20130701

ඡායාරූපයක විශේෂිත සාධක හුරුව.




 වර්ණ, හැඩතල මෙන්ම රේඛා,
ආලෝකය, අඳුර, පර්යාලෝකය,
මතුපිට පෘෂ්ඨික ස්වභාවයන්...
ආදිය ඡායාරූපයක් තුළ
සිත්ගන්නා අයුරින් සම්පිණ්ඩණය කර ගැනීම
ඡායාරූප ශිල්පියෙකුගේ
ප්‍රධානම අහියෝගයයි.

මෙම තෝරාගැනීම් කරන්නට ඔහුට ඇත්තේ
ඉතාම සුළු කාලයක් විය හැකියි.
කාලය තිබුණත්
තෝරාගන්නට ඇති විකල්ප
සිය දහස් ගණනක් විය හැකියි.

ඡායාරූපයෙන් මතුවන පණිවිඩය,
ව්‍යන්ගයෙන් පැවසෙන කතන්දර
ආදිය දෙවනුව සලකා බැලිය හැක.

වර්ණ, හැඩතල මෙන්ම රේඛා,
ආලෝකය, අඳුර, පර්යාලෝකය,
මතුපිට පෘෂ්ඨික ස්වභාවයන්...

නවක ඡායාරූප ශිල්පියෙකුට
පහසුවෙන් යෙදිය හැකි
සරල අභ්‍යාසයක් නම්
මෙම සාධක තනිව හැදෑරීමයි.

http://t1.gstatic.com/images?q=tbn:ANd9GcQeDFsvt0Zm9A3vST3oISXgVokvhxTIJyq_w71IIwwi9pRxMOHS