20131214

සේයාරූ විශ්ලේෂණ 02 -නිදර්ශක








===============================================================

Athula Siriwardhane

https://www.facebook.com/photo.php?fbid=10201641401263538&set=gm.227213574135831&type=1
සීගිරිය 001

Sanjeewa Weerasinghe 
මෙම පින්තුරයෙ වම් පසින් තව ඉඩ තියල 
දකුනු පසින් ඉඩ අඩුකලානම් 
වම් පසින් එකතු වෙන ගැඹුර සමග 
මෙම පුද්ගලයගෙ තනිකම 
තවත් තිව්‍ර වෙලා පෙනෙයි වගෙ නේද 
    මෙලෙස ස්තාන ගත කලේ විශේෂ හේතුවක් ඇතිවද 
කියල දැන ගන්න කමතියි

Athula Siriwardhane
    මම සම්පිණ්ඩණය සැකසුවේ
    මේ හැඩයටයි.


 Athula Siriwardhane .
ඒ පැළෑටිය නැති වුණාම
ඉදිරිපස බිම් කඩත්
ඔහුත් අතර සම්බන්ධය බිඳෙනවා.


Athula Siriwardhane .
මෙහි රටා ගොඩක් තියනවා.
මා ඡායාරූපය ගනිද්දී
මේ රටා සියල්ල දකින්නේ නැහැ..

ඒත් මගේ සිත මේ රටා රස විඳිනවා.

මට වැදගත් වුණේ මේ ගල් කුළත්
වැටත් ඔහුත් අතර රිද්මයයි..
පැළෑටිය ඊට අයත් වුණාද මතක නැහැ.



===============================================================
මැද තියන කණුවෙ කළුපාටෙන්
ලොකු සේවයක් වෙනවා.

ඇයත් පසුබිමත් සම්බන්ධ කරන සාධකය එයයි.
Photo by Lakshitha Shehan


මැද තියන කණුවෙ කළුපාට ඉවත්කල පසු
අවධානය
ඇගේ දොහොත් වලින්
පිට ප්‍රදේශයට යොමු වෙනවා.


========================================================

මේක එඩිට් කරපු එකක් නෙවෙයි.
ප්ලෑන් කරල ගත්තු එකකුත් නෙවෙයි.
අහම්බෙන් ගත්තෙ.
කැමරාව- සාමාන්‍ය fuji finefix කැමරාවක්.

  විශිෂ්ඨයි...
සාමාන්‍ය විදියට ගත්ත නිසා තවත් විශිෂ්ඨයි...


පරිසරයේ ඇති රේඛා හැඩ තල සමග
යුවතියගේ ඉරියව්ව පෑහීමයි
මේ සුන්දරත්වයට හේතුව.
-------------------------------------------------
ඡායාරූපීය සුන්දරත්වය කොතරම් තාවකාලිකද
කියල මේ දෙවැනි ඡයාරූපයෙන් පෙනෙනවා.


පළමු ඡායාරූපයේ සුන්දරත්වයට එකම හේතුව
යුවතියගේ සුන්දරත්වය නොවන බවත්
දෙවැනි ඡයාරූපයෙන් වැටහෙනවා.

පළමු ඡායාරූපයේ  සුන්දරත්වයට හේතුව
යුවතියගේ ඉරියව්ව
පරිසරයේ ඇති රේඛා හැඩ තල සමග
ප්‍රමාණාත්මකවත්, රිද්මයානුකූලවත් පෑහීමයි.

ලෝකෙ තියන මොන කැමරාවෙන් ගත්තත්
මේ මූලික සුන්දරත්වයට
පැහැදිලි බව හැරෙන්නට
වෙනත් කිසිවක් එක් කරන්නට
ඒ කැමරාවට බැහැ.

පළමු වැන්නත් දෙවැන්නත් අතර වෙනස
මෙහි දැක්වෙනවා.
කැමරාව මදක් වමට යොමුවී තිබෙනවා.

කැපී පෙනෙන වෙනස...
දකුණේ ගස කැපීම සහ යුවතියගේ ස්ථාන ගත වීමයි..

මෙහි තවත් සිත්ගන්නා සුළු දෙයක් මම දකිනවා.
ජනක කැමරාව හරවලා
පරිසරය දකුණට යද්දි කරල තියෙන්නෙ
නැවතත් ඇය එම ස්ථානයෙහිම රඳවා ගැනීමයි.
 ------------------------------------------------------------------
 ලෝකෙ තියන මොන කැමරාවෙන් ගත්තත්
 ඡායාරූපයක පැහැදිලි බව අඩු වැඩි වීම හැරෙන්නට
මෙවැනි ඡායාරූපයක දකින්නට ලැබෙන මූලික සුන්දරත්වයට  
වෙනත් කිසිවක් එක් කරන්නට
ඒ කැමරාවට බැහැ.
 ========================================================


මම ගත්ත photo එකක් ....
මෙහි වැරැද්දක් තිබේ ද ? පහදා දෙන්න
========Rohana Jayaweera ========

ස්ථානගත කිරීම වැරදුණොත්
බලන කෙනා දකින්නෙ පෙන්වන දේ නෙමෙයි.
 මේ මල අරමුණ වුණාට
අපි පහසුවෙන් දකින්නෙ නටුව ප්‍රදේශයයි.
 


ස්ථානගත කිරීම වැරදි නම්
එයින් කියවෙන්නෙ
ඡායාරූපය ගත් කෙනා
1, තමන් පෙන්වන්නෙ මොකක්ද...
2, ඒ දේ පෙන්වන්නෙ කොහොමද.....
කියල දන්නෙ නැහැ.
පළවෙනි එක හදාගන්න පහසුයි..
දෙවැන්න වෙනම පුහුණු විය යුතුයි..

========================================================

By Pubudu Lasantha
Photo by Pubudu Lasantha

මේ තොප්පිය වගේ ලස්සණ හැඩයකට
යම් දෙයක් තියන කොට
වටේ ඉඩ තියන්න ඕනෙ.
https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-frc3/1397300_10201109041154868_266274307_o.jpg

මේ වගේ වෙලාවට නිකට යට
ලයිට් කරන්න පුලුවනි නම් හොඳයි..

''''''''''''''\/''''''''''''''
https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash3/999916_10201109104076441_2065589778_n.jpg

==========================================================

https://www.facebook.com/photo.php?fbid=188857341317104&set=gm.189070001283522&type=1&relevant_count=1&ref=nf




රේඛා මතුකිරීමම පරමාර්ථ කරගෙන
නිර්මාණය කළ විශිෂ්ඨ ඡායාරූපයක්


මේ රේඛා ඡායාරූපයක දැකීම පහසුයි..


මේ රේඛා තාත්වික දර්ශනයක දකින්නයි
ඇස හුරුකරගත යුත්තෙ.
දිනූෂගෙ මේ ඉදිරිපත් කිරීම
නවකයන්ට හොඳ ආදර්ශයක්..

විශිෂ්ඨ, නැවුම්, නව නිර්මාණ එළි දක්වන්නට
කාලය නාස්ති කරන නවක ශිල්පීන්

රීති සමග මෙවැනි හරඹ කරන්නට පෙළඹුණොත්
විශිෂ්ඨ, නැවුම්, නව නිර්මාණ එළි දක්වන්නට
එම හුරුව භාවිතා වෙයි..


රීති බිඳ ඡායාරූප ගන්නට පෙර
රීතිය මතුවෙන්නට මෙවැනි ඡායාරූප ගැනීමෙන්
ඇසටත් හිතටත් ලැබෙන පුහුණුව විශාලයි..



රීති සමග කරන මෙවැනි හරඹ  සඳහා
පෙන්විය හැකි හොඳම උදාහරණය නම්
ඇස රැවටීමම පරමාර්ථ කරගෙන
Bela Borsodi විසින් නිර්මාණය කළ
VLP – Terrain Album Cover
ඡායාරූපයයි.
ඡායාරූප හතරක් මෙන් දිස් වූවද
මේ එකම ඡායාරූපයකි.


මේ සඳහා භාණ්ඩ සකස් කර තිබුණු අයුරු
පහත ඡායාරූපයෙන් දැකගත හැක.
http://twistedsifter.files.wordpress.com/2013/06/four-pictures-in-one-vlp-terrain-album-cover-by-bela-borsodi-2.jpg?w=800&h=493

මේ සඳහා භාණ්ඩ සකස් කළ ආකාරය
මෙම වීඩියෝවෙන් දැකගත හැක.

 ---------------------------------------------------------------------------------------------------

 
Photo by  Buddhika Jayawaredana
ගහක් සමබර බව රැකගන්න
ස්වාභාවිකව දරණ උපක්‍රම
මේ තරම් හොඳින්  දැකල නැහැ..
මීට කලින් උවමනාවෙන් බලලත් නැහැ.

 
දෙපැත්තෙ අතු තියන විදිය බලන්න.

 

අතු අඩු පැත්තෙ අතු දිගයි..





1 comment: