

ඡායාරූප ශිල්පියෙක්
තාක්ෂණික උපක්‍රම තුළින් කැමරාවෙන් පාන පෙළහර
ශිල්පියාට අමුතු වටිනාකමක් දෙන්නෙ නෑ.
තාක්ෂණික උපක්‍රම ඉක්මවා ඔහු පාන
නිර්මාණාත්මක පෙළහර විශ්මිත ප්‍රතිඵලයක් වෙන්නෙ
රිද්ම සංකලන දකින්න ඔහුට ඇති හැකියාව මතයි..


















 










































2 comments:

  1. බොහෝ ම ස්තූතියි අතුල මේ එකතුවට.
    බොහෝ විට මගේ ඊ ළඟ ප්‍රදර්ශනය දීර්ඝ අනාවරණ ඡායාරූප විය හැකියි. මේ දවස්වල ඒකට අවශ්‍ය විෂුවල් හිතමින් ඉන්නවා සහ සල්ලි එකතු කරමින් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. සුබ පතනවා,තේනුවර...
      මග බලා ඉන්නවා.
      ආලෝක පින්තාරු, මතකය සමග...

      Delete