වෙන වෙනම කළ යුතුයි.
බොහෝ දෙනෙක්
කෙළින්ම නිර්මාණ කරණයට බැහැලා
වරදින් තැන්වලින් තමයි
හැදෑරීමක් කරන්නෙ.
රාමුව තුළ රටා සම්පිණ්ඩණයෙදි
රේඛා, වර්ණ, හැඩතල,
එළිය අඳුර ආදී
සාධක ගණනාවක් පිළිබඳ
සිතිය යුතුයි.
නිර්මාණකරණයෙදි නෙවෙයි,
හැදෑරීමෙදි වත්
මේ සියල්ලම එකවර දකින්න
පුහුණුවකින් තොරව බැහැ.
හදාරන කොට එක් එක් සාධකය
තනි කරගෙන කරන්න පුලුවන්.
එහෙම වෙන වෙනම හදාරලා
දක්ෂ ශිල්පීන් මේ සාධක
භාවිතා කරන ආකාරයත් දැකලා
ඇසත් හිතත් හුරු වුණාම
ඡායාරූපය ගනිද්දි
ඉබේට පිහිටනවා...
ගණන් හදන කොට
චක්කරේ පිහිට වෙනව වගේ.
ස්වර්ණමය රීතිය හෝ වෙනත් රීති කියන්නෙ
නිර්මාණ කළයුතු නිශ්චිත ක්‍රම වේදයන් නොව
සොබා දහමෙ සමබරතාවය රකින හෝ බිඳින පොදු රටාවන් අනුව
මිනිස් මනස හැසිරෙන ආකාරය පිළිබඳව
ගොඩ නැගුණ සිද්ධාන්ත පමණයි.
------------------------------------------------------------------
ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලී ලෙස බිඳෙන
ස්ටීව් මැක්කරිගෙ ඡායාරූප...
එහි රාමුවෙ පරිමාණය ස්වර්ණමය රාමුවට සමීපයි.
ස්ටීව් ස්වර්ණමය රාමුව හදාගෙන ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලී ලෙස බිඳෙන ස්වර්ණමය මොහොතෙදි ක්ලික් කරලා..
රාමුවෙ පරිමාණය ස්වර්ණමය රීතියට අනුකූල රාමුවට සමීප වුණත්
කාන්තාව පෙනෙන්නෙ ස්වර්ණමය රීතියට අනුව
සමබරව සිටිය යුතු ස්වර්ණමය ලක්ෂ්‍යයේ ඉඳලා
පහළට බැස්ස වගෙයි.
-----------------------------------------------
ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්.
ස්වර්ණමය රීතිය කියන්නෙ
දෘශ්‍ය කලාවෙ එක රීතියක් විතරයි.
අපි දකින ඕනම හැඩතලයක්
ස්වර්ණමය රීතිය යොදලා
ලස්සණට රූ ගත කරන්න පුළුවන්
කියල හිතෙන එක
වෙනත් රීති නොදන්න කෙනෙකුට
සාමාන්‍යයෙන් සිදු වෙන දෙයක්.
වර්ණවලට අදාළ රීති තියනවා.
හැඩතල වලට අදාළ රීති තියනවා.
ඡායාරූපයක රාමුව ඇතුළෙ තියන
අන්තර්ගතයට අනුව
අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව බලපාන
රීති පද්ධතියක් තියනවා.
ඒ රීති උපයෝගී වෙන විදිය අනුව
ඇතිවෙන හැඟීම් වෙනස්.
ස්වර්ණමය රීතිය හෝ
වෙනත් රීතියක් කියන්නෙ
රෙඩිමේඩ් ඇඳුමක්.
හැමෝටම ඒක හරියන්නෙ නැහැ.
ගන්නම ඕන නම් අරගෙන
තමන්ගෙ හැඩරුවට ගැලපෙන්න
සකසා ගන්න වෙනවා.
එහෙත්,
ස්වර්ණමය රීතිය නිවැරදිව උපයෝගී කරගන්න
ඇස පුහුණු කිරීම ප්‍රයෝජනවත් වෙනවා.
ඡායාරූපයක් ගනිද්දි
රීති අමතක කරල ඡායාරූපය ගන්න
එසේ පුහුණු අභ්‍යාස කිරීම අවශ්‍යයි.
ඉහත දැක්වෙන ඡායාරූපයෙ නෙලුම් මල
රාමුවක ස්වර්ණමය ලක්ෂ්‍ය හත
වරින් වර යොදා කපන්න පුලුවන්.
පළමුව
රාමුව ස්වර්ණමය අනුපාතයට සමීප වන ලෙස
අනුමානයෙන් සිතා...
නෙලුම් මල ඔබට සිතෙන පරිදි
ස්වර්ණමය ලක්ෂ්‍යයට යොදා කපන්න.
ඉන් පසුව පහත දැක්වෙන ලින්ක් එකෙන්
http://www.mediafire.com/?c415daglc8jzc53
ස්වර්ණමය වක්‍රය බාගත කරගෙන
ඔබේ ක්‍රොප් එක මතට එය යොදා
වෙනස සසඳන්න.
වෙනස අවම වනතුරු පුහුණු වෙන්න..
මෙවැනි සරල පසුබිමක කිසිවක් තබා
ස්වර්ණමය රීතියට ඡායාරූප ගන්න..
ඔබේ ඡායාරූප මතට
ස්වර්ණමය වක්‍රය යොදා වෙනස සසඳන්න.
වෙනස අවම වනතුරු පුහුණු වෙන්න..
අභ්‍යාසයෙන් බැහැරව
වෙනත් ඡායාරූප ගන්නා විට
රීතියට වහල් නොවී නිදහසේ රාමුව සකසන්න.
==============================================================
නිර්මාණ කළයුතු නිශ්චිත ක්‍රම වේදයන් නොව
සොබා දහමෙ සමබරතාවය රකින හෝ බිඳින පොදු රටාවන් අනුව
මිනිස් මනස හැසිරෙන ආකාරය පිළිබඳව
ගොඩ නැගුණ සිද්ධාන්ත පමණයි.
------------------------------------------------------------------
ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලී ලෙස බිඳෙන
ස්ටීව් මැක්කරිගෙ ඡායාරූප...
එහි රාමුවෙ පරිමාණය ස්වර්ණමය රාමුවට සමීපයි.
ස්ටීව් ස්වර්ණමය රාමුව හදාගෙන ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලී ලෙස බිඳෙන ස්වර්ණමය මොහොතෙදි ක්ලික් කරලා..
රාමුවෙ පරිමාණය ස්වර්ණමය රීතියට අනුකූල රාමුවට සමීප වුණත්
කාන්තාව පෙනෙන්නෙ ස්වර්ණමය රීතියට අනුව
සමබරව සිටිය යුතු ස්වර්ණමය ලක්ෂ්‍යයේ ඉඳලා
පහළට බැස්ස වගෙයි.
-----------------------------------------------
ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්.
ස්වර්ණමය රීතිය කියන්නෙ
දෘශ්‍ය කලාවෙ එක රීතියක් විතරයි.
අපි දකින ඕනම හැඩතලයක්
ස්වර්ණමය රීතිය යොදලා
ලස්සණට රූ ගත කරන්න පුළුවන්
කියල හිතෙන එක
වෙනත් රීති නොදන්න කෙනෙකුට
සාමාන්‍යයෙන් සිදු වෙන දෙයක්.
වර්ණවලට අදාළ රීති තියනවා.
හැඩතල වලට අදාළ රීති තියනවා.
ඡායාරූපයක රාමුව ඇතුළෙ තියන
අන්තර්ගතයට අනුව
අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව බලපාන
රීති පද්ධතියක් තියනවා.
ඒ රීති උපයෝගී වෙන විදිය අනුව
ඇතිවෙන හැඟීම් වෙනස්.
ස්වර්ණමය රීතිය හෝ
වෙනත් රීතියක් කියන්නෙ
රෙඩිමේඩ් ඇඳුමක්.
හැමෝටම ඒක හරියන්නෙ නැහැ.
ගන්නම ඕන නම් අරගෙන
තමන්ගෙ හැඩරුවට ගැලපෙන්න
සකසා ගන්න වෙනවා.
එහෙත්,
ස්වර්ණමය රීතිය නිවැරදිව උපයෝගී කරගන්න
ඇස පුහුණු කිරීම ප්‍රයෝජනවත් වෙනවා.
ඡායාරූපයක් ගනිද්දි
රීති අමතක කරල ඡායාරූපය ගන්න
එසේ පුහුණු අභ්‍යාස කිරීම අවශ්‍යයි.
ඉහත දැක්වෙන ඡායාරූපයෙ නෙලුම් මල
රාමුවක ස්වර්ණමය ලක්ෂ්‍ය හත
වරින් වර යොදා කපන්න පුලුවන්.
පළමුව
රාමුව ස්වර්ණමය අනුපාතයට සමීප වන ලෙස
අනුමානයෙන් සිතා...
නෙලුම් මල ඔබට සිතෙන පරිදි
ස්වර්ණමය ලක්ෂ්‍යයට යොදා කපන්න.
ඉන් පසුව පහත දැක්වෙන ලින්ක් එකෙන්
http://www.mediafire.com/?c415daglc8jzc53
ස්වර්ණමය වක්‍රය බාගත කරගෙන
ඔබේ ක්‍රොප් එක මතට එය යොදා
වෙනස සසඳන්න.
වෙනස අවම වනතුරු පුහුණු වෙන්න..
මෙවැනි සරල පසුබිමක කිසිවක් තබා
ස්වර්ණමය රීතියට ඡායාරූප ගන්න..
ඔබේ ඡායාරූප මතට
ස්වර්ණමය වක්‍රය යොදා වෙනස සසඳන්න.
වෙනස අවම වනතුරු පුහුණු වෙන්න..
අභ්‍යාසයෙන් බැහැරව
වෙනත් ඡායාරූප ගන්නා විට
රීතියට වහල් නොවී නිදහසේ රාමුව සකසන්න.
==============================================================
- ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
- දෘෂ්‍ය කලා රීති
- රිද්ම සංකලන රීති සරලව....
- රිද්ම ලක්ෂණ - මහගම සේකර
- Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
- S වක්‍ර සම්පිණ්ඩණ රටා
- ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
- ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද?
- ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
- ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
- රීතිවලට යටත්වන්න එපා
- රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
- ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
- සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
- රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
- ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
- ඡායාරූප ඇල කිරීම හරිද?
- ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
- නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
- රීති බිඳින, අපූර්ව ඡායාරූප..
- රීතියද, ඡායාරූපයද?
- ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
- වර්ණ රටා මනසට බලපානවා.
- සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
- වර්ණ සිද්ධාන්ත
- වර්ණ රිද්ම සංකලන
- උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
- රතට රතේ රතු..
- ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
- සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..
- ආවරණය -වැදගත් රීතියක් - Clossure