20140705

ඡායාරූපයක ධන ඍණ අවකාශ



හොඳ රූපයක
ධන ඍණ අවකාශ දෙක අතර
ප්‍රිය ජනක අනුපාතයක් සහ රිද්මයානුකූල රටාවක් තිබිය යුතුය..
 
 

එම අනුපාතය ප්‍රිය ජනක වීමට
පහත දැක්වෙන යින් යැන්ග් රූපයෙහි මෙන්
සියයට පණහ බැගින් විය යුතු නැත.


 අවකාශයක් ධන හෝ ඍණ ලෙස
වෙන්කර හඳුනා ගන්නේ කෙසේද.?

කිසියම් ඡායාරූපයක
ඔබේ අවධානය දිනාගන්නා ප්‍රදේශය
ධන අවකාශය ලෙස හැඳින්වේ.
ඉතිරි කොටස ඍණ අවකාශයයි.

මෙහි ඔබ දකින්නේ මල් බඳුනද?
නැත්නම් මුහුණු දෙකද?

ඔබ දකින්නේ මල් බඳුන නම් ඒ ධන අවකාශයයි.
මුහුණු දෙක ඍණ අවකාශයයි.

ඔබ දකින්නේ මුහුණු දෙක නම් ඒ ධන අවකාශයයි.
මල් බඳුන ඍණ අවකාශයයි.


 දෘශ්‍ය කලාවේදී මනා සම්පිණ්ඩණයක් සඳහා
 මේ හැඩතල දෙකම වැදගත් වෙයි.






 මේ සමස්ත මෝස්තරයෙ හොඳ තැනක් බලල
Henri Cartier-Bressan
අරමුණ තනි කරගෙන තියන ආකාරය..

By  Henri Cartier-Bressan
ධන ඍණ අවකාශ  ලෙස සැලකූ විට
කවුලු රැසත් ධන අවකාශයට අයිති බව වැටහෙයි

පසුබිමේ තියන කවුලු එක බැගින් මකල බලන්න.
සමස්ත ඡායාරූපයට ඒ අඩුව බලපාන්නෙ කොහොමද?
වම් කෙළවරේ ඉහළ තියන කොටස ඉවත් කරන්න පුලුවන්ද?
ඉවත් කළොත් ඒ අඩුව බලපාන්නෙ කොහොමද?
 

 Arnold Newman

  Arnold Newman

  Arnold Newman


විලාසිතා නිරූපන ඡායාරූප ශිල්පීන්ට මේ හැකියාව අත්‍යාවශ්‍යයි.








චීන දෘශ්‍ය කලාකරුවන්
අවකාශයත්, ඝන වස්තුවත් දෙකම
නිර්මාණයක අංග වශයෙන් සලකා
 
නිර්මාණය සමබර කරනවා.


චීන චිත්‍ර ශිල්පීන්, ඡායාරූප ශිල්පීන් ඇතුළු කලා කරුවන්
අවකාශය සහ ඝන හැඩය ඉතා නිර්මාණ ශීලීව භාවිතා කරනවා.


 
================================================
වෙනස් අවස්ථාවන්හි ගත්
දළ සේයාපට මිශ්‍ර කරමින්
Don Hong-Oai විසින්
මේ ඡායාරූප නිමවා තියෙන්නෙ
ප්‍රබල සංයමයක් දිස්වෙන
පැරණි චීන චිත්‍ර ශෛලිය
අනුගමනය කරමිනුයි.
.

 

 
 
 -------------------------------------------------------------------------------------

ඡායාරූපයක ධන ඍණ අවකාශ 
අලුත් රිද්ම සංකලන බ්ලොග් පිටුවක්
මූලික සංස්කරණ අවදියෙ තවම තියෙන්නෙ.
පැහැදිලිද කියා බලා අදහස් පළ කරන්න.




4 comments:

  1. This is very valuable and interesting. Hope it would be quite useful to both amateurs and professionals.

    ReplyDelete
  2. very useful.thank you very much..........................

    ReplyDelete
  3. Thanks you very much.... its so helpful.

    ReplyDelete