20131213

කැමරා ඔපරේටර්



http://acentertainment2011.files.wordpress.com/2012/01/img_20111223_092736.jpg?w=3264&h=2448
කැමරා ඔපරේටර්
--------------------------------------------
නවකයෙකුට තියන ප්‍රධානම අභියෝගය
තමා ඉගෙන ගතයුතු දේ මොනවාද
කියා සොයා ගැනීමයි.

දෙවනුව ඒ විෂය නිර්දේෂය
ඉගෙන ගත යුතු පුද්ගලයන්
ඉගෙන ගතයුතු තැන් සොයා ගැනීමයි.

ඒ ටිකත් නැති අය
ජීවිතය පුරාම
අඳුරේ අතපත ගානවා විනා
ඉගෙනීමෙන් දියුණුවක් වෙන්නෙ නැහැ.

ඡායාරූප ගැනීම
ශිල්පයක් පමණක් වූ
කැමරා ඔපරේටර් කෙනෙකුට
ඔහුගෙ ගැලවුම් කරුවා වන්නේ
නොයෙක් තාක්ෂණික උපාංග සහිත
කැමරාවයි.
කෙනෙක් ඇසෙන් දකින ඔහු සිත් ගත් රූපයක්
තව කෙනෙකුට පෙන්වන තත්වයට පත් කරගන්නට
කැමරාව ආධාර වෙනවා.


ඒ රූපය අනික් අයට
සිත්ගන්නා සුළු රූපයක් වන්නට
අවශ්‍ය වන සුදුසුකම් රැසක්
ඒ රූපය තුළ තිබිය යුතුයි.

ඒ සුදුසුකම් දන්නා කෙනෙකුට
කැමරාව පරිහරණය කිරීමෙන්
අර රූපය සටහන් කරගෙන
පෙන්වන්න පුලුවන්.

ඡායාරූප කලාවෙ හරය සොයන කෙනෙකුට
කැමරාව  යනු
ඔහුගෙ විධානයට යටත්ව
ඔහුට අවශ්‍ය දේ ඔහුට රිසි පරිදි
සටහන් කරගන්නා
සුවච කීකරු මෙවලමක් පමණයි.


කෙනෙක් ඇසෙන් දකින
ඔහු සිත් ගත් රූපය
රාමුවකට කොටු කරගෙන බලන්න
කාඩ්බෝඩ් කැබැල්ලක
හතරැස් කොටුවක් කපා ගත්තත්
ඔහුට පුලුවන්.


වීව් ෆයින්ඩරයෙන් බලල
රාමුව සකස් කරගන්න
ඔහුට ආධාර වෙන්නෙ
සිත් ගන්නා සුළු රූප දකින්නට
ඔහු තුළ ඇති සහජ හැකියාව සහ
ඔහු ඉගෙනගත්
දෘෂ්‍ය කලාත්මක ගුණාංග විතරයි.

ඡායාරූප එකතුවක් බලමින් යද්දි
ඔබ නවතින්නෙ, රස විඳින්නෙ
ඔබේ රුචිකත්වයට අනුව
ඒ සුදුසුකම් තියන
ඡායාරූප ළඟයි.

ඒ සුදුසුකම් ප්‍රබලව තියන
විශේෂ ඡායාරූප
බොහෝ පිරිසකට දැනෙනවා.
බොහෝ පිරිසක් විඳිනවා.
බොහෝ කාලයක් පවතිනවා.

ඒ වෙනස ඇතිවෙන ආකාරය ඉගෙන ගන්න
කැමරාව අල්ලන්නවත් අවශ්‍ය නැහැ.
කැමරාව සොයාගන්න පෙරත්
ඒ දැනුම පැවතුණා.
http://wwwdelivery.superstock.com/WI/223/1030/PreviewComp/SuperStock_1030-1170.jpg
ගල්යුගයේ ජීවත් වූ අයටත්
සහජයෙන්ම ඒ හැකියාව තිබුණා.

ඒත්

ඒ දැනුම ක්‍රියාවට නගලා
තමන් දකින සිත්ගන්නා සුළු දර්ශනය
ඡායාරූපයක් බවට පත්කරගන්න
කැමරාව හැසිරෙන ආකාරයත්
කැමරාව ආලෝකයෙන් රූප අඳින ආකාරය ගැනත්
ඉගෙන ගන්න ඕනෙ.

කැමරාව හසුරුවන්න පුහුණු වෙන්න ඕනෙ.



රූප තෝරා ගැනීම ගැනත්
කැමරාව ගැන සියල්ලමත්
ඉතා හොඳින් දැන ගත් කෙනෙක් වුණත්
කැමරාව අතට ගත් පමණින්
කල් පවතින,
බොහෝ දෙනෙකුට දැනෙන
සිත්ගන්නා සුළු ඡායාරූප ගන්න
පුලුවන් වෙන්නෙත් නැහැ.

දැනුම ප්‍රායෝගිකව භාවිතා කරන්න
ඔහුට වෙනම පුහුණුවක් අවශ්‍යයි.

1, පළමුව
තමන් දකින දර්ශනය තුළ
සිත්ගන්නා සුළු බව හඳුනා ගන්න
ඒ සිත්ගන්නා සුලු කොටස තනි කරගන්න
සහජ හැකියාව සහ අධ්‍යයනය අවශ්‍යයි.


2, දෙවනුව
කැමරාව ආලෝකයෙන් අඳින්නෙ කොහොමද..
අඳිද්දි කැමරාව හැසිරෙන්නෙ කොහොමද කියල
වෙනම ඉගෙනගන්න අවශ්‍යයි.

3, තෙවනුව...
තමන් ගත් ඡායාරූපය දෙස බැලුවාම
මුලින් කී සිත්ගන්නා සුදුසුකම් වලට
හානියක් වෙන දුර්වලතා පෙනෙනවා නම්
සංස්කරණය කරගන්නත්
ඔහුට හැකි විය යුතුයි.

ෆොටෝග්‍රැෆි කියන කොට
මේ අංග තුනම අයිතියි.

මේ අංග තුනම ඉගෙනගන්නා කෙනෙකුට
මේ අංග වලින් එකක් පමණක්
ඉතා හොඳින් දන්නා කෙනෙකුගෙන් වුවත්

ඉගෙනගත හැකි බොහෝ දේ තිබිය හැකියි.

කැමරාව හරියට
ලේඛකයෙකුගෙ පෑන
නැත්නම් ටයිප් රයිටරය වගෙයි.
කැමරාව හසුරුවන විදිය
ආලෝක පාලනය ආදිය භාෂාව වගෙයි.

ඡායාරූප ශිල්පය භාෂාව නම්
එහි සාහිත්‍යය දෘෂ්‍ය කලාවයි.

සාහිත්‍යය ඉගෙන ගන්න කෙනෙකුට
පෑන අතටවත් නොගෙන
භාෂාව හා සාහිත්‍යය ගැන
ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා.

හොඳ ඡායාරූපයකින් සියයට අනූවක්ම
දෘෂ්‍ය කලාව මත රඳා පවතිනවා.

දෘෂ්‍ය කලාකෘතියක් දකින
හැම රසිකයෙක්ම ඒ
90% රස නොවිඳින්න පුලුවන්.
ඔහුත් රසඥතාවයෙන් පෝෂිත
සංවේදී කෙනෙකු විය යුතුයි.
ඒත් දෘෂ්‍ය කලාකෘතියක් දකින
හැමකෙනෙක්ම රස විඳින්නෙ
ඒ 90% තුළ තියන
රසභාව සංකලනයයි.
ඡායාරූප කලාව පවතින්නේ
ඒ 90%ක හරය මත විනා
කැමරාව හෝ තාක්ෂණය
හැසිරවීම මත නොවෙයි.

ඡායාරූප කලාවෙ හරය
බැලුමක ඇතුළෙ පිරී තියන
හුළං ප්‍රමාණය වගෙයි.

කැමරාව හා තාක්ෂණය කියන්නෙ
ඒ හුළං ටික කොතරම්ද කියල පෙන්වන
ආධාරක මාධ්‍යය පමණයි.

දෘෂ්‍ය කලාව ඉගෙන ගන්න
රස වින්දනය තියුණු කරගන්න
කැමරාව අවශ්‍ය නැහැ.

================================
මේ ලාල් හෑගොඩ කැමරාව ගැන කියන දේ.

ස්පාඤ්ඤයේ ගල් ගුහාවක
සතෙක් ගෙ රූපයක් ඇඳපු වෙලාව තමයි
ග්‍රැෆික් කලාවේ ආරම්භය.
http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/cc/AltamiraBison.jpg/300px-AltamiraBison.jpg
ඒ තමයි ද්විමාන ලෝකය
ත්‍රිමාන ලෝකයකට ගෙන ආ වෙලාව.

ඒක අතිවිශිෂ්ට කාර්යයක් වුණා.

කැමරාව හැදුවෙත්
පළමුවෙන් ම චිත්‍ර ශිල්පයට තමයි.

හැබැයි කැමරාව හැදුන වෙලාව නොවෙයි
ඡායාරූපකරණය (PHOTOGRAPHY) බිහිවුණු වෙලාව.
ඡායාරූපකරණය හැදුණේ පටලයක් හදපු තැන ඉඳලා.


ඊට අවුරුදු 600 කට පමණ කලින් තමයි
චිත්‍ර ශිල්පීන් විසින් කැමරාව හදලා තිබුණේ .



ඩාවින්චි පවා එය පාවිච්චි කරලා තිබුණා.
මුලින්ම කැමරාව වුණේ විශාල උපකරණයක්.

ඊටත් කලින් කැමරාව කිව්වෙ කාමරයකට.

මේක දියුණු වේගෙන වේගෙන එනකොට
ටිකෙන් ටික භාවිතයට පහසුවෙන්න ඕන නිසා
කුඩා වුණා. අනතුරුව මි.මි.35 කැමරාව තැන ඉඳලා
පැහැදිලි වෙනසක් වෙන්න පටන් ගත්තා.

================================

කැමරාව ක්‍රියා කරන හැටි
දන්නෙම නැති වුණත්
පැන්සලක් සහ කඩදාසිත් ඇත්නම්
ඡායාරූපයක් ගන්න අවශ්‍ය වෙන
ඡායාරූපයකට සිත්කළුබව එක්කරන
රස වින්දනාත්මක දැක්ම 90%කටත් වඩා
දෘෂ්‍ය කලා රීති අනුව
වචන මගින් දෙන්න  පුලුවන්.

දෘෂ්‍ය කලා රීති වලට අමතරව
Wide, Tele කාච වලින් සිදුවෙන
අරමුණු අතර දුර අඩු වැඩි වීම..
ක්ෂේත්‍ර ගැඹුර අඩු වැඩි වීම වගේ දේවල්
රසවින්දනාත්මක  90%ට
වක්‍රාකාරයෙන් අදාළයි..

ඒ දේවල් ඉගෙන ගන්නත්
කැමරාව නැතුව පුලුවන්..

දැනුම විදියට
දෘෂ්‍ය කලා රීති දැනගන්න කෙනෙකුට
කැමරාව ගැන මොකුත්ම දන්නෙ නැතුව
ඡායාරූප කලාවෙන් 90%කටත් වඩා
ඉගෙන ගන්න පුලුවන්.

ඒ 90% දන්න කෙනෙකුට
තමන් ඇසෙන් දකින
ඔහු සිත් ගත් රූපයක්
තව කෙනෙකුට පෙන්වන තත්වයට
පත් කරගන්න කැමරාව ආධාර වෙනවා.

ඔහුට කැමරාව ගැන
සාමාන්‍ය දැනුමක් තිබුණම ඇති.
ඔහුට අවශ්‍යනම්
කැමරාවෙන් කරන දේට දක්ෂ
කැමරා ඔපරේටර් කෙනෙක්
කුලියට ගන්නත් පුලුවන්.


සිනමාවෙදි
කැමරා ඔපරේටර් කෙනෙක්
අධ්‍යක්ෂකට අවශ්‍ය රූපය
දළ සේයාපටයට
සටහන් කරගන්න උපකාරී වෙනවා.

සිනමා අධ්‍යක්ෂක කරන දේ නොදන්නා
ඡායාරූප ශිල්පියාගෙ දක්ෂකම
කැමරාව ඔපරේට් කරන්නාගෙ
කාර්යයට සීමා වෙනවා.

කැමරාව හැසිරෙන  විදියත්
කැමරාව ඔපරේට් කරන විදියත්
කොයිතරම් දුරට ඉගෙන ගත්තත්
ඡායාරූපයක් ගන්න හැකියාව
එයින් දියුණු වෙන්නෙ නැහැ.

එයින් දියුණු වෙන්නෙ
කැමරාවක් මගින් ඡායාරූපයක්
සටහන් කර ගැනීමෙ ගුණය පමණයි.
ඒ දක්ෂකමෙන් කරන
බොහෝ දේත්
අද කැමරාව මගින්
නිරායාසයෙන් කරගන්න
පහසුකම් සැලසිලා තියනවා.



ඡායාරූපයක සාර්ථකත්වයෙන්
90%කටත් වැඩිය තියෙන්නෙ
මේ හතරැස් කොටුව තුළට
ඇතුල් කරගන්න දේ
තීරණය කිරීම මතයි.

දෘෂ්‍ය කලාවෙ රීති දන්න කෙනෙකුට ඒ තීරණය ගැනීම පහසුයි.

-----------------------------------------------------------------------------------
CROP කිරීමේදී හැඟීම වෙනස් වෙන ආකාරය 
CROP පුහුණුව

  http://ridmasankalana.blogspot.com/p/blog-page_10.html

2 comments:

  1. mama ridma sankala ha ekathu wune ada....mama ekin eka oba pala kala lipi kiyawanawa...aththtma meya bawanawak wagei...oba me lipi idiripath kara thibena akarayanam harima apurui....lipiyak kiywala iwara karana wita...e langa lipiya keyaweemata hitha noiwasillen inne...aththama api weni nawakainta ridma sankalana yanu honda thothannaki...obata jaya !!!!!!

    ReplyDelete
  2. onna sir mama 3wana lipiyata awa ,thawa deparakwath meka balanna watina lipiya.............

    ReplyDelete