20130324

ඡායාරූපයේ කලාව -ලාල් හෑගොඩ



.
ඡායාරූපයක් අරන්
ඒක කොට්ටේ යට තියන් ඉඳල වැඩක් නෑ.
මිනිස්සුන්ට ඉදිරිපත් කරන්න ඕන.."
-ලාල් හෑගොඩ






ඡායාරූපයේ කලාව හඳුනාගන්න රසිකයාගේ කියැවීම අවශ්‍යයි


සේයාරුව - රසංග දිසානායක



ශිල්පයක් කලාවක් බවට පත්වන්නේ
ඒ ශිල්පය මඟින්
මිනිස් අධ්‍යාත්මය ස්පර්ෂ කිරීමේ
සියුම් බව හඳුනාගත් ඇසිල්ලේ ය.

ඡායාරූපය නම් ශිල්පීය උපක්‍රමය
කලාවක් බවට පත්කොට ගත් නිර්මාණකරුවන්
මෙලොව සිටින්නේ අතළොස්සකි.
ඒ එහි තාක්‍ෂණික ස්වරූපයට හා
ශිල්පීය ගුණයන් ට
එය භාවිත කරන
බොහෝ දෙනා යටවීම නිසා ය.

ලාංකේය ඡායාරූප කලාව වර්ධනය කිරීමේලා
මහඟු මෙහෙයක් කළ
විල්සන් හෑගොඩයන්ගේ පුත්‍ර ලාල් හෑගොඩ
ඔහුගෙන් පසු යුගය
ශිල්පයේ හා කලාවේ සුසංයෝගයෙන්
පොහොණි කරන්නේ ය.
හේ, මේ සංලාපය මඟින්
ඡායාරූප ශිල්පය කලාවක් වන අන්දම
සනිදර්ශිත ව විග්‍රහ කරයි.

===================================

වාර්තා ඡායාරූපකරණය කියන්නෙ
කැමරාව ඉදිරිපිට ඇති දෙය
හැකිතරම් නිවැරදි ලෙස
පවතින තත්ත්වයෙන් රූපගත කිරීමයි.
වෙනත් කෙනකුට ඒ ඡායාරූපය දෙස බලා
නිවැරදි දත්ත වටහා ගත හැකි වෙන්න ඕන.

නිර්මාණයේදි
ඒ ඡායාරූපය ගනිද්දි තිබුණ දේ නොවෙයි,
ඡායාරූප ශිල්පියා විසින් එය දකින විදිය,
ඔහු එය නිර්මාණය කරන විදිය
සහ කැමරාව ඇතුළට ආ පසු වෙන දේ
අන්තර්ගතයි.
ඇත්තට ම ඡායාරූප ශිල්පියාට පවා
පින්තූරය ගන්න කලින්
එය දකින්න ලැබෙන්නෙ නැහැ.
එය තමා ඡායාරූප ශිල්පයේ
සියලු ම ශිල්පීයතා යොදා ගන්නා වෙලාව.

එහෙව් නිර්මාණයකට
අධ්‍යාත්මයක් තියෙනවනම්
එය තමයි කලාව වෙන්නෙ.
ඒක හරි ම ශූන්‍යයයි.
කලාව කිව්වම
ඒක නිර්වචනය කරන්න අමාරුයි.
---------------------------------------------------
 ඡායාරූප ක්ෂේත්‍රයේදී
ශිල් පය හා කලාව
වෙන් කොට හදුනාගන්නේ කෙසේ ද?

නවකතාවක්, කවියක්, කෙටිකතාවක් හෝ චිත්‍රපටියක්
අප ව අධ්‍යාත්මිකව අමතනවානම්
ඒක කලාවක්.
එතකොට රසිකයාගේ ශිල්ප ඥානයත්
ඊට බලපානවා.
මම ඡායාරූපයක් ගත්තම
ඒක මගේ සහ රසිකයාගේ අධ්‍යාත්මය
අමතලා තියෙනවනම්
ඒ ඡායාරූපය ශිල්පීයත්වය ඉක්මවා ගිය
කලාත්මක ඡායාරූපයක් බවට පත් වෙනවා.

මම දවසක් ලිව්වා කවි පොත්වල කවි නෑ කියලා ලිපියක්.
කවිය ඇති වෙන්නෙ කවියාගේ සිතේ,
ඊට පස්සෙ කවිය ඇති වෙන්නෙ
රසිකයාගේ සිතේ.

පොත කියන්නෙ
අතරමැදි අවස්ථාවක් විතරයි.
එතකොට ඡායාරූපය
එක්තරා අන්දමකට ඉන්ද්‍රිය අත්දැකීමක්.
ඒ කියන්නෙ දෘෂ්‍යමය අත්දැකීමක්.

නවකතාවක්, කවියක්, කෙටිකතාවක් හෝ චිත්‍රපටියක්
අප ව අධ්‍යාත්මිකව අමතනවානම්
ඒක කලාවක්.

-----------------------------------------------------------------
 ඡායාරූපයක් අපූර්වත්වයට පත් වෙන්නේ කෙසේද?

රසිකයා මින් පෙර නොදුටු දෙයක්
විය යුතු වෙනවා.
නිර්මාණය ඇසට ආමන්ත්‍රණය කරද්දි
කලාව මනසට අමතනවා.

මෙතෙක් නොදුටු දෙයක්
ඇසට හෝ මනසට ආමන්ත්‍රණය කරනවා නම්
එය තමයි අපූර්ව ඡායාරූපයක් වෙන්නෙ.
-----------------------------------------------------------------

චිත්‍රය පමණයි තිබුණේ

ඔව්. චිත්‍රය තමයි ග්‍රැෆික් කලාවේ ආරම්භය.

http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/cc/AltamiraBison.jpg/300px-AltamiraBison.jpg
ස්පාඤ්ඤයේ ගල් ගුහාවක
සතෙක් ගෙ රූපයක් ඇඳපු වෙලාව තමයි
ග්‍රැෆික් කලාවේ ආරම්භය.
ඒ තමයි ද්විමාන ලෝකය
ත්‍රිමාන ලෝකයකට ගෙන ආ වෙලාව.
ඒක අතිවිශිෂ්ට කාර්යයක් වුණා.
කැමරාව හැදුවෙත්
පළමුවෙන් ම චිත්‍ර ශිල්පයට තමයි.

හැබැයි කැමරාව හැදුන වෙලාව නොවෙයි
ඡායාරූපකරණය (Photography) බිහිවුණු වෙලාව.
ඡායාරූපකරණය හැදුණේ පටලයක් හදපු තැන ඉඳලා.

ඊට අවුරුදු 600 කට පමණ කලින් තමයි
කැමරාව හදලා තිබුණේ
චිත්‍ර ශිල්පීන් විසින්.

ඩාවින්චි පවා එය පාවිච්චි කරලා තිබුණා.
මුලින්ම කැමරාව වුණේ විශාල උපකරණයක්.
File:Camera obscura box.jpg

ඊටත් කලින් කැමරාව කිව්වෙ කාමරයකට.
මේක දියුණු වේගෙන වේගෙන එනකොට
ටිකෙන් ටික භාවිතයට පහසුවෙන්න ඕන නිසා
කුඩා වුණා. අනතුරුව මි.මි.35 කැමරාව තැන ඉඳලා
පැහැදිලි වෙනසක් වෙන්න පටන් ගත්තා.

-----------------------------------------------------------------

 අද වන විට අපි පරිගණකයෙන් වැඩ ගන්නවාට වඩා
පරිගණකය විසින් අප මෙහෙයවන තත්ත්වයකුයි තියෙන්නේ.
කැමරාවෙන් විය යුතු වන්නේ
අප කැමරාව මෙහෙයවීම මිස
කැමරාවට අප මෙහෙයවීමට දීම නොවේ .

මගේ ශිෂ්‍යයෙක් හිටියා
ඡායාරූප ශිල්පය හදාරන.
ඔහු ඒ කාලෙ ග්‍රැෆික් ශිල්පියෙක්.
ඔහු කුසලතා පූර්ණව මෙය හදාරගෙන ගියා.
පස්සෙ ඔහු තමන්ගේ පින්තූර
පරිගණකය මඟින් වඩාත්
හොඳ මට්ටමට හදාගත්තා.
ඔහු තමන්ගෙන් වැරදෙන දේ
පරිගණකය හදලා දෙන නිසා
තමන්ගේ වැරදි අවබෝධ කරගත්තේ නැහැ.
ඔහු හොඳ ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක්.
හැබැයි කලාත්මක ඡායාරූප ශිල්පියෙක් වුණේ නැහැ.
--------------------------------------------------------------

අවසන වැදගත් වන්නේ අවසන් කරන ලද නිමැයුම වන බැවින් දක්‍ෂතා පිළිබඳ තක්සේරුවක් ලබාගැනීම අපහසුයි  හිතෙනවා .

ඔව්. වැදගත් වන්නේ අවසන් ප්‍රතිඵලය.

ඩිජිටල් හරි පරිගණකයෙන් හරි
අවසන් වශයෙන් හොඳ පින්තූරයක්
ලැබිලා තියෙනවා නම්
එයයි වැදගත්.
දැන් පරිගණකයෙන් කරන ලද වෙනස්කම්
හඳුනා ගැනීමට නොහැකි තරමටම
සියුම් ලෙස කිරීමට සමත් අය සිටිනවා.
---------------------------------------------------------------

වෘත්තීයමය ඡායාරූප ශිල්පියෙක් හා නිදහස් ඡායාරූප ශිල්පියකු අතර ඔබ දකින වෙනස්කම් කවරේද?

නිදහස් ඡායාරූප ශිල්පියකුට
තමන් කැමති ඕනෑ ම දෙයක්
ඡායාරූපයට නැඟිය හැකියි.
ඒත් වෘත්තීය ඡායාරූප ශිල්පියා ඊට වෙනස්.
සැබෑ වෘත්තීය ශිල්පියාට සිද්ධ වෙනවා
වෙනත් කෙනකුගේ ඇණවුම්වලට
පින්තූර ගන්න.
එහෙම නැත්නම්
තමන්ගේ විකිණීමේ අදහස
මූලික කරගෙන පින්තූර ගන්න.

එතකොට එයාට ශිල්පය
අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා.
හැබැයි අද ඉන්න වෘත්තීය ඡායාරූප ශිල්පීනුත්
එහෙම අධ්‍යයනය කරලා නැහැ.

නිදහස් ඡායාරූප ශිල්පියාට
තමන් ගන්න පින්තූරය හොඳ නැත්නම්
එය නොගෙන අතහැර දමා ඉන්නත් පුළුවන්.

හැබැයි වෘත්තිය ඡායාරූප ශිල්පියාට එහෙම බැහැ.
-------------------------------------------------------------

 ඔබ රාජ්‍ය සම්මානිත කවියෙක්. ඒ වගේ ම ප්‍රතිභාසම්පන්න ඡායාරූප ශිල්පියෙක්. මේ ක්‍ෂේත්‍ර දෙකෙන් ම ඔබ රසිකයන්ගේ අධ්‍යාත්මය පෝෂණය කළා. මේ කලාවන් දෙකේ සුසංයෝගය එකිනෙකට බලපෑ අන්දම ගැන කතා කළොත්.

මම ඉස්සෙල්ලා
ඡායාරූප ශිල්පියෙක් වෙලා හිටියේ.

අහඹු ලෙසයි කවි ලියැවුණේ.

මම කවිය හදාරලා නැහැ.
එය නිසඟව ආව දෙයක්.

ඔබ ඇසූ ප්‍රශ්නයට
හරියට ම පිළිතුරක් දෙනවා නම්
මෙන්න මෙහෙමයි.

මට හමුවූ සහ දැකපු සමහර දේවල්වල
පින්තූර ගන්න බැහැ.
එතකොට මම ඒකට කවි ලියනවා.

සමහර ඒවට කවි ලියන්න බෑ,
ඒක පින්තූරයට එනවා.

මගේ ප්‍රකාශනය ඒ සීමාවට ආව ම
මම මාධ්‍ය දෙක මාරු කරනවා
කියලා කිව්වොත් හරි.

මගේ කවියක් තියෙනවානේ
"මා මිනිසෙක්
ඔබ ගඟක් නිසා "
කියලා.

ඒකෙ කවියත් තියෙනවා,
පින්තූරෙත් තියෙනවා.
ඒ දෙකම එකට එකතු වූ අවස්ථාවක්.

සේයාරුව --ලාල් හෑගොඩ

තාත්තා ගැන කවියක් තියෙනවා.
ඒ වගේ ම පින්තූරයකුත් තියෙනවා.
ඒ දෙක එකට යාවුණේ එහෙමයි.


---------------------------------------------------------------------------------
සම්පූර්ණ ලිපියම කියවන්න.
http://www.silumina.lk/punkalasa/20130324/_art.asp?fn=ar1303241

=================================================================
තාත්තා ගැන කවිය.......................................
බුලු ගහ

දෙගොඩ තලන මඩ වතුර ගඟ

පාවඩයකි ඉලව් ගෙදර

පොල්කෑල්ලෙන් එගොඩ‍ වෙමි පාරට
තාමත් වසී වැස්ස ගස් යට

දොර ඇරුණු කූඩුවක
ඉගිලී නොගොස් සිටිනා
පැටවකු හා කිරිල්ලියක සේ
සීතාත්- පැටියාත් සිටිති දොරකඩ

‍ගොම්මනේ නොපෙණුනත් හිනා වෙනව ඇති...

ගොඩනැඟුණු විට ගෙට
නොක්කාඩු මුහුණකි තෙත බරිත

“බයයි ඉන්න අදනං මේ ගෙදර මට
සුළඟ මේ තරමටම
බලන්න බුලු ගහ
ඉගිල්ලෙන්නට හදන”

අස්වසා ඈ
ගිල දමා බත් ගුලියක්
දිග ඇදෙමි පැදුරේ
හැමුවා සුළඟ එක්වර ම
නිවාගෙන කුප්පි ලාම්පුව
ඇරඹුනා කුණාටුව
ලෝකාන්ත මහා මේඝ වරුසාව අඬගසා
වධක බෙර ගසාගෙන

ඉඩ ඇති ඇති තැනින්
රිංගයි
විදුලිය උරගුන් ගෙදරට

බි‍ඳේ මහ අතු අඳුරේ

දෙ පළු වන කඳන් හෙණ වැදී
ඉදිරී වැටේ ඝෝෂාව නංවමින්

ගෙන මුගුරු ද ආයුධ
හැඳි වත් උස්සාගෙන
පරුෂ වචනෙන් කෑ ගසමින්
උමතු මදාවියන් සේ දුවයි රැලට
මිනීමරු සුළඟ‍
ත්‍රස්ත කරමින් වන පෙත

අම්මාවරුන් මෙන්
සඟවාගෙන තුරුලේ කුඩා ගස්
හඬාවැටෙනා හඬ ඇසේ
විලාප නගමින් මහා ගස්

කොටන්නේ විදුලිය
පෙන්වන්නටද නැසුණු ගස්
ජීවත් වන ගසට
තර්ජනය කරන්නට

දැන් වැටේ
දැන් වැටේ බුලු ගස
සිතේ - කළුවරේ

මැදිකරගෙන පුතු
ගුලි වීමු නිදි පැදුරේ
“මැරුණොත් මැරුණාවෙ ඔක්කොම එකට”

කුණාටුව නැවතුණු අලුයම
බැස බලමි මිදුලට

වැටුණු පොල් ගස් දෙකත් සුළඟට
රැඳී ඇත බුලු ගහේ අතු අතර
වළක්වා අපේ පැල
දෑතේ දරා සිටිනු වැනි පොල් ගස්
රැයක් පහන් වන තුරු
උස මහත් තාත්තා කෙනෙකු සේ

20130323

Auto mode ඡායාරූප




ඡායාරූපයක අගය සහ
ඡායාරූප ශිල්පියාගේ අගය
තීරණය වන්නේ සාධක දෙකක් මතය.
1, ආලෝකය, අඳුර පාලනය,
වර්ණ නිරවද්‍යතාවය, තානමය ලක්ෂණ ආදිය
මනාව පාලනය කිරීමට ශිල්පියා සතු
තාක්ෂණික ශක්‍යතාවය එකකි.
ඔහු සතු කැමරාවෙහි සීමාවන්
මීට ඍජුවම බලපායි.

2, වර්ණ සමබරතාවය මෙන්ම සංඝටනය,
අඳුර හා ආලෝක රටා,
රේඛ, හැඩතල ආදිය අතර රිද්ම රටා
මනා සංකලනයෙන් යොදාගනිමින්
ඔහුට අවශ්‍ය හැඟීම
රසිකයා තුළ මතුකරගන්නට
ඡායාරූප ශිල්පියා සතු
කුසලතාවය දෙවැන්නයි.

මින් පළමුවැන්නෙන් කෙරෙන කාර්යය
ඔහු වෙනුවෙන් කර දෙන්නට
කැමරාවෙ Auto Mode එක
යම් දුරකට ඔහුට උපකාර වෙනවා.
දෙවැන්න කරන්නට
ඔහුට සහාය විය හැකි මෙවලමක්
ලොව මෙතෙක් පහළ වී නැහැ.
---------------------------------------------------------
පහත දැක්වෙන්නේ කසුන් චන්දිමගේ ඡායාරූප දෙකක්.


පළමුවැනි ඡායාරූපය
තාක්ෂණික අතින් දුර්වලයි.
දෙවැන්න ඊට වඩා බොහෝ ඉදිරියෙන්.

ඒත් මේ දෙකම
කලාත්මක කුසලතාවය අතින්
ඉහළ මට්ටමක තියනවා.

තාක්ෂණික ශක්‍යතාවය නැති වීමෙන්
ඡායාරූපයක අගය අඩු වෙනවා.
කලාත්මක කුසලතාවය නැත්නම්
ඒ ඡායාරූපය
තාක්ෂණිකව කොයි තරම් ඉහළ වුණත්
හිස් ඡායාරූපයක්.

1, 
පොදුවේ ඡායාරූප ශිල්පියා
මනාව ශිල්පය හා ශිල්පීය උපක්‍රම
ප්‍රගුණ කළ යුතුයි.

 
2, 

කලාත්මක ඡායාරූප ශිල්පියා
දෘශ්‍ය කලා ඉතිහාසය,
වර්ණ සිද්ධාන්ත, සම්පිණ්ඩණය,
ආදී දෘෂ්‍ය කලා රීති,
මනාව ප්‍රගුණ කළ යුතුයි.

 
3, 

ව්නෝදාංශය සඳහා
ඡායාරූප ගන්නා අය කැමති නම්
ඡායාරූප ශිල්පියා කරන්නේ මොනවාදැයි
සොයා බැලිය හැකියි.

 
4, 

මේ සියලු දෙනාටම
අවශ්‍ය විටක
Auto Mode ඡායාරූප ගත හැකියි.

සමහර විට...
ශිල්පය නොදැන
වරද්දා ගන්නවාට වඩා
Auto Mode හොඳ විය හැකියි.



----------------------------------------------------------------------------------------------

තවත් සබැඳි සටහන්

ඡායාරූප ශිල්පියා යනු කැමරාව නොවේ.. 

 ඡායාරූප ශිල්පියා යනු කවරෙක්ද?

20130321

ඡායාරූප ශිල්පියා කැමරාව නොවේ..




මා හිතවත්
විලාසිතා ඡායාරූප ශිල්පියෙකු වන මෙත්තසේන
වරක් ඔහුගෙ අත්දැකීමක්

මා සමග කීවේය.
ඔහු ඒ අත්දැකීම කීවේ
කවර ආකාරයේ හැඟීමකින්දැයි
මට මතක නැත,
එහෙත් කල් යාමේදී

මුලු මහත් ඡායාරූප ශිල්පී ක්ෂේත්‍රයම
කිසියම් සරල වර්ගීකරණයකට බඳුන් කිරීමට
එම අත්දැකීමට ශක්තිය ඇති බව මට හැඟින.
----------------------------------------------------------------------------------------------------------------------------------------------

 විදේශීය සඟරාවක
විලාසිතා ඡායාරූප මාලාවක්
ලංකාව පසුබිම් කරගෙන ඡායාරූප ගතකිරීමට
යැස්මින් ගෞරි නම් නිරූපිකාව සමග පැමිණි
දක්ෂ ඡායාරූප ශිල්පියෙකු වෙනුවෙන්
ඔහුගේ සම්බන්ධීකරකයෙකු ලෙස වැඩ කරන්නට
මගේ මිත්‍රයාට අවස්ථාව ලැබිණ.
ඔවුහු කොළඹ සහ
මහනුවර ප්‍රදේශවල
රූ ගත කිරීම් වල යෙදුණෝය.

නිරූපිකාව සහ ඡායාරූප ශිල්පියාට අමතරව
තවත් ඡායාරූප ශිල්පීන් කිහිපදෙනෙකු
එම කණ්ඩායමට අයත් වූහ.
එම ඡායාරූප ශිල්පියා වෙනුවෙන්
ආලෝකය පිරික්සමින්,
ආලෝකය නිසි පරිදි සකසමින්
එම අවස්ථාවේ පවතින ආලෝකයට ගැලපෙන අයුරින්
තාක්ෂණික ක්‍රම වේදයන්ට අනුව
ඡායාරූපය ගැනීමට සුදුසු තත්වයට
කැමරාව පත් කරන්නේ ඔහුගේ සහායකයින්ය.
අනාවරණය කාච විවරය ආදිය
නිසි ලෙස සකසා දුන් කැමරාව අතට ගන්නා
ප්‍රධාන ඡායාරූප ශිල්පියා
රාමුව නිසි ලෙස සකසා ඡායාරූප ගනියි.
ඔහු කරන්නේ එපමණෙකි.

සමාන්‍යයෙන්
සෑම දක්ෂ ඡායාරූප ශිල්පියෙකුම
මේ කාර්යයන් දෙකම
තමා විසින්ම කර ගන්නෝය.
සෑම අදක් ඡායාරූප ශිල්පියෙකුම
සහයකයින්ගේ කාර්යය
අදක්ෂ ලෙස, සාමාන්‍ය ලෙස හෝ
ඉතා දක්ෂ අන්දමින් කර ගන්නෝය.
ඔවුන් අදක්ශ ඡායාරූප ශිල්පීන් වන්නේ
අර ඡායාරූප ශිල්පියා කළ දේ
ඔවුන්ට කර ගන්නට බැරි නිසාවෙනි.

කොතරම් හොඳින්
අවස්ථාවට ගැලපෙන අයුරින්
කැමරාව සකස් කරගන්නට
යම් ඡායාරූප ශිල්පියෙකු දක්ෂ වුවද
කැමරාවේ දසුන් කවුලුවෙන්
දකින දර්ශනයෙහි
අනවශ්‍ය දේ කැපී ඉවතට යන ලෙසත්,
ඒ දර්ශනයෙහි, වර්ණ, හැඩතල, රේඛා ආදිය
රිද්මයකට අනුකූලව මතුකරගෙන
එහි සුන්දරත්වය නිරූපනය කරන්නටත්
ඔහුට නොහැකිනම්
ඔහුගේ ඡායාරූපය
මනා ආලෝක තත්වයෙන් යුතු
නීරස දසුනක් වනු ඇත.

ඡායාරූප ශිල්පියෙකු ලෙස කෙනෙකු
තාක්ෂණික භාශා ඥාණයෙන් කෙළ පැමිණියද
ඔහු එම භාෂාවෙන් ඉදිරිපත් කරන
දෘෂ්‍යමය ප්‍රකාශනයෙන්
අප තුළ කිසියම් සසල වීමක් නොවන්නේ නම්
ඔහුගේ ප්‍රකාශනය අපට අදාළ නොවේ.

තාක්ෂණික ගුණාත්මක භාවය
ඡායාරූපයක් මනින
ප්‍රධාන මිනුම් දණ්ඩ ලෙස සලකන
බොහෝ ඡායාරූප ශිල්පීන්
සිය ඡායාරූප වලට ලැබෙන
ඇල්මැරුණු ප්‍රතිචාර වලින්
විමතියට පත්වෙති.

තාක්ෂණික වශයෙන් දුර්වල ඡායාරූපයක්
සම්භාවනාවට පාත්‍ර වනු දකින ඔවුහු
ඊටත් වඩා විමතියට පත්වෙති.

කැමරාව කරන්නේ ඡායාරූපය සටහන් කරගැන්මය.  

https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash3/857487_10201053333162203_1105788310_o.jpg
එහි සටහන් වන්නේ කුමක්දැයි
තීරණය කරන්නේ ඡායාරූප ශිල්පියායි.

ඔහුගේ ඡායාරූපයේ අගය
රඳා පවත්නේ
ඡායාරූපය වශයෙන්
ඔහු සටහන් කරගන්නට
තීරණය කරන
රූපයෙහි අගය මතය.

මා ඉහතකී
ඡායාරූප ශිල්පියාගේ සහායකයින්
ඔහුට කරදෙන දේ ඉගෙන ගන්නට..
කැමරාව කරන්නේ කුමක්දැයි
ඉගෙන ගන්නට
ජීවිතයම ගත කරන
බොහෝ ඡායාරූප ශිල්පීහු
කැමරාව කරන දේ
නිසි පරිදි සිදුවන්නට
තමා කළයුතු කුමක්දැයි නොදනිති.

තාක්ෂණික ගුණය කියන්නෙ
ඡායාරූපයක කුලීකාරයගෙ කොටස.
සම්පිණ්ඩනය තමයි, ඡායාරූපයක හරය..
තාක්ෂණය කුලියට ගන්න පුලුවන්..
සම්පිණ්ඩණය මිළට ගන්න බෑ....
තමන් තුළ වගාකරගතයුතුයි..

20130320

Abstract ඡායාරූපකරණයේ නිම් වළලු

සුදු කැන්වස් එකක වර්ණ ටිකක් තවරලා
එහි ත්‍රිමාණ හැඩතල මවනවාට වඩා
වර්ණ පදාස කිහිපයකින් හැඟීම් පහල කිරීම අමාරුයි..
එවැනි ශිල්පීන් වගේම එවැනි නිර්මාණ රසවිඳින්න තරම්
සියුම් රසඥතාවයක් ඇති රසිකයනුත් ඉතාම විරලයි.


Abstract  ගතිය තියන දුර්වල ඡායාරූප තියනවා.
Abstract  ගතිය තියන සාමාන්‍ය ඡායාරූප තියනවා.
හොඳ Abstract  ඡායාරූපයක් වෙන්න නම්
අප තුල විවිධාකාර ප්‍රබල චිත්ත රූප ඇති කළ යුතුයි.

මේ බෝට්ටුවක් නොවන බව ඔබ දන්නවා.
එහෙත් ඔබේ විඥ්ඥාණයෙ තැන්පත්ව ඇති
බෝට්ටු සහ මුහුදු වෙරළෙහි ඡායාරූපවල දත්ත විසින්
ඔබට කරන බලපෑමෙන් මිදෙන්නට ඔබට බැහැ.

මෙහි නිර්මාපක ඡායාරූප ශිල්පියා වන
Ciro Totku
මේ ඡායාරූපය හඳුන්වා ඇත්තේ
සුළි සුළඟ ලෙසයි.
මා මෙය දකින්නේ ගසක් ලෙසයි.

විඥ්ඥාණය ඇසුරෙන්
මෙවැනි විවිධ රූප මවා ගන්නට හැකි වීම
Abstract ඡායාරූප වල එක ගුණයක්..


හොඳ Abstract ඡායාරූපයක් වෙන්න නම්
අප තුල ප්‍රබල චිත්ත රූප ඇති කළ යුතුයි.
ප්‍රබල Abstract ඡායාරූපයක්
අපි තල දෙකක අතරමං කරනවා.
අපට සැබෑදේත් පෙනෙනවා.
නමුත් හිත කියන්නෙ වෙන දෙයක්..



 1, 
භාවාත්මක ඡායාරූප ගැනීමේදී හෝ භාවාත්මක චිත්‍ර ඇඳීමේදී
තමාට රිසි දේ කරන්නට නිදහස් මනසක් තිබීම අත්‍යාවශ්‍යය.
තාත්වික ලෝකයට හා එහි නීති රීතිවලට යටත් කෙනෙකුට
එම ලෝකය ඉක්මවා භාවාත්මක තලයට පිවිසිය නොහැක.


2, 
බොහෝ භාවාත්මක දෘෂ්‍ය රූප වල
රේඛා ප්‍රධාන තැනක් ගනියි.
වක්‍ර රේඛා මෙන්ම කෝණික හා ඍජු රේඛා
නිසි අයුරින් යොදා ගැනීමෙන්
යොමු වන ඇස, ප්‍රියජනක රටාවන් ඔස්සේ
සැරි සරන්නට පෙළඹවිය හැක.


3, 
වර්ණ සිද්ධාන්ත නිසි පරිදි හා රිසි පරිදි
නම්‍යකරණයෙන් භාවාත්මක බව හැඩ ගැන්වීම මෙන්ම
උද්දීපනය කිරීමද කළ හැක.


4, 
රීති පිළිබඳ දැනුමද ඉතා වැදගත් වන්නේ
ඔබ ගනුදෙනු කරන භාවයන් උත්තේජනයෙන් හා
උද්දීපනයෙන් හැඟීම් කුලුගැන්වීම
භාවාත්මක දෘෂ්‍ය කලාවේ
මුඛ්‍යාංගය වන බැවිනි.



5, 
නව කෝණ සහ නව මානයන් සොයන්න.
බොහෝ කලාතමක නීර්මාණ හා මෙවලම්
නිර්මාණය වන්නේ හුරු පුරුදු දේ
නුහුරු නුපුරුදු විදියට දැකීමෙන් හා
ඉදිරිපත් කිරීමෙනි.
භාවාත්මක නිරමාණකරණයේදී
මෙහි අගය කියා නිමකළ නොහැක.



6, අහඹු නිර්මාණ. 
ලෝකයේ බොහෝ දෙ අහම්බෙන්, අත්වැරැද්දෙන්
හා නිතැතින්ම සිදුවන දෙයින් නිමැවෙන අවස්ථා අනන්තය.
වැරදුණු ඡායාරූපයක් මකා දමන්නට පෙර
එහි භාවයන් ජනිත කිරීමට සමත්
කිසියම් දෘෂ්ය රූපයක් ඇත්දැයි විමසන්න.



7, 
ක්ෂේත්‍ර ගැඹුර භාවාත්මක ඡායාරූපකරණයේදී
ඉතා වැදගත් සාධකයක්. පැහැදිලිව පෙනෙන දේත්,
නොපෙනෙන දේත් අතර පවතින අවකාශයෙහි
ඒ දෙක අතර ගැඹුර තුළ අපිට පෙනෙන දේ දැනෙන ප්‍රමාණය
පාලනය කරගෙන කරන රිද්මයානුකූලව සංකලනයෙන්
ඉතා ප්‍රබල භාවාත්මක ඡායාරූප නිර්මාණය කරගත හැකියි.


8, 
විස්තර ඉතා පැහැදිලිව සටහන් කර ගැනීම මෙන්ම
එහි ප්‍රතිවිරුද්ධ අන්තයත් භාවාත්මක ඡායාරූප කරණයේදී වැදගත්.

HDR තාක්ෂණයත් මෙහිදී ආධාර විය හැකියි.


9, 
විසිතුරු රටාවන් මගින් භාවාත්මක ඡායාරූප සැකසීමත්
ඉතාම ජනප්‍රිය හා ප්‍රචලිත ක්‍රමයක්.




10, 
මතුපිට පෘෂ්ඨයෙහි ස්වභාවයත්
භාව උත්තේජනය හා උද්දීපනය කෙරෙන තවත් සාධකයක්.

 
By MaSs Balasooriya
 මේ ඡායාරූපය කුඩා ප්‍රමාණයෙන් පෙන්නුවොත්
මේක Abstract වෙනවා.

 
Ciro Totkuගේ ඡායාරූප බලන්න.
ඇයි ඒවා කුඩාවට තියෙන්නෙ.

 
ඡායාරූපය ලොකු වුණොත් 
තියන දේවල්
අපි ඒ තියන විදියට අඳුනා ගන්නවා.
මේ ඇණය අපි ඇහැක් විදියට දකින්න නම්
ඡායාරූපය යම් දුරක් අපෙන් ඈත් කරන්න ඕනෙ.


අප ඉදිරිපත් කළේ සාධක කිහිපයක් පමණයි.
ඔබ දකින භාවාත්මක ඡායාරූප නිරීක්ෂණය කරන්නට හා
විශ්ලේෂණය කරන්නට ප්‍රවේශයක් මෙන්ම
කෙටි පෙරහුරුවක් පමණයි මේ.



භාවාත්මක ඡායාරූප ශිල්පියා
දෘෂ්‍ය කලා ඉතිහාසය, දෘෂ්‍ය කලාවේ වර්ධනය,
ලොව මෙතෙක් සිටි ඉහළ පෙළේ දෘෂ්‍ය කලා ශිල්පීන්ගේ
ජීවන චරිත ආදිය හැදෑරිය යුතුයි.

නැත්නම් මේ අපූර්ව හැකියාව
සාමාන්‍ය රසිකයින්ගේ අවිචාර නිසා
මොට වෙන්න පුලුවන්.

අන් අයගෙ අදහස් මත
තමන්ගෙ ගමන හැඩ කර ගැනීම කළයුතු වුණත්
ඔවුන්ගේ අදහස් මත තමන්ගෙ ගමන නොයා යුතුයි.

විචාර, විවේචන, පැසසුම්, ගැරහුම්,
මේ සියල්ලම ගමනකට අත්වැලක්...
ඒත් ඒදණ්ඩ නෙමෙයි. 

 ඒ දණ්ඩ වෙන්නෙ තමන්ගෙ හැකියාව, රසඥතාවය
අන් අයගේ සතුට උදෙසා
තමන් සතුදේ  ඉදිරිපත් කරන්නට ඇති ආශාව..
ආදී ශිල්පියා තුළම වැඩෙන දේවල්.

ඒ දණ්ඩ මතයි, ඔහුගෙ ගමන පවතින්නෙ.

අත්වැල නැතුව ඒ දණ්ඩෙ යන කෙනෙක්
අත්වැල නැති වුණාට වැටෙන්නෙ නැහැ.



 







 









 

 







 


 





















 





























 




 


 













 

















==================================================================
 විඥ්ඥාණය 
එකම දේකින් අපට විවිධ රූප මවා දෙන ආකාරය

උදේ 10ට එකම අව්ව
නුවරඑළියට හා කොළඹට පතිත වෙනවා.
උෂ්ණත්වමාපකයක්
ඒ දෙපලෙම පෙන්වන්නෙ
එකම උෂ්ණත්වයක්
කියා උපකල්පනය කරමු..



ඒ අව්වෙන් දැනෙන එකම උෂ්ණත්වය
කොළඹ හා නුවරඑළියෙ ඉන්න දෙදෙනෙකුට
දැනෙන්නෙ එකම විදියකටයි.

ඒ දෙදෙනා විඳින්නෙ දෙවිදියකටයි.

මතක තබාගන්නෙ දෙවිදියකටයි.

කොලඹ පරිසරයට සාපේක්ෂව
කොළඹ ඉන්න කෙනාගෙ ගත රත් වෙලා තියෙන්නෙ.
කොළඹ ඉන්න කෙනාට ඒ අව්වෙන් දැනෙන වේදනාව
දුක්ඛ වේදනාවක් විදියටයි දැනෙන්නෙ.
ඔහු ඒ වේදනාව හඳුනාගන්නෙ
දුකක් විදියටයි.
ඒ අනුව ඔහු කයට දැනෙන තාපය
අප්‍රිය කරනවා.
ඔහු කොළඹට සාපේක්ෂව
ඒ වේදනාව අප්‍රිය කරනවා.
ඒ අප්‍රිය බව ද්වේශ සංස්කාරයක් විදියට
ඔහුගෙ විඥ්ඥාණයෙහි සටහනක් තබනවා.

ඔහු ඒ වෙලාවෙම නුවරඑළියෙ  ඉන්නවා නම්
ඔහුගෙ අත්දැකීම වෙනස්.
නුවරඑළියෙ පරිසරයට සාපේක්ෂව
නුවරඑළියෙ ඉන්න කෙනාගෙ ගත
සීතල වෙලා තියෙන්නෙ.
නුවරඑළියෙ ඉන්න කෙනාට
ඒ අව්වෙන් දැනෙන වේදනාව
සුඛ වේදනාවක් විදියටයි දැනෙන්නෙ.
ඔහු ඒ වේදනාව හඳුනාගන්නෙ
සැපක් විදියටයි.
ඒ අනුව ඔහු ඒ තාපය ප්‍රිය කරනවා.
ඔහු කොළඹට සාපේක්ෂව
ඒ වේදනාව ප්‍රිය කරනවා.
ඒ ප්‍රිය බව රාග සංස්කාරයක් විදියට
ඔහුගෙ විඥ්ඥාණයෙහි සටහනක් තබනවා.

නුවරඑළියෙ ඉන්න කෙනෙකුට කොළඹ යන්න වුණොත්
කොළඹදි ඔහු වින්ද දුක නිසා
ඔහුගෙ විඥ්ඥාණයෙහි සටහන්වූ මතකය -
එනම් ද්වේශ සංස්කාරය මතු වෙලා
ඔහුට කොළඹ යන එක අප්‍රිය වෙනවා.

කයට දැනෙන තාපය එකම ප්‍රමාණය වුණාට
කොළඹ හා නුවරඑළියෙ ඉන්න දෙදෙනෙක්
විඳින්නෙ දෙවිදියකටයි.

 Abstract ඡායාරූපවලින් අප ඇසින් දකින දේට වඩා
වෙනස් දෙයක් හිතින් විඳින්න අපට පුළුවන් වෙන්නෙ
මේ ඉන්ද්‍රජාලික ක්‍රියාවලිය නිසයි