
ඔබේ ඡායාරූපයක්
මාධ්‍ය ආයතනයකට සැබැවින්ම වටිනවා නම්
ඔවුන්ට ඒ ඡායාරූපයෙන් ලොකු ලාභයක් ලැබෙනවා නම්
ඔවුන් තරඟයට ඔබ පස්සෙන් එළවාවි.

ඡායාරූපත් අරගෙන
මාධ්‍ය ආයතන වලට ගිහින්
පුවත්පත් සංස්කාරක වරු මුණ ගැහෙන්න.
ඡායාරූප හොඳ නම් පැනල ගනීවි.
ඔවුන්ටත් ක්‍රෙඩිට් එක එන නිසා.
මුලදි නොමිලෙ හෝ පළ කරගන්න.
ඉල්ලුමක් හැදෙන තුරු සල්ලි ගැන හිතන්න එපා.
ඉන්න අයගෙන් කැපිලි එයි..
වතුර වගේ
කැපෙන්නෙ නැතුව ඉන්න.

විශේෂයෙන්ම ආරක්ෂා විය යුතු වෙන්නෙ
මිතුරු වෙසින් කරන අධෛර්ය කිරීම් වලින්.
ලංකාවෙ ඒක බොහොම සුලබයි.
එහෙම දෙයක් වුණාම
එයිනුත් පන්නරය ලැබිය යුතුයි.
හැඳුනුම් කමත් අවශ්‍යයි.
හොඳම හැඳුනුම් කම තමයි
නිතරම ඡායාරූප අරන්
පුවත්පත් සංස්කාරක වරු මුණ ගැහෙන්න යන එක.
කොයි වෙලාවකවත්
කිසිම ලාභයක් තකා
බොරු කියන්න එපා..
තමන්ගෙ වාසියට
වෙන කෙනෙක් පවා දෙන්න එපා.
තව කෙනෙක් ඔබත් එක්ක ආවොත්
ඔහු හලන්න එපා.
ඔහුගෙ ඡායාරූප ඔබට වඩා හොඳ නම්
වඩා හොඳ ඡායාරූපයට ඉඩ දෙන්න.
මාධ්‍ය ආයතන වලට ගිහින්
පුවත්පත් සංස්කාරක වරු මුණ ගැහෙන්න.
ඡායාරූප හොඳ නම් පැනල ගනීවි.
ඔවුන්ටත් ක්‍රෙඩිට් එක එන නිසා.
මුලදි නොමිලෙ හෝ පළ කරගන්න.
ඉල්ලුමක් හැදෙන තුරු සල්ලි ගැන හිතන්න එපා.
ඉන්න අයගෙන් කැපිලි එයි..
වතුර වගේ
කැපෙන්නෙ නැතුව ඉන්න.

විශේෂයෙන්ම ආරක්ෂා විය යුතු වෙන්නෙ
මිතුරු වෙසින් කරන අධෛර්ය කිරීම් වලින්.
ලංකාවෙ ඒක බොහොම සුලබයි.
එහෙම දෙයක් වුණාම
එයිනුත් පන්නරය ලැබිය යුතුයි.
හැඳුනුම් කමත් අවශ්‍යයි.
හොඳම හැඳුනුම් කම තමයි
නිතරම ඡායාරූප අරන්
පුවත්පත් සංස්කාරක වරු මුණ ගැහෙන්න යන එක.
කොයි වෙලාවකවත්
කිසිම ලාභයක් තකා
බොරු කියන්න එපා..
තමන්ගෙ වාසියට
වෙන කෙනෙක් පවා දෙන්න එපා.
තව කෙනෙක් ඔබත් එක්ක ආවොත්
ඔහු හලන්න එපා.
ඔහුගෙ ඡායාරූප ඔබට වඩා හොඳ නම්
වඩා හොඳ ඡායාරූපයට ඉඩ දෙන්න.
ඡායාරූපවලින්ම ඔහු අබිභවා යන්නට වෑයම් කරන්න.

හැම තිස්සෙම එක දෙයක් හිතන්න.
"ඡායාරූප පළ වෙන්නෙ නැත්තෙ
තමන් හෝ තමන්ගෙ ඡායාරූප
පත්තරේට සුදුසු නැති නිසාම තමයි.
අන් අයගෙ වරදින් නම් නෙමේ."
ඔබ දවසින් දවස හැදුණොත්,
අනික් අයට ඔබ හැමදාම කපන්න බැහැ.
ඡායාරූප අරන් තියාගෙන ඉන්නවට වඩා
ඔය වගේ දේකට උත්සාහ කරනකොට
ශිල්පීය දක්ෂතාවය ඉක්මණින් දියුණු වෙනවා.
ලංකාවෙ පත්තර වලින් ගන්නෙ නැත්නම්
Reuters, National Geography වගේ ඉලක්ක වලට යොමුවෙන්න.
ඔබේ ඡායාරූපයක් National Geographic සඟරාවට..

කවදා හරි
ඡායාරූප පළවෙනතුරු
අතරමග ගමන නවත්වන්න එපා.
=======================================================
























.jpg)
.jpg)
.jpg)




Shoot them!





























































