වසරින් වසර නිරුවත් ඡායාරූප සහිතව එළි දකින කැලැන්ඩරයක් වුවද
මෙවර ස්ටීව් මැක්කරි විසින් ඇඳුම් ඇඳගත් විලාසිතා නිරූපන ශිල්පිනියන් යොදාගෙන
ඡායාරූප ගත කිරීම ව්‍යාපාරික හා වෙළඳ ප්‍රචාරණ ලෝකයෙහි මෙන්ම
ඡායාරූප ක්ශේත්‍රය තුළද මහත් ආන්දෝලනයකට තුඩු දී ඇත.
1964දී ආරම්භ කරන ලද PIRELLI කැලැන්ඩරය
කලාත්මක මෙන්ම ශෘංගාරාත්මක නිරුවත් සහ අඩ නිරුවත් ඡායාරූප නිසා
ඉතා ඉක්මණින් ප්‍රසිද්ධ වූයේ විලාසිතා නිරූපන ලෝකයේ
නොමැකෙන සලකුණක් තබමිනි.
වසරින් වසර පිරෙලි කැලැන්ඩරය
Herb Ritts, Richard Avedon, Annie Liebovitz, Mario Testino, Terry Richardson Karl Lagerfeld වැනි විශිෂ්ඨ, ලෝපතළ ඡායාරූප ශිල්පීන් අතින් විසිතුරු විය.
--------------------------------------------------------------------------------------------------------
උපුටා ගත් ඡායාරූපයකි මේ.
--------------------------------------------------------------------------------------------------------
"මේ සඳහා ඔවුන් මාව තෝරා ගැනීමෙන් මා විශ්මයට පත්වුණේ
සාමාන්‍යයෙන් මම විලාසිතා ඡායාරූපකරණයෙහි නොයෙදෙන්නෙකු නිසායි.
සුරූපී, විචිත්‍රවත් විලාසිතා නිරූපන ශිල්පිනියන් පමණක් නොව
කිසියම් ආකාරයක යහපත් කටයුත්තක යෙදෙන ශිල්පිනියන්
මේ සඳහා යොදාගත යුතුයැයි මා සිතුවා."
ස්ටීව් මෙම ව්‍යපෘතියට එකඟ වූයේ
ඡායාරූපකරණය ඔහුට රිසි පරිදි හසුරුවන්නට ඉඩදීමට PIRELLI සමාගම එකඟවිය යුතුය
යන කොන්දේසිය මතයි.
"සොයාගත් අවස්ථාවන් ඡායාරූප ගතකරන වීදි ඡායාරූපශිල්පියෙක් ලෙස මම මාව
හඳුන්වාදෙන්නට කැමතියි. නිරුවත් රූප ඔබට ඕනෑම තැනක ඡායාරූප ගතකරන්නට
හැකියි. නමුත් මේ නිරූපන ශිල්පිනියන් අරමුණක් සහිත සමාජ සේවාක්රියාකාරීන් .
ඔවුන් සඳහා විශේෂ පරිසරයක් තෝරා ගැනීමට සිදු වුණා. රියෝ ද ජැනයිරෝ ඒ සඳහා
සුදුසුම තැනක්."
"මා මෙම ව්‍යාපෘතිය හැසිරවූයෙ විලාසිතා නිරූපන ඡායාරූකරණයකට වඩා
චරිත ප්‍රකාශන ඡායාරූපකරණයක් මෙනි. ඔවුන්ට රිසි අයුරින් හැසිරෙන්නට දෙමින්
තනි පුද්ගලයින් ලෙස ඔවුන් ඡායාරූප ගත කරන්නට වෑයම් කළෙමි."
ස්ටීව් මැක්කරි පැවසීය.